නපු­රට එරෙ­හිව යහ­පත,නොදැ­නු­ව­ත්ක­මට එරෙ­හිව නව බුද්ධි ප්‍රබෝ­ධ­යක් ස්ථාපිත වූ දිනය වශ­යෙන් හින්දු ජන­තාව උත්ස­ව­ශ්‍රී­යෙන් මේ උත්ස­වය සම­රන බව මූලා­ශ්‍ර­වල සඳ­හන් වන බව  දීපා­වලී දිනය වෙනු­වෙන් සුබ පැතුම් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් ඇමැති  විජිත හේරත් මහතා පව­සයි.

ආධ්‍යා­ත්මික අන්ධ­කා­ර­යට එරෙ­හිව ආලෝ­කයේ ජය­ග්‍ර­හ­ණය,අය­හ­ප­තට එරෙ­හිව යහ­පත අසා­ධා­ර­ණ­යට එරෙහි සාධා­ර­ණ­ත්වය ඇති කළ දිනය සැම­රීම දීපා­වලී දිනයේ තේමාව බව ඇමැ­ති­ව­රයා නිකුත් කළ නිවේ­ද­නයේ සඳ­හන් වේ.

එම නිවේ­ද­නයේ මෙසේ ද සඳ­හන් වේ.

හින්දු සහෝ­දර සහෝ­ද­රි­යන් දීපා­වලී උත්ස­වය සම­රනු ලබන්නේ තිරු­මාල්,තිරුමා සමඟ නර­කා­සු­රන් නමැති මාරා­න්තික යක්ෂයා පරා­ජය කළ දිනය සැම­රීම සඳහා වේ.

‘පොහො­සත් රටක්- ලස්සන ජීවි­ත­යක්’තේමා කර­ගත් නව පුන­ර්ජී­ව­න­යක් කරා පිය­න­ඟන දැයක් නිර්මා­ණය කිරීමේ විශිෂ්ට මෙහෙ­වරේ දී දීපා­වලී ඉහත
සඳ­හන් තේමා­වට හිමි­වන්නේ සුවි­ශේෂී ස්ථාන­යක් බව ද මෙහිලා සතු­ටින් සඳ­හන් කරමි.