අමාත්ය මණ්ඩල තීරණ - 2026.02.09







අද(17) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියාය.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, වෘත්තීය ගරුත්වය සහ වෘත්තීමයභාවය ආරක්ෂා කර ගැනීම සහ අයිතිවාසිකම් කඩ වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටිම සඳහා නිසි ආයතනයක් පිහිටු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය ඒ සඳහා වරලත් මාධ්‍ය ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද පැවසුවාය. එම වරලත් ආයතනය ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයිද ඇය පැවසුවාය.
මෙම ආයතනය පිහිටුවීමෙන් පසු නිසි ගරුත්වයෙන් යුතුව තම වෘත්තිය කටයුතු සිදුකරගෙන යාමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබෙන බවද පැවසුවාය.
මාධ්‍යවේදීන් වෙනුවෙන් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන මෙම වසරේදීත් ක්‍රියාත්මක කරන බවත් , මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය රක්ෂණාවරයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයිද ඇය සඳහන් කළාය.
විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා කිසිදු සමාජ ආරක්ෂණ වැඩසටහනක් නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය , ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවද පැවසුවාය.
තවද ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවල සේවකයින්ගේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල්වරයාගේ අත්සනින් ලිපියක්ද නිකුත් කර ඇතැයිද කීවාය.
ජනමාධ්‍ය ක්ෂේත්‍රය, කර්මාන්තයක් ලෙස සංවර්ධනය වී නොමැතිවීම ගැටලුවක් බවත් මෙම ක්ෂේත්‍රය කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරිය
ජනමාධ්‍යවේදීන්ගේ සුබසිද්ධිය උදෙසා වත්මන් ආණ්ඩුව නිරන්තරයෙන්ම කටයුතු කරන බව ද අවධාරණය කළාය.
රුපියල් කෝටි 59කට ආසන්න වටිනාකමකින් නව ලොරි රථ 10ක් සහ කෘව් කැබ් 20ක් ශ්‍රී ලංකා තැපැල් ප්‍රවාහන ජාලයට අද එක් කෙරිණි.
තැපැල් ප්‍රවාහන සේවාව තවත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී මෙම වැඩසටහන පැවැත්වුණි.
එමෙන් ම තැපැල්කරු මහතුන්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදාදීමේ නියමු ව්‍යාපෘතිය ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.
2025 අයවැය ප්‍රතිපාදන යටතේ ලබාදෙන මෙම නව වාහන COD, SLP Courier ඇතුළු සියලු තැපැල් භාණ්ඩ දිවයින පුරා වේගවත් හා විශ්වාසනීය ලෙස බෙදා හැරීමට යොදාගැනේ.
මෙය නවීන, කාර්යක්ෂම හා ජනතාවට සමීප තැපැල් සේවාවක් උදෙසා ගනු ලැබූ ශක්තිමත් පියවරක් ලෙස හැඳින්විය හැකි ය.
අමාත්ය මණ්ඩල තීරණ - 2026.02.09







අපහාසාත්මක, අසත්‍ය ප්‍රකාශ කිරීම සහ එම ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට සහ පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට එරෙහිව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.
සිය නීතිඥවරයා මඟින් ඇමැතිවරයා මෙසේ එන්තරවාසි යොමු කර තිබෙන අතර, එහි සඳහන් ව ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේ දී මිලියන 1ක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට හැඟවෙන සහ ඒත්තු යන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.
2026-02-06 හෝ ඒ ආසන්න දිනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අය විසින් විදත්, මුද්‍රිත සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍ය කැඳවා පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී මේ බව පවසා ඇති බවත්, අදාළ පෞද්ගලික නාළිකාව විසින් 2026.02.07 වැනි දින ප.ව.6.50ට විකාශය වූ ප්‍රවෘත්ති විකාශයේ Story of the Day නමින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස උක්ත ප්‍රකාශයට හැඳින්වීමක් ද දී ප්‍රචාරය කර ඇතැයි ද එහි දැක්වේ.
විමල් වීරවංශ යන අය විසින් සිදු කළ මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම්විරහිත ප්‍රකාශයක් වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කීර්තිනාමය හා මහජන විශ්වාසයට ද්වේෂසහගත ලෙස හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පැහැදිලිව පෙනී යන බව ද එහි දැක්වේ.
මෙය ප්‍රචාරය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමසීමක් හෝ ඇමැතිවරයාගෙන් කර නැතැයි එහි දැක්වෙන අතර, මේ වන විටත් අන්තර්ජාලයේ සහ සමාජ මධ්‍ය අවකාශ මේ ප්‍රකාශ උඩුගත කර ඇතැයි ද එහි සඳහන් කර ඇත.
ඒ අනුව ඉහත කී අපහාසාත්මක ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්තිනාමයට සිදු කර ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියනය බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංශ යන අය සහ Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආයතන වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නීතිඥවරයා මඟින් දැනුම් දී ඇත. නොඑසේ නම් ඉදිරි නීතිමය කටයුතුවලට එළැඹෙන බව ද මෙහිදී දැනුම් දී තිබේ.
තැපැල් ගාස්තු අද (09) සිට සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.ඒ අනුව අවම තැපැල් ගාස්තුව රුපියල් 70ක් දක්වා සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර, මේ නව මිල ගණන් අද දිනයේ සිට ක්රියාත්මක බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්. සත්කුමාර මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර පන්තිය ග්‍රෑම් 20 සිට 30 ලෙස සංශෝධනය කර ඇති අතර, පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම මිල ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 ලෙස ද සංශෝධනය කර ඇත.
හැත්තෑ අට වැනි (78) ජාතික නිදහස් දින සැමරුම ඊයේ (04) නිදහස් චතුරස්රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්විණි. අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිවරයා ජාතික ධජය එසවූ අයුරු. උපාලි කරුණාරත්න
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නව පරිවර්තනීය යුගයක් කරා වත්මන් ආණ්ඩුව රට මෙහෙය වන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 78 වැනි නිදහස් දින සැමරුම් උලෙළට ඊයේ (04) එක්වෙමිනි.
“අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමඟ උරින් උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය. බෙදීම වෙනුවට සමඟිය පෙරදැරි කරගත් නව මානව සම්පතක් අප නිර්මාණය කළ යුතුයි.
එහිදී කලාව, සාහිත්‍ය, ඉතිහාසය මෙන්ම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේදී අතිශය වැදගත්. අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනැඟීමට දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව සම්පතක් අප නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්. පැරණි අගතීන් මොනතරම් ප්‍රමාණයට එම නව මිනිසා ගොඩනැඟීමට දරන ප්‍රයත්නයට බාධා කරන්නේ නම්, ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරය ඉටුකිරීමට අප සූදානම්. එයට මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවාÓ යැයි ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
‘ගොඩනඟමු ශ්‍රී ලංකා‘ තේමාවෙන් මෙවර නිදහස් දින ජාතික උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී අභිමානවත්ව පැවැත්විණි.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ යටත්විජිත පාලනයෙන් පසු ලබා ගත් නිදහස සහ ඒ වෙනුවෙන් රුධිරය, කඳුළු, දහඩිය පූජා කළ වීරයන්ගේ අභිමතාර්ථ ඉටු කිරීම වත්මන් පරම්පරාවේ වගකීම බවයි.
ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ කුලුනු පහ ගැන අවධාරණය කරමින් එහි පළමුවැන්න දැනුමෙන් සන්නද්ධ මානව සම්පත බව කී ජනාධිපතිවරයා, රටේ ප්‍රධානම ශක්තිය වන්නේ මානව සම්පත බව ද කීවේය. එය ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමඟ උරෙන් උර ගැටිය හැකි මට්ටමට දියුණු කළ යුතු බව ද අවධාරණය කර සිටියේය. පැරණි අගතීන් වෙනුවට දැනුම, සහකම්පනය සහ නූතන තාක්ෂණය ඒකාබද්ධ වූ නව මානව සම්පතක් නිර්මාණය කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනීය යුගයක් ආරම්භ කරන බව ජනාධිපතිවරයා පැවසීය.
දෙවැනි කුලුන ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා ජාතික සමගිය ගැන කරුණු පැහැදිලි කළේය. බෙදීම සහ ජාතිවාදය ශක්තිය දුබල කරන බැවින්, ජාතිවාදය සහ අන්තවාදය ශ්රී ලංකාවේ ශබ්දකෝෂයෙන් බැහැර කළ යුතු අවලස්සනම වචන ලෙස ඔහු හඳුන්වා දුන්නේය. විවිධ ආගම්, භාෂා සහ සංස්කෘතීන්වල අනන්‍යතාවන්ට ගරු කරමින්, ‘ශ්රී ලාංකේය ජාතිය’ ලෙස සියලු දෙනා ඒකරාශී කිරීම රට ගොඩනැඟීමේ ප්‍රධානම ශක්තිය බව යැයිද හෙතෙම අවධාරණය කළේය. තෙවැනි කුලුන යටතේ නීතියේ ආධිපත්‍යය ගැන කරුණු කියමින් ජනාධිපතිවරයා පැවසුවේ සෑම පුරවැසියකුම නීතිය ඉදිරියේ සමාන විය යුතු බවයි. නීතිය සහ විධානය පිළිබඳ මහජන විශ්වාසය යළි තහවුරු කළ යුතු බව ද කීවේය. නීතිය බිඳ දමන ලද පිරිස් ඊට බිය වුව ද, නිවැරදි පුද්ගලයන් සැමවිටම නීතියේ ආධිපත්‍යය අපේක්ෂා කරන බවත්, නව ශ්‍රී ලංකාව තුළ යුක්තිය සහ සාධාරණත්වය ඉහළින්ම සුරකින බවත් ජනාධිපතිවරයා පැවසීය.
සිවුවෙනුව පාරිසරික සුරක්ෂිතතාව පිළිබඳව කතා කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ සංවර්ධනය යනු පරිසරය විනාශ කිරීම නොවන බවයි. විශේෂයෙන්ම රටේ ජීවය බඳු මධ්‍යම කඳුකරය සහ ගංගා පද්ධතිය ආරක්ෂා කිරීම අත්යවශ්ය බවත් ජනාධිපතිවරයා පැවසීය. අනාගත පරම්පරාව වෙනුවෙන් ගහකොළ සහ සෞන්දර්යය සුරක්ෂිත කර දීම ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළේ ප්රමුඛ කාර්යයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
පස්වැනි කුලුන ලෙස ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳවද අදහස් පළ කළ ජනාධිපතිවරයා ගෝලීය බල අරගල හමුවේ අපක්ෂපාතීව කටයුතු කරමින්, මාතෘභූමියට වැඩිම ජයග්‍රහණ සහ ආරක්ෂාව ගෙන දෙන ගෞරවනීය රාජ්ය සබඳතා ගොඩනඟාගත යුතු බව පැවසුවේය. ශ්රී ලංකාව ජාත්‍යන්තරය තුළ ශ්‍රේෂ්ඨ සහ ගෞරවනීය රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම රජයේ අපේක්ෂාව බවද කීවේය.
2025 වසර ආර්ථික වශයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. අඩුම අය-වැය හිඟය සහ වැඩිම ආදායම් බදු ආදායම වැනි සාධක මඟින් එය තහවුරු වන බවත් මෙම ආර්ථික ජයග්‍රහණ සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා නොවී, ගමේ පහළම පුරවැසියාගේ ජීවිතය උසස් කිරීමට සහ ඔවුන්ගේ මානසික නිදහස තහවුරු කිරීමට යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
“ගොඩනඟමු ශ්‍රී ලංකා” අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු, යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 78 වන ජාතික නිදහස් දින උලෙළ අමතමින් අද (04) සදහන් කළේය.
යළි ගොඩනැඟෙන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ආර්ථිකයේ පහළම ජන කණ්ඩායම දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යාමට සැලැස්වීම බවත් “ගොඩනඟමු ශ්‍රී ලංකා ”යන තේමාවට පණ ලැබෙන්නේ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීමෙන් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
78 වන ජාතික නිදහස් දින උලෙළ අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව –
අද අප විසින් සමරනු ලබන්නේ 78 වන ජාතික නිදහස් දිනයයි. අවුරුදු 133ක් ඉතා කුරිරු පීඩාකාරී කොල්ලකරුවන්ගේ යටත් විජිත පාලනයෙන් 1948 වසරේදී අපි නිදහස ලැබුවා. ඒ වගේම සියවස් ගණනක් පුරා යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ කදුළු දහදිය මෙම මාතෘභූමිය වෙනුවෙන් පූජා කළා. එදා ඒ අපේ මුතුන් මිත්තන්ගේ ධෛර්ය සම්පන්න විශ්වාසනීය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේම වූ ජනතා පරමාධිපත්‍යයක හිමිකාරිත්වය හිමි වුණා. 1948 වසර යනු අනේකවිධ කැපකිරීම් කරන ලද අපේ විරුවන්ගේ, අපේ මුතුන් මිත්තන්ගේ ජයග්‍රහණයේ සහ වීරත්වයේ සංකේතාත්මක වසරයි.
විශේෂයෙන්ම, අපි කවුරුත් දන්නවා අපි ජීවිතයේ විවිධ අවධිවලට මුහුණ දෙනවා. බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරමින් අරගලවල නිරත වෙනවා. එය දුලබ දෙයක් නොවෙයි. එහෙත් යමෙක් මාතෘ භූමිය වෙනුවෙන්, ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම්, ඔවුන් සැබැවින්ම වීරෝධාර විරුවන් බවට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන් යෙදෙන්නේ ඉතාමත් උත්තුංග ක්‍රියාදාමයක.
අද අපි දෙපය තබා සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය සහ අනාගතය වෙනුවෙන් සටන් වැදුණු අපේ මුතුන් මිත්තන්, සහෝදර සහෝදරියන්ගේ ලේ, කදුළු දහදියවලින් තෙත් වී තිබෙනවා. එම සියලු දෙනා හැමදාමත් අපේ හදවත්වල වීරත්වයේ ඉහළින්ම සිටිනවා. ඒ නිසා විශේෂයෙන් අද දිනයේ අපේ මව්බිමේ නිදහස සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු සියලු වීරවරයන්, වීරවරියන් වෙනුවෙන් අපේ උත්තමාචාරය සහ ගෞරවය පුද කළ යුතුයි.
අපි නිදහසින් පසුව 78 වසරක් ගමන් කර තිබෙනවා. එහෙත් මා හිතනවා අපේ නිදහසේ ඉතාමත් වැදගත් කාර්යභාරය වන්නේ සහ නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ අපිට ආර්ථික වශයෙන් මොනතරම් ප්‍රමාණයකින් නිදහසක් උදා කර ගත හැකිද යන සාධකය මතයි. මා හිතනවා අපිට නිදහසේ පරිපූර්ණත්වය සඳහා වූ සටනක් සහ අරගලයක් තිබෙනවා. ඒ සටන සහ අරගලය තිබෙන්නේ ඔබ අප සහ මා තුළමයි කියා මම විශ්වාස කරනවා.
විශේෂයෙන් මෙවර නිදහස් දිනයේ අපේ ප්‍රධාන තේමා පාඨය වූයේ “ගොඩනඟමු ශ්‍රී ලංකා” යන්නයි. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය සහ නිදහස යන ප්‍රතිමූර්තින් මත යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. එම යළි ගොඩනැඟීමේදී අපේ සාරය බවට පත් කර ගත යුත්තේ කුමක්ද? අපි ඉතා පෞඪ ඉතිහාසයකට හිමිකම් කියනවා. අපේ ආදි මුතුන් මිත්තන් එම යුගයට ගැළපෙන ආකාරයට ඉතාමත් ඉහළ තාක්ෂණ දැනුමකින් හෙබි බව අපේ ඉතිහාසය පෙන්වා දෙනවා. අපි මහා පෞඪත්වයකට, ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්.
ඒ වගේම මෑත ඉතිහාසයේ අපි බැහැර කළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම අත්පත් කරගත් සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ මාවත වන්නේ අපේ මාතෘභූමිය සමඟ තිබෙන ඓන්ද්‍රීය සබඳතායි. අපේ ජාතිය ගොඩනැගීමේදී නිදහස විසින් එක් කරනු ලැබ තිබෙන මහා සාරය මේ මහපොළව මත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මාවතක ආර්ථිකය ගොඩනැඟීමයි. එය හුදු මාතෘ භූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවෙයි. අපේ මාතෘ භූමියේ, අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි.
නිදහසින් පසු, ගෙවණු 78 වසර තුළ ලබාගත් ජය සහ පරාජයන් තිබෙනවා. හොඳ වගේම නරක තිබෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිළෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත්ම හොඳ දේ උකහා ගැනීමට බිය වන්නේද නැහැ. ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප ඔබ සතුව තිබෙන බව මම විශ්වාස කරනවා.
අපි පළමුවෙන්ම අපේ ශක්‍යතා සහ හැකියා පෙළගස්වා ගතහොත් අපිට තිබෙන ප්‍රධානම ශක්තිය කුමක්ද? අපි මහා සමුද්‍රීය කලාපයකට හිමිකම් කියන බව කිව හැකියි. ඒ වගේම ඉතාමත් හොද දේශපාලන කලාපයක පිහිටා තිබෙන බව සහ අපි රටක් ලෙස ස්වාභාවික සම්පත්වලින් අනූන බව කිව හැකියි. එහෙත් අප විශ්වාස කරනවා ඒ සියල්ලටම වඩා මහානර්ඝ සම්පත වන්නේ අපේ රටේ මානව සම්පතයි. ඒ නිසා අපේ රට ගොඩනැඟීම සඳහා තිර අධිෂ්ඨානයකට අපි එනවා නම්, අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමග උරින් උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ වූ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතීන්, බෙදීම වෙනුවට සමගිය පෙරදැරි කර ගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි.
විශේෂයෙන්ම කලාව, සාහිත්‍යය, ඉතිහාසය වගේම නව තාක්ෂණය මේ මානව සම්පත දියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් උසුළන බව අපි කවුරුත් දන්නවා. එසේ නම් දැනුමෙන්, සහකම්පනයෙන් සහ නූතන තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමෙන් අනූන මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එය නිර්මාණය කිරීමට නම් අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගය ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්. පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයක් එම නව මිනිසෙක් ගොඩනැඟීම සඳහා වන ප්‍රයත්නයට බාධා කරනවාද ඒ සියල්ලට එරෙහිව නව දැනුම, නව තාක්ෂණය නව මානවයා නිර්මාණය කිරීමට අවශ්‍ය පරිවර්තනීය කාර්යභාරය ඉටු කිරීමට අපි සූදානම්. ඒ සඳහා මේ රටේ ජනතාවගේ සහාය ලැබෙන බව මම විශ්වාස කරනවා.
ඒ වගේම, අපි සතුව තිබෙන මේ මානව සම්පතේ ශක්තිය රැඳි පවතින්නේ සමගිය මතයි. අපි බෙදුණොත් අපේ ශක්තීන් දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය,ක්‍රෝධය, ගැටුම නිර්මාණය වුවහොත් අපේ ප්‍රධාන ශක්තිය දුබල වෙනවා. ශ්‍රී ලංකාව ආගම් කිහිපයක් අදහන ජනතාවක් සිටින රටක්. තමන්ට අනන්‍ය වූ සංස්කෘතින් කිහිපයකින් හෙබි ජනතාවක්. විශ්වාස, සංස්කෘතින්, ඇදහීම්වල වෙනස්කම් තිබෙනවා. මෙම වෙනස්කම් ගැටුම වෙනුවෙන් උපයෝගී කර ගත හැකියි. මේ වෙනස්කම් අපිට අනෙකාට එරෙහිව අවියක් ලෙස ඔසවා තැබිය හැකියි. හැබැයි, එය අපේ ශක්තීන් දුබල කර ගැනීමක්. ඒ නිසා අපේ පරමාර්ථය වන්නේ මේ වෙනස්කම්වලට ගරු කරමින් සියලු ජන කණ්ඩායම්වල අනන්‍යතාව පිළිගනිමින්,එහෙත් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි අපේක්ෂා කරන නව පරිවර්තනීය යුගය ගොඩනැඟීමයි.
අපේ ශබ්දකෝෂයේ තිබෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය සහ අන්තවාදය. ඒ නිසා, අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය නිසා සිදු විය හැක්කේ අපි සතුව තිබෙන ශක්තීන් අපම ස්වයංව විනාශ කර ගැනීමයි. ඒ නිසා අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොතබන බවත්, අපේ රටේ ජාතික සමගිය අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තිය ලෙස ගොඩනඟන බවත් මේ රටේ ජනතාවට මම ප්‍රකාශ කරන්න කැමතියි.
ශක්තිමත් මානව සම්පතක් ගොඩනැඟීම, සමගිය නිර්මාණය කර ගැනීම වගේම, ඒ සියලුදෙනාට නීතියේ විධානයේ ආධිපත්‍යය සමානාත්මතාවෙන් යුතුව සාධාරණව ඉටු කර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. අපි නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතුයි. ඒ වගේම සෑම දෙනාම නීතිය යන රේඛාවට යටින් සිටිය යුතුයි. පොදු පුරවැසියා තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය පිළිබඳව විශ්වාසය තහවුරු කළ යුතුයි. සෑම නිවැරදි පුද්ගලයෙක්ම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේක්ෂා කරන බව අපි දන්නවා. එහෙත් නීතියේ විධානයේ ආධිපත්‍යය නොසලකා හරින, බිඳ දමන ලද අයවලුන් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වෙනවාට බිය බවත් අපි දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේදී ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ කියන තේමාවට පණ ලැබෙන්නේ අපි අපේ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීමෙන් බව අපි විශ්වාස කරනවා.
ඒ වගේම, අපේ රට ගොඩනැඟීමේදී වර්තමානයේ ජිවත් වන අපේ පරම්පරාව වෙනුවෙන් සහ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අවශ්‍ය රාජ්‍යය අපි ගොඩනැඟිය යුතුයි. අපි මෑත කාලයේ අත්විදි සුළි කුණාටුව දෙස බලන්න. නාය යාම් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. විශේෂයෙන් අපේ රටේ පැවැත්මේ ප්‍රධාන සාධකය මධ්‍යම කඳුකරය. මධ්‍යම කඳුකරය රූරා ගලා හැළෙන ගංගා පද්ධති තමයි මේ මධ්‍යම කඳුකරයට ජීවය කැටුව එන්නේ. මධ්‍යම කඳුකරය වෙත වැටෙන මහා වර්ෂාපතනය මේ මාතෘභුමියට අවශ්‍ය සෞභාග්‍යය ගෙනැවිත් දෙනවා. එහෙත් අපි අපේ ජීවිත කාලය තුළම අත්දකිමින් සිටිනවා මධ්‍යම කඳුකරයට ඇති වී තිබෙන විනාශයේ බරපතළ බව.
සියලු ස්වභාවික සම්පත්, සියලු පරිසර පද්ධති, සතා සිව්පාවන් මුළුමනින්ම විනාශ කරමින් සහ තර්ජනයට ලක් කරමින් ගොඩනැඟෙන ශ්‍රී ලංකාවෙන් ඇති ඵලය කුමක්ද? අපි අපේක්ෂා කරන්නේ පාරිසරික පද්ධතිය ඉතා හොඳින් ශක්තිමත් කෙරෙන සහ අපි ඉපදෙන විට තිබූ ගහකොළ සතා සිව්පාවා සහ සෞන්දර්ය, ඒ වගේම හෝ ඊටත් වඩා වැඩියෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර දීමයි. එය ගොඩනඟමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළෙහි ප්‍රධාන කාර්යභාරයක් විය යුතුයි. ඒ නිසා පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශ කරමින් යන සංවර්ධන මාවතක් අපි අපේක්ෂා කරන්නේ නැහැ. එහි භයානක ප්‍රතිවිපාකවලට මෑතකාලීනව මුහුණ දුන් ජාතියක් ලෙස අපි ඒ ගැන විශාල වශයෙන් කල්පනා කළ යුතුයි.
ඒ වගේම, අපේ රට ගොඩනැඟීමේදී අපිට ඉතා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍යයි. අපි දන්නවා ලෝකය වෙළෙඳපොළ පිළිබඳ තරගයක සහ බෙදීමක සිටිනවා. ලෝකයේ එක් එක් රාජ්‍යයන් තමන්ගේ බලය, දෘෂ්ටීන්, ආධිපත්‍යය පැතිර වීම සඳහා වූ ගැටුමක් තිබෙනවා. දැන් ලෝකය සැලකිය යුතු ප්‍රමාණයකින් ගැටුම්වලින් සමන්විත සහ නිරන්තරයෙන් සිදුවීම් නිර්මාණය කරන ලෝකයක් බවට පත් වී තිබෙනවා. අපේ මාතෘ භූමියට වඩවඩා ජයග්‍රහණ ගෙන දෙන, අපේ මාතෘ භූමියේ ආරක්ෂාව වඩාත් තහවුරු කරන, අපේ රටේ ජනතාවගේ ජීවිත වඩාත් උසස් කෙරෙන නව මානයකින් වූ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම අපේ අපේක්ෂාවයි. අපේ රට යළි ජාත්‍යන්තරය තුළ ඉතාමත් ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම අප මේ යන මාවතේ වැදගත් සාධකයක්. මම හිතනවා මේ කුලුනු මත තමයි අපේ රාජ්‍යය ගොඩනැඟිය හැකි වන්නේ.
නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධතිය විනාශ වූ තැනක සහ සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බීජය, ගොඩනඟමු යන තේමාව යටතේ යථාර්ථයක් කළ නොහැකියි. ඒ නිසා අපේ අධිෂ්ඨානය විය යුත්තේ අපේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන කුලුනු සහ පදනම් නිර්මාණය කිරීමයි. එය අපි කරමින් තිබෙනවා. එම කුලුනු මත ශක්තිමත් සහ නොසැලෙන ආර්ථිකයක් අපි ගොඩනැඟිය යුතුයි.
2025 වසර වැදගත් ආර්ථික සාධක සියල්ලකින්ම පාහේ ඉහළ ප්‍රගතියක් ලැබූ වසරක්. 1977න් පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2026 වසරින් පසු වැඩිම ආදායම ඉපැයීම, ලංකා ඉතිහාසයේ ජංගම ගිනුමේ වැඩිම අතිරික්තය, ඉතිහාසයේම ආදායම බදු දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ඉපැයූ වසර, බැංකු පොලී අනුපාතය දිගුකාලයක් තනි ඉලක්කමේ පවත්වා ගැනීම, ඒ වගේම ආර්ථික සාධකවල ඉතා ජයග්‍රාහී ස්ථාවරත්වයක් පෙන්නුම් කරමින් තිබෙනවා. හැබැයි, ආර්ථිකයක් රඳා පවතින්නේ ධනාත්මක දත්ත මත පමණක් නොවෙයි. අපි ආර්ථික වශයෙන් අත්පත් කර ගන්නා ජයග්‍රහණ පතුලේම සිටින ජනතාව වෙත ගලා යා යුතුයි. ජනතාවගේ ජීවිත උසස් වන්නේ නැති නම් ජනතාවගේ ජිවිත පහසු කරන්නේ නැති නම් ජනතාවට මානසික නිදහස සහිත ජිවිතයක් උරුම කර දීමට ආර්ථික සාධක සමත් වන්නේ නැති නම් එම ආර්ථිකය සංඛ්‍යා දත්ත මත පමණක් පිනුම් ගහන ආර්ථිකයක් බවට පත් වෙනවා. ඒ නිසා ආර්ථිකයේ ප්‍රධානතම ජයග්‍රාහී හැරවුම වන්නේ අපි ආර්ථිකයේ ඉහළ තලයේ උපයා ගන්නා ශක්‍යතා සහ ජයග්‍රහණ ගමේ පහළම පුරවැසියාගේ ජිවිතය උසස් කිරීමට යෙදවීමයි. ඒ නිසා යළි ගොඩනැඟෙන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ආර්ථිකයේ පහළම ජන කණ්ඩායම දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමයි.
ඒ වගේම නිදහස, පූර්ණ නිදහසක් බවට පරිවර්තනය වන්නේ අපි මොන තරම් ප්‍රමාණයකට ආර්ථික වශයෙන් ශක්තිමත්ද යන සාධකය මතයි. ආර්ථික දායකත්වය කාර්යයන් දෙකකින් වැදගත්. එක් පසෙකින් ජනතාවගේ ජිවිතය උසස් කිරීමට මෙන්ම අපේ රටේ ස්වෛරීභාවයේ සහ ස්වාධීනත්වයේ බලය තහවුරු කර ගැනීමට එය වැදගත් වෙනවා. එසේ නම් ඒ සඳහා අවශ්‍ය නව ආර්ථික දැක්මකින් යුතුව අපේ රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතුයි. ඒ සඳහා මේ වන විටත් අපේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, රාජ්‍ය සේවය සහ ජනතාව සමග පුළුල් සංවාදයක අප නිරතව සිටිනවා.
මේ රට ගොඩනැඟීම අපේ ප්‍රධානම සම්පත වන මානව සම්පත විසින් දෙවුර මත පවරා ගනු ලැබිය යුතු කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාව සහ වැඩසටහන අපි දියත් කර තිබෙනවා. ඒ නිසා අපේ පැරණි ඓතිහාසික උරුමයන්, අත්දැකීම්,මේ සියල්ල කැටි කර මේ ශ්‍රී ලංකාව ගොඩනැඟිය හැකියි. මේ 78 වන නිදහස් දිනයේදී අපි අපේ හදවතට, අපි අපේ ඥානයට එකතු කළ යුතු වන්නේ මේ රට ගොඩනැඟීම පිළිබඳ තිර අධිෂ්ඨානයයි. ඒ නිසා ජනාධිපතිවරයා ලෙස මාද, අපේ කැබිනට් මණ්ඩලයද, විපක්ෂනායකතුමා, රාජ්‍ය සේවය, මහා සංඝරත්නය, ආගමික සංස්ථාවන් අපි සියලුදෙනාද මේ රට සෑම අතින්ම ගොඩනංවමු කියා තිර අධිෂ්ඨානයකට එමු.
අප්‍රිකානු ආප්තෝපදේශයක් තිබෙනවා “ඔබට වේගයෙන් යන්න අවශ්‍ය නම් තනිවම යන්න. හැබැයි, ඔබට වැඩිදුරටත් යාමට අවශ්‍ය නම් එකට යන්න” කියලා. අපිට අවශ්‍ය වී තිබෙන්නේ සෑම ක්ෂේත්‍රයකින්ම වැඩි දුරක් යාමටයි. ආර්ථිකයේ වැඩිදුරක් යා යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍යය වැඩිදුරටත් තහවුරු කළ යුතුයි. අපේ පරිසර පද්ධතිය වැඩිදුරටත් ආරක්ෂා කළ යුතුයි. එසේ නම් ඒ ගමන යා යුතු වන්නේ තනිව නොවේ. තනිව වේගයෙන් යා හැකි වුවත් අපිට අවශ්‍ය වැඩිදුරක් යාමයි. ඒ වැඩිදුර යාම සඳහා අපි එකට යමු කියා ආරාධනා කරමින් මා නතර වෙනවා.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්, මැති ඇමතිවරුන්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.
“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මේ වන විට සහභාගී වී සිටිය
අද උදෑසන 7.50ට පමණ අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන මහතා නිදහස් චතුරස්‍රය වෙත පැමිණියේය.
මේ අතර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද උත්සව පරිශ්‍රය වෙත පැමිණ තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව පිළිගනු ලැබීය.
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රදානය කර ඇත.
ඒ අනුව මෙම විශේෂ ජනාධිපති සමාව සඳහා රැදවියන් 49 දෙනෙකු 2026.02.04 වන දින නිදහස් වීමට සුදුසුකම් ලබා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී ගජනායක මහතා පැවසීය.
ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ ජනාධිපති සමාව සිරකරුවන් හට ප්‍රදානය කර ඇත.
• බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම.
• රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් මිලියන 15.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (02) පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) කසුන් ජයසූරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වෙළඳ) චානක දොඩංගොඩගේ යන මහත්වරුද එක්වූහ.
78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ආයතනවල, නිවෙස්වල සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස ද කීවේය.
“සියලුම රාජ්ය ගොඩනැඟිලිවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු බවට උපදෙස් දී තිබෙනවා. 78 වැනි නිදහස් සැමරුම ආරම්භ කරමින් අද (02) රාත්‍රියේ නිදහස් මන්දිරයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙනවා. එය බුද්ධශාසන අමාත්යාංශය විසින් සංවිධාන කරනවා. 04 වැනිදා පෙරවරුවේ ප්රධාන උත්සවය නිදහස් චතුරස්රයේදී පැවැත්වෙනවා. මෙහිදී ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි. නිදහස් උත්සවය කොළඹට පමණක් සීමා නොවී පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ද සංවිධාන කර තිබෙනවා.”

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05
011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498
secretary@media.gov.lk