නවතම පුවත්

කලාව, සංස්කෘ­තිය, දේශ­පා­ල­නය, ආර්ථි­කය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ගැන විද්වත්, සාර­ගර්භ ලිපි­ව­ලින් සුසැදි දෙස­තිය සඟ­රාව යළි ආරම්භ කිරීම කාලෝ­චිත ක්‍රියා­වක් බව ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති නීතිඥ කෞශ­ල්‍යා ආරි­ය­රත්න මහ­ත්මිය පැව­සු­වාය.

මෙවැනි කාල වක­වා­නු­වක මෙම සඟ­රාව නැවත එළි­දැ­ක්වීම අභි­යෝ­ග­යක් බවත් එම අභි­යෝ­ග­යට නොබි­යව මුහුණ දී සිටින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ගැන සතු­ටට පත් වන බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැව­සුවේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ප්‍රකා­ශ­යට පත් කරන දෙස­තිය පුවත් සඟ­රාව නව මුහු­ණු­ව­ර­කින් “සුහුරු අතට දෙස­තිය” තේමා­වෙන් එළි­දැ­ක්වීමේ උත්ස­ව­යට එක්වෙ­මිනි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා වෙත සහ ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති නීතිඥ කෞශ­ල්‍යා ආරි­ය­රත්න මහ­ත්මිය වෙත දෙස­තිය සඟ­රාව පිළි­ගැ­න්වීම ද මෙහිදී සිදු­කෙ­රිණ.

www.desathiya.lk, දෙස­තිය ඇප් එක මඟින් ද මෙම සඟ­රාව පරි­ශී­ල­නය කළ හැකිය.

එහිදී නියෝජ්‍ය ඇමැ­ති­ව­රිය මෙසේද පැව­සු­වාය.

අපේ තාත්තා නිතර ගෙනා සඟ­රා­ව­ලින් එකක් තමයි දෙස­තිය සඟ­රාව. සිව්දෙස සඟ­රා­වත් ගෙනාවා. දෙස­තිය සමඟ ආත්මීය බැඳී­ම­කුත් මට තිබෙ­නවා. අපේ කිය­වීමේ රටා­වන්, ජීවන රටා­වන් වෙනස් වීමත් සමඟ අපේ කිය­වීමේ පුරුදු වෙනස් වුණා. ඩිජි­ටල් ලෝකය තුළ අපේ කිය­වීමේ පුරුද්ද ඈත්වෙලා තිබෙ­නවා. කියෙව්වා වුණත් කිය­වන්නේ ඩිජි­ටල් තිරය මඟින්. ඒ කොහොම වුණත් සඟ­රා­වක් අතට ගත් විට එහි සුවඳ බල­න්නට අපි පුරුදු වෙලා තිබෙ­නවා. කඩ­දා­සි­යත් සමඟ අපේ ජීවිත බැඳිලා තිබෙ­නවා. අලුත් පර­ම්ප­රාවේ අයට නම් ඒක කොහො­මද කියලා මම දන්නේ නැහැ. ශාස්ත්‍රීය ලේඛන කොත­රම් බාගත කර­ගෙන ඩිජි­ටල් තිරයේ කිය­වීම සිදු කළත් පොතක් කිය­ව­නවා වගේ දැනී­මක් නැහැ. අලුත් ජෙන් සී පර­ම්ප­රා­වට නම් එහෙම වෙන­වාද කියලා දන්නේ නැහැ. පොතක් සහ ඩිජි­ටල් තිරයේ කිය­වීම අත්දැ­කීම් දෙකක්. දෙස­තිය සඟ­රාව නැවත එළි­ද­ක්ව­නවා කීවාම මම ඒ ගැන අධ්‍ය­ය­නය කළා. කලාව, සංස්කෘ­තිය, දේශ­පා­ල­නය, ආරා­ධිත ලිපි යනා­දිය මෙහි ඇතු­ළත් වෙනවා. මේක ලේසි­යෙන්ම වැහිලා යන්නට තිබූ සඟ­රා­වක්. වැහුණා කියලා ගැට­ලු­ව­කුත් නැහැ කාට­වත්. එහෙම වෙද්දිත් ප්‍රවෘත්ති අධ්‍ය­ක්ෂ­ව­රයා මෙහි වග­කීම කරට ගෙන නැවත එළි­දැ­ක්වී­මට ගත් නිර්භීත පිය­වර ගැන සතුටු වෙනවා. මේ කාලය වන විට පුවත් මාධ්‍ය අභි­යෝ­ග­යට ලක්ව තිබෙ­නවා. පුව­ත්පත් වැහෙ­මින් යනවා. පුව­ත්පත් ඩිජි­ටල් වෙනවා. ගෝලීය තත්ත්වය නිසා අපි දැන් ඩිජි­ටල් අව­කා­ශ­යට යනවා වැඩියි. විශේ­ෂ­යෙන්ම කොවිඩ් කාල­යෙන් පසුව පත්ත­ර­වල මිලත් වැඩි වුණා. ජන­මාධ්‍ය කලාව සහ සාහිත්‍ය කලාව අතර තිබෙන්නේ ඉතාම ළඟින් යන ආකා­ර­යක්. එනම් ජන­මාධ්‍ය වාර්තා­ක­ර­ණය සහ සාහිත්‍ය වාර්තා­ක­ර­ණය එකට යන ගති­යක් තිබෙ­නවා. ඒ දෙක මධ්‍යයේ තමයි මේ දෙස­තිය තිබෙන්නේ. ජන­මා­ධ්‍ය­වේ­දය කර්මා­න්ත­යක් කරන්නා සේම යහ­පත් මිනි­සෙක් බිහි කිරී­මත් රජ­යක් විදි­යට අපි භාර­ගෙන තිබෙ­නවා. අලුත් සංවාද මේ මහ පොළොවේ පැළ කර­න්නට දරන වෑයම සමඟ ජන­මාධ්‍ය කට­යුතු සංව­ර්ධ­න­යට අපි කට­යුතු කර­නවා. ඒ වෙනු­වෙන් මාධ්‍ය ප්‍රති­ප­ත්තිය හෙට හෝ අනිද්දා එළි­යට එයි. ජන­මා­ධ්‍ය­වේ­දීන් සඳහා වන වර­ලත් ආය­ත­නය කැබි­නට් අනු­මැ­ති­යට යොමු කර­නවා. සම්මාන උ‍ෙල­ළක් අපි කර­නවා. ඊට අලුත් මුහු­ණු­ව­රක් දිය යුතුයි. යහ­පත් සිතු­විලි ඇති උදාර සංස්කෘ­තික ජීවි­ත­යක් සැබෑ­වක් කර­න්නට අපි කට­යුතු කළ යුතුයි. ඒ සඳහා විශාල වැඩ කොට­සක් අපට තිබෙ­නවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා

පරි­ණා­ම­වා­දයේ තිබෙන සම­හර ඉගැ­න්වීම් මාධ්‍ය ක්ෂේත්‍ර­යට සහ අපගේ ජීවි­ත­ය­ටත්, රාජ්‍ය සේවා­ව­ටත් අදා­ළයි කියලා. සාමා­න්‍ය­යෙන් පරි­ණා­මයේ දී වර්ගයා බෝ කර­මින් සුර­ක්ෂිත වන්නට සහ ඉදිරි පර­පුර පවත්වා ගැනී­මට තෝරා ගන්නේ වෙනස් වන පරි­සර තත්ත්ව­යන්ට වඩාත් හොඳින් අනු­ව­ර්ත­නය විය හැකි ජීවීන්. උදා­හ­ර­ණ­යක් ජිරාෆ්ලා. පරි­ණා­මයේ දී බෙල්ල දිග ජිරා­ෆ්ලත් හිටියා. බෙල්ල එත­රම් දිග නැති ජිරා­ෆ්ලත් හිටියා. ආහාර ආදිය නොමැති කාල­යක තම පර­ම්ප­රාව ඉදි­රි­යට ගෙන යා හැකි බෙල්ල ජිරාෆ්ලා අව­සා­නයේ ඉතිරි වුණා. ඒ වගේ තමයි පුව­ත්ප­තත්. රාජ්‍ය සේවා­වත් එහෙ­මයි. අපේ කැප­වීම දක්වා සාර්ථ­ක­ත්වය සතුට කර ගත් රාජ්‍ය සේවා­වක් අවශ්‍ය වෙනවා. එවැනි දෙයක් තිබූ විට තමයි ලස්සන පොහො­සත් රටක් හැ‍ෙදන්නේ. 1978 වසරේ දෙස­තිය ආරම්භ කළා. ගිය වසරේ අපි වැඩ භාර ගන්නා විට 2008 සිට 2024 දක්වා වස­ර­වල මුද්‍ර­ණය කළ සඟරා 80000ක් ගබ­ඩා­වල තිබුණා. දශක කිහි­ප­යක් පුරා ජන­තාව අතර තිබූ සිහි­ව­ට­න­යක් දෙස­තිය තුළ තිබෙ­නවා. එයට අදාළ වටි­නා­කම ප්‍රශ්නා­ර්ථ­යක් විදි­යට තිබුණා. සියල්ල මුදල් මත යැපෙන කාල­යක දෙස­තිය මුද්‍ර­ණය කර­නවා. මෙම මුද්‍ර­ණ­ව­ලින් සිය­යට 80 පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට ලබා­දී­මට අපි කට­යුතු කර­නවා. මේ මස සිට දෙස­තිය මුද්‍ර­ණය සිය­යට සිය­ය­කින් වැඩි කර­නවා. අපට පසු­ගිය කාලයේ ඉල්ලු­මට සරි­ලන සැප­යු­මක් දෙන්න බැරි වුණා. මිනි­සුන් මේක ඉල්ලන්නේ නැති­වෙයි කියලා දෙයක් අපේ ඔළු­වට ගොස් තිබෙ­නවා. යහ­පත නව තාක්ෂ­ණ­යත් සමඟ බද්ධ කරලා ඉදි­රි­යට යා යුතුයි.

ව්‍යව­ස්ථා­දා­යක සභාවේ සාමා­ජික, ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් රංජිත් ආරි­ය­රත්න මහතා

සාමා­න්‍ය­යෙන් ප්‍රති­ප­ත්ති­යක් විදි­යට මම රාජ­කාරි කළ තැන්ව­ලට යන්නේ නැහැ. ඊර්ෂ්‍යා­වක් හෝ දුකක් හට ගන්නා නිසා තමයි යන්නේ නැත්තේ. නමුත් ආරා­ධ­නා­වක් ලැබු­ණොත් සහ­භාගි වෙනවා. 1977 කියන්නේ මෙරට විවෘත ආර්ථි­කය හඳුන්වා දුන් කාලය. 1832 වසරේ මෙරට මුල්ම සඟ­රාව ආරම්භ වුණා. එදා සිට මේ දක්වා සඟරා වර්ග 500ක් පමණ නිකුත්ව තිබෙ­නවා. ඒවායේ පර­මා­ර්ථය වන්නේ තෝරා ගත් විෂය ක්ෂේත්‍ර­යක් හෝ පොදුවේ විෂ­යන් අර­ඹයා දැනුම ජන­ගත කිරීම. ආචාර්ය සරත් අමු­ණු­ගම මහ­තාගේ සංක­ල්ප­යට අනුව දෙස­තිය සඟ­රාව එළි­දැ­ක්වුණා. ආණ්ඩුවේ හොර­ණෑ­වක් නොවී සමා­ජයේ වග­කීම ඉටු කිරී­මට දෙස­තිය පිය­වර ගත්තා. අපේ ජීවි­ත­ව­ල­ටත් විශාල බල­පෑ­මක් කර­න්නට මේ සඟ­රාව හේතු වුණා. දෙස­තිය සඟ­රා­වත් සමඟ කල්පනා, ඉසුර, ආර්ථික විම­සුම වැනි සඟ­රාත් අපිට එකල පාස­ලේදී කිය­වන්න ලැබුණා. සරල භාෂා­ව­කින් යුක්ත දෙස­තිය සඟ­රාව තුළ හොඳ ලේඛන රටා­වක් තිබුණා. ඒ ලේඛන රටාව නිසා ගොවි­යාගේ සිට විද්‍යා­ඥයා දක්වා මේ සඟ­රාව කිය­ව­න්නට පෙලඹී සිටියා. 1987 දී තමයි මම මාධ්‍ය කලා­වත් සමඟ එකතු වන්නේ. උපාලි පුව­ත්පත් සමා­ගම, ලේක්හ­වුස්, රජ­රට සේවාවේ සිට අව­සා­නයේ ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා බවට පත් වුණා. හිතන ජාති­යක් සඳහා වේදි­කා­වක් බවට මේ සඟ­රාව පත් කළ යුතුයි. වර්ත­මා­නයේ සිටින්නේ හිතන ජාති­යක් ද කියන ගැට­ලුව තිබෙ­නවා. නොමඟ යාමට වැඩි ඉඩක් තිබෙන තරුණ පර­ම්ප­රාව එතු­ළින් ගලවා ගැනී­මට සඟ­රා­වට හැකි­යා­වක් තිබෙ­නවා.

මෙම අව­ස්ථා­වට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඇතුළු බොහෝ පිරි­සක් සහ­භාගි වූහ.

ශ්‍රී ලාංකේය සමාජයේ සහ ආර්ථිකයේ සැබෑ ජීවය කාන්තාවන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, පවුල තුළ මෙන්ම සමාජය තුළ කාන්තාව ඉටු කරන මෙහෙවර රටක අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවද අවධාරණය කළාය

අදට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අගමැතිගේ සුබ පැතුම් පණිවිඩය පහත දැක් වේ.

සමස්ත ශ්රී ලාංකේය සහ ලෝකවාසී සහෝදරියන් සහ දැරියන් වෙත ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් පිරිනමමි.
මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්යන්තර කාන්තා දින ගෝලීය තේමාව ලෙස “Rights. Justice. Action. For ALL Women and Girls” (සියලු කාන්තාවන්ට සහ දැරියන්ට හිමි අයිතිවාසිකම් ලබාදීම, යුක්තිය ඉටු කිරීම හා ඔවුන් වෙනුවෙන් ක්රියාත්මක වීම.) ලෙස ප්රකාශයට පත්කර ඇත.
ශ්රී ලාංකේය සමාජයේ සහ ආර්ථිකයේ සැබෑ ජීවය වන්නේ අපේ කාන්තාවයි. ඇය පවුල තුළ මෙන් ම සමාජය තුළ ඉටු කරන මෙහෙවර අද වන විට රටක අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය බවට පත්ව තිබේ. අපේ රජයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්රතිපත්ති ප්රකාශය මගින් අප අපේක්ෂා කරන්නේ කාන්තාව හුදු ප්රතිලාභියෙකු ලෙස පමණක් නොව, රටේ සංවර්ධනයේ සක්රීය හවුල්කරුවෙකු ලෙස සලකා ඇයට හිමි ගෞරවය සහ අවස්ථා ලබා දීමටයි.
අපගේ ප්රතිපත්ති මාලාව තුළ කාන්තාව වෙනුවෙන් මූලික අවධානයක් යොමු කර ඇති අතර එහි ප්රධාන කරුණු කිහිපයක් මෙසේ සිහිපත් කිරීමට කැමැත්තෙමි.
ගෘහණියක් ලෙස ඇය සපයනු ලබන ආර්ථික දායකත්වය අගය කරමින්, කාන්තා ව්යවසායකත්වය දිරිගැන්වීම සහ ඇයට ස්වයං රැකියාවල නිරත වීමට අවශ්ය තාක්ෂණික හා මූල්ය පහසුකම් පුළුල් කිරීමත්, පොදු ප්රවාහනයේදී, සේවා ස්ථානයේදී සහ පවුල තුළ කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්ය නීතිමය රාමුව ශක්තිමත් කිරීමත් අපේ ප්රධාන අරමුණු සේ සලකා කටයුතු කරන අතර ජාතික මට්ටමේ සිට ප්රාදේශීය මට්ටම දක්වා තීරණ ගන්නා ආයතන තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා අවශ්ය පසුබිම සකස් කිරීම මෙන්ම කාන්තාවන්ගේ පෝෂණය, ප්රජනන සෞඛ්යය සහ මානසික සුවතාවය ඉහළ නැංවීම සඳහා වූ විශේෂිත වැඩසටහන් ක්රියාත්මක කිරීම කෙරෙහිද අපි අවධානය යොමු කරමින් සිටිමු.
කාන්තාව යනු අනුකම්පාව බලාපොරොත්තු වන පිරිසක් නොව ඇය බුද්ධියෙන්, දරාගැනීමේ ශක්තියෙන් සහ නිර්මාණශීලිත්වයෙන් පිරිපුන් සමාජීය පාර්ශවකරුවන් වූ පිරිසකි. අපේ අරමුණ වන්නේ, කාන්තාවකට බියෙන් සැකෙන් තොරව මාවතක ගමන් කළ හැකි, ඇයගේ දක්ෂතාවට නිසි ඇගයීමක් ලැබෙන සහ ගෞරවනීය ජීවිතයක් ගත කළ හැකි "පොහොසත් රටක්" නිර්මාණය කිරීමයි.
ජාත්යන්තර කාන්තා දිනය, මෙරට සියලු කාන්තාවන්ගේ යහපත් සිහින සැබෑ වන, ඔවුන්ගේ අභිමානය ලොවට විදහා දක්වන නව යුගයක ආරම්භය වේවායි මම හදවතින්ම ප්රාර්ථනා කරමි!
ආචාර්ය හරිනි අමරසූරිය
අග්රාමාත්ය, ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය

 
සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සෑම වසරකම මාර්තු 08 වනදා ජාත්යන්තර කාන්තා දිනය සැමරේ. ශ්රී ලංකාව තුළ ආර්ථික, දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් කාන්තාවගේ භූමිකාව සුවිශේෂීය. එකී සියලු ක්ෂේත්රයන්හි විශාල භාරයක් දරන කාන්තාවගේ එම භූමිකාව අගයමින් කාන්තා අයිතිවාසිකම්, නිදහස සහ සුරක්ෂාව පිළිබඳව මෙදින විශේෂයෙන් සිහිපත් කළද, එය එක් දිනකට සීමා කළ නොහැකි බව අපි විශ්වාස කරමු.
මෙරට ජනගහණයෙන් 52%ක් නියෝජනය කරන කාන්තා පරපුර අද රටේ ආර්ථිකය තුළ විශාල පංගුවක් නියෝජනය කරන බව නොරහසකි. වැටුප් නොලබා ගෘහණියක ලෙස ඇය ඉටු කරන භූමිකාවට අමතරව, ඇඟලුම් කර්මාන්තය, වතු කර්මාන්තය, විදේශ රැකියා ක්ෂේත්රය තුළත්, සෞඛ්ය, අධ්යාපන සහ සේවා අංශවලත් කාන්තාවෝ විශාල දායකත්වයක් ලබා දෙති. පසුගිය 2025 වසරේ අප රටක් ලෙස ලැබූ බොහෝ ආර්ථික ජයග්රහණයන්ට කාන්තා පරපුර විසින් ලබා දුන් එම ශක්තිය ඉවහල් වූ බවද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුය.
සමාජ සාධාරණත්වය උදෙසා ස්ත්රී–පුරුෂ සමාජභාවී සමානාත්මතාව තහවුරු කරමින්, ආර්ථික ක්රියාවලියට කාන්තාවන් තවදුරටත් සක්රීයව හා ඵලදායීව සහභාගී කර ගැනීමේ සැලසුම් අපි මේ වන විටත් ක්රියාත්මක කරමින් සිටිමු. සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්රියක් යන අභිලාෂය සාක්ෂාත් කරගනිමින්, නිවසේදී, ප්රවාහනයේදී, ප්රජාව තුළ, වැඩබිමේදී සහ දේශපාලන වේදිකාවේදී කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව ක්රියා කිරීමටත්, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්රවර්ධනය කිරීමටත් අවශ්ය ව්යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජයක් ලෙස අපි ප්රමුඛත්වය ලබා දී ඇත්තෙමු.
පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරමින්, වරකදී වැඩිම කාන්තා මන්ත්රීවරියන් සංඛ්යාව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියි. එසේම ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට මලෛගම් ජනතාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්රීවරියක තේරී පත්වීමද සුවිශේෂී ඉතිහාසගත සිදුවීමකි. මේ අයුරින් රට ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමට අප ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සමාන ලෙස උර දෙන, ශක්තිමත් සහ ගෞරවනීය කාන්තා පරපුරක් බිහිකිරීම අපගේ වගකීමත් අධිෂ්ඨානයත් බව මෙහිලා අවධාරණය කරමු. එමෙන්ම ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්යවසායකයින් බිහි කිරීම අප රජයේ අරමුණයි.
එවන් පසුබිමක් තුළ ලාංකීය කාන්තාවන්ගේ අභිමානය සහ ශක්තිය ලොවට පෙන්වමින් ‘පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙර මග’ තේමාව යටතේ මෙවර කාන්තා දිනය සංවිධානය කිරීම මම බෙහෙවින් අගයමි.
සියලුම අහිතකර උවදුරුවලින් සමාජයත්, රටත් මුදා ගනිමින් ආචාරධාර්මික සහ සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් සහ දියුණු රටක් ගොඩනැඟීමට තිර අදිටනින් යුතුව අප යන ගමනේ පෙරගමන්කරුවන් ලෙස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නා ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින් අර්ථවත් කාන්තා දින සැමරුමකට සුබපැතුම් එක් කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය
2026 මාර්තු 08 දින

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් උපහාර ප්‍රණාම පුද කිරීමේ විශේෂ වැඩසටහනක් “සුභාවිත ගීතයේ සිටුවරයාණෝ…ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය ” නමින් පෙබරවාරි 24 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.

දශක හයකට වැඩි කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඉටුකළ මෙහෙවරට උත්තාමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර එතුමන්ට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රය තුළ එතුමන්ගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙහිදී සිදු විය.

මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

” මම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. ඔබට මේ තරම් සමීපව උපහාර පුදකරන්නට මට මගේ ජීවිතයේ මෙවන් අවස්ථාවක් ලැබෙයි කියා මම කවදාවත්ම හිතුවෙ නෑ. ඉතින් මේ මොහොත ඉතාමත් සතුටුදායක, සුවිශේෂී ඓතිහාසික මොහොතක්.
වසර හැටකට වැඩි කාලයක් ඔබතුමා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක්. අපේ රටේ වැඩිම වරක් වේදිකාගත වූ ඒකපුද්ගල සංගීත ප්‍රසංගය වන ඔබතුමාගේ ‘ස’ ප්‍රසංගය තමයි මගේ ළමා කාලයේ දී නැරඹුව පළවෙනි ප්‍රසංගය.

මට සිංහල භාෂාවේ ගැන ආශාව ඇතිකළේ ඔබේ ගීත. “කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න”, “සඟවා ගනු මැන සොඳුරිය” වැනි ඔබ ගැයූ ගීත ආදරය පිළිබඳ සියුම් ,අපූර්ව ඉදිරිපත්කිරීම් ගෙනදැක්වූවා. සංගීතයට, භාෂාවේ අපූර්වත්වයට අපව වෙනමම ලෝකයකට රැගෙන යා හැකි බව මම තේරුම්ගත්තේ මේ ගීතවලින්.

ඒ වගේම ඒ ගීත තුළ ගැබ් වූ සංහිඳියාව පිළිබඳ සංකල්ප අපි කතා කළ යුතු ම දෙයක්. ‘සරුංගලේ’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ ” ඔබ යන ගමනේ මාවත අහුරා” වැනි ගීතවල සංගීත යෝජනය සහ ගායනය තුළ ඉතා ස්වාභාවික ලෙස අපට විවිධ සංස්කෘතීන්ගේ අපූර්වත්වය කියා දුන්නා.

සැබැවින්ම අපි රටක් ලෙස ඉතා වාසනවාන්ත වෙනවා ඔබ වැනි ඉතා වටිනා ත්‍යාගයක් අපට ලැබීම පිළිබඳව.

ජීවිතවල සෑම විශේෂ මොහොතක්ම වික්ටර් රතනායකයන්ගේ නිර්මාණ සමඟ බැඳී පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

එමෙන්ම පසුගිය පෙබරවාරි 18 වැනි දා සිය 84 වැනි ජන්ම දිනය සැමරූ ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙත නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරිය මෙවන් උළෙලක් සංවිධානය කිරීම සමබ්න්ධව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිවන්ත විය. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින තරඟකාරිත්වය හමුවේ ගුවන්විදුලි සංස්ථාවට අභියෝග රැසක් පැවතුණද සියල්ල ජයගනිමින් ඉදිරියට යාමේ ශක්තිය ගුවන්විදුලි සංස්ථාව වෙත පවතින බව තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහි දී පැවසීය.

මෙරට කලා ක්ෂේත්‍රයේ ජීවමාන විශිෂ්ටයන් අගයමින් ගුවන්විදුලි සංස්ථාව සිදුකරන වැඩසටහන් අග්‍රාමාත්‍යතුම්යගේ විෂේශ ඇගයීමකට ද ලක් විය.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න , ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහචාර්ය උදිත ගයාශාන් ගුණසේකර යන මහත්වරුන්, ආචාර්ය වික්ටර් රත්නායක ශුරීන්ගේ පවුලේ ඥාතීන්, රසිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

රුපි­යල් මිලි­යන 13,450ක ආදා­ය­මක් පසු­ගිය වස­රේදී උත්පා­ද­නය කර­ගැ­නී­මට සමත් වූ තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව මේ වස­රේදී රුපි­යල් මිලි­යන 15,000ක ආදා­යම් ඉල­ක්කය පහ­සු­වෙන් සපුරා ගනු ඇතැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සු­වේය.

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ රුපි­යල් මිලි­යන 14.70 සහ රුපි­යල් මිලි­යන 14.41 බැගින් වූ මූල්‍ය ප්‍රති­පා­දන මත අභි­න­ව­යෙන් ඉදි­කළ ගලේ­වෙල සහ මහ­වෙල නව තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිලි ජනතා අයි­ති­යට පත්කි­රීමේ අව­ස්ථා­වට එක් වෙමින් පෙරේදා (22) ඇමැ­ති­ව­රයා මේ බව කීවේය.

මීට අම­ත­රව රුපි­යල් මිලි­යන 5.1ක මූල්‍ය ප්‍රති­පා­දන මත ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද මඩ­ව­ල­උ­ල්පත තැපැල් කාර්යා­ලය ද අමා­ත්‍ය­ව­රයා අතින් ජනතා අයි­ති­යට පත් කෙරිණි. 2025 වසරේ සැප්තැ­ම්බර් මස 04 දින ගලේ­වෙල නව තැපැල් කාර්යා­ලයේ ඉදි­කි­රීම් ආරම්භ කරන ලදි. මාස 05ක් වැනි කෙටි කාල­යක් තුළ එහි ඉදි­කි­රිම් අව­සන් කිරී­මට පිය­වර ගෙන ඇත. එමෙන්ම 2025 වසරේ සැප්තැ­ම්බර් මස 07 දින ඉදි­කි­රීම් ආරම්භ කරන ලද මහ­වෙල තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ලේ ද ඉදි­කි­රීම් කට­යුතු මාස 05ක් වැනි කෙටි කාල­යක් තුළ අව­සන් කිරී­මට පිය­වර ගෙන ඇත.

වසර 100කට එහා ගිය අතී­ත­ය­කට හිමි­කම් කියන දෙවැනි ⁣ශ්‍රේණි­යට අයත් මහ­වෙල පැරණි තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ල වෙනු­වට මෙම නව තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ල ඉදි­කර ඇත. නව ගොඩ­නැ­ඟිල්ල ඉදි­කි­රී­මට ඉඩම පරි­ත්‍යාග කරන ලද ඇට්නස් ගුණ­සිංහ මහ­ත්මි­යට සමරු සිහි­ව­ට­න­යක් ප්‍රදා­නය කිරීම ද අමා­ත්‍ය­ව­රයා අතින් සිදු විය.

“ගලේ­‍ෙවල තැපැල් කාර්යා­ලය වසර 50ක් පමණ පැරණි ගොඩ­නැ­ඟි­ල්ලක පව­ත්වා­ගෙන ගියා. නව තැපැල් කාර්යාල ගොඩ­නැඟිල්ල විවෘත කිරී­මත් සමඟ ප්‍රදේ­ශයේ ජන­තා­වට මෙම­ඟින් සේවා ලබා­ගැ­නී­මට හැකි­යාව ලැබෙ­නවා. අද වන විට රට හැදෙ­නවා. රට හදන්න පුළු­වන්. මීට පෙර පැව­තියේ රට හදන්න බැරි බවට වන මත­යක්.

ජන­තා­වට ආක­ර්ෂ­ණීය සහ කඩි­නම් සේවා­වක් ලබා­දීම අර­මු­ණින් තැපෑලේ භෞතික සම්පත් සංව­ර්ධ­න­යට අවශ්‍ය මූල්‍ය ප්‍රති­පා­දන ද ලබා­දෙ­මින් සේවා ශක්ති­මත් කිරී­මට කට­යුතු කර­නවා.” යැයි ද ඇමැ­ති­ව­රයා මෙහිදී පැව­සු­වේය.

තැපැල් සේවාව නව්‍ය­ක­ර­ණ­යට සහ සංව­ර්ධ­න­යට පිය­වර ගනි­මින් මධ්‍යම තැපැල් හුව­මා­රුව සඳහා CCTV 209ක් මිලදී ගැනීම සඳහා මිලි­යන 27ක්, Desktop පරි­ග­ණක 225ක් සඳහා මිලි­යන 74ක් ද, ටැබ් පරි­ග­ණක 1500ක් සඳහා මිලි­යන 101 ද වෙන් කර ඇත.

මඩ­ක­ල­පුව, පොලො­න්න­රුව, මධ්‍යම තැපැල් හුව­මා­රුව, තැපැල් මූල­ස්ථා­නය ගොඩ­නැ­ඟි­ලි­වල රුපි­යල් මිලි­යන 24ක් වැය කොට නව සූර්ය බල­ශක්ති උත්පා­දන පද්ධති සකස් කිරී­මට කට­යුතු කර ඇත. පොලො­න්න­රුව තැපැල් සංකී­ර්ණයේ එම කට­යුතු අව­සන් කර තිබේ. රුපි­යල් මිලි­යන 31ක් විය­දම් කොට තැපැල් කාර්යාල සඳහා සවි­කි­රී­මට ඇඟිලි සල­කුණු යන්ත්‍ර 657ක් මිලදී ගැනී­මට ද තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කර ඇත. නව්‍ය­ක­ර­ණය වූ බහු­විධ සේවා සැප­යී­මෙන් විශි­ෂ්ට­තම සබ­ඳතා සහ­කරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ ඉදිරි දැක්ම සාක්ෂාත් කිරී­මට වත්මන් රජය සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ මඟ­පෙ­න්වීම සහ උප­දෙස් මත සැල­සු­ම්ස­හ­ග­තව කට­යුතු කරනු කරනු ලබයි. මහා සංඝ­ර­ත්නය, තැපැ­ල්පති රුවන් සත්කු­මාර, නියෝජ්‍ය තැපැ­ල්පති (සංව­ර්ධන) තුසිත හුලං­ග­මුව, නියෝජ්‍ය තැපැ­ල්පති (මධ්‍යම පළාත) එම්.එච්.එම්. අස්ලම් මහ­ත්වරු මෙම අව­ස්ථා­වට එක්වූහ. ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති යූ.ජී. ඉන්දික කරු­ණා­රත්න, මහ­වෙල යට­වත්ත ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති යූ.ජී. ගාමිණී ෆොන්සේකා, ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් ඊ.එම්. චන්ද්‍ර­කාන්ති ඒක­නා­යක, මාතලේ සහ­කාර තැපැල් අධි­කාරි ඇස්.එස්.බී. කපු­පි­ටිය, ගලේ­වෙල තැපැල් ස්ථානා­ධි­පති දම්මි ඉසංකා කුමාරි, මහ­වෙල තැපැල් ස්ථානා­ධි­පති ආර්.එම්. නිල්මිණි රණ­තුංග, මඩ­ව­ල­උ­ල්පත තැපැල් කාර්යා­ලයේ ප්‍රධාන තැපැල් ස්ථානා­ධි­ප­තිනි දර්ශනී දස­නා­යක මහත්ම මහ­ත්මීහු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

ලේක්හ­වුස් නිර්මාතෘ, දිවං­ගත ඩී. ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන්ගේ 140 වැනි ජන්ම දින ගුණ සැම­රුම නිමි­ත්තෙන් වාර්ෂි­කව සංවි­ධාන කරන සර්ව­රා­ත්‍රික පරි­ත්‍රාණ ධර්ම දේශ­නය ලේක්හ­වුස් මන්දි­ර­යේදී අද (23) රාත්‍රියේ පැවැත්වේ.

රාත්‍රි 9 සිට සර්ව­රා­ත්‍රික පරි­ත්‍රාණ ධර්ම දේශ­නාව ආරම්භ වන අතර, කොටුව ශ්‍රී සම්බු­ද්ධා­ලෝක විහා­ර­ස්ථා­නයේ මූලි­ක­ත්ව­යෙන් මෙය පැවැත්වේ. පසු­දින (24) මහා සංඝ­ර­ත්නය විෂ­ය­යෙහි දහ­වල් දාන­මය පින්ක­මක් ද ආය­ත­න­යේදී පැවැත්වේ.

කොළඹදී පැවති ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි සමුළුවේදී මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හඳුන්වා දුන් ජාතික රූපවාහිනියේ පුරෝගාමී මෙහෙවර අගයමින් සම්මානයක් පිරිනැමුණු අතර, ජාතික රූපවාහිනිය වෙනුවෙන් එම සම්මානය ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල විසින් හිමිකර ගත්තේය.

බහු විධ කෘත්‍රිම බුද්ධි පර්යේෂණ ඒකකය හෙවත් මාර්ක් ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ගැප්ස් කියූ ආයතනය සහ UNIGAP ආයතනය එක්ව එම සමුළුව සංවිධාන කර තිබුණි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඔබ්බට යන්න මෙවර සමුළුවේ තේමාව විය.

දේශීය විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ගේ සහ මහාචාර්යවරුන්ගේ පර්යේෂණ පත්‍රිකා සමුළුවේ දී සාකච්ඡාවට ගැණුනි. ඩිජිටල් ආර්ථික උපාය මාර්ග, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, කෘෂිකර්ම, ප්‍රවාහන හදිසි ආපදා කාලගුණ හා දේශගුණ විපර්යාස සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකා මේ සඳහා ඉදිරිපත් කර තිබුණි.

පර්යේෂණ සඳහා වූ ගිවිසුම් කිහිපයක් සඳහා ද සමුළුවේ දී අත්සන් තැබුණි.

එහිදී හොදම පර්යේෂණ පත්‍රිකා දෙකකට සහ ඇගයීම් පත්‍රිකාවකට සම්මාන හිමිවිය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ හොඳම කෘත්‍රිම බුද්ධි නවෝත්පාදක කෘත්‍රිම බුද්ධි ප‍ර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය හිමිවූයේ ඉංජිනේරු තවිදු සමරසේකර සහ ඉංජිනේරු තරින්ද නවරත්න යන දෙපළටය. න්‍යායික කෘත්‍රිම බුද්ධි ප‍ර්යේෂණ පත්‍රිකාවට හිමි ඇගයීම් සම්මානය මහාචාර්ය පරාක්‍රම ඒකනායක, මහාචාර්ය විජිත හේරත් යන මහත්වරුන් ඉදිරිපත් කළ පරියේෂණ පත්‍රිකා සඳහා පිරිනැමුණි.

විද්‍යුත්, රූපාවාහිනී සහ ප්‍රචාරණ සහ සජීවි මාධ්‍යකරණයේ තාක්ෂණික සීමා පුළුල් කර අනාගත නවෝත්පාදන සඳහා වූ මාර්ග සකස් කිරීමට පුරෝගාමී ඇගයීම් පත්‍රිකා සම්මානය මෙහිදී ජාතික රූපවාහිනියේ ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල වෙත පිරිනැමුණි. ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සමුළුවේදී විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයට පරිබාහිරව පිරිනැමුණු එකම ඇගයීම මෙයවේ.

මහාචාර්ය ජනක ඒකනායක මහතා සමුළුවේ පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාතික සමුළු කාර්යාලයට පිරිනැමූ අතර ජාතික කෘත්‍රිම බුද්ධි කමිටුවේ මහාචාර්ය රොහාන් රණවන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් යන මහත්වරුන්ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවර්ධනය උදෙසා පිහිටුවීමට යෝජිත මාධ්‍ය කොමිෂන් සභාවක් වෙනුවෙන් සකස් කළ මූලික සංකල්ප පත්‍රිකාවක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය.

ප්‍රවීණ ජනමාධ්‍ය වෘත්තිකයින්, පරිපාලකයින්, සන්නිවේදන හා මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්, නීතිවේදීන්ගෙ ඇතුළු සම්පත් දායකයින් දස දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් සකස් කළ මෙම සංකල්ප පත්‍රිකාව, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පිළිගන්වන ලද්දේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර විසිනි.

මෙම අවස්ථාවට සංකල්ප පත්‍රිකාව සම්පාදක කමිටුවේ සාමාජිකයින්, අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම මාධ්‍ය සංවිධාන නියෝජිතයින් කිහිපදෙනකුද සම්බන්ධවී සිටියහ.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙසේ සඳහන් කළාය.

“ජනමාධ්‍යයට යම් නියාමනයක් අවශ්‍ය බව කාලයක් තිස්සේ මහජනයා, සිවිල් සංවිධාන ඉල්ලමින් ඉන්නවා. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර කොමිෂන් සභාවක් ගැන විවිධ අවස්ථාවල විවධ අය පෙන්වා දුන්නා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත්‘ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභාවක්’ ස්ථාපිත කිරීමේ පොරොන්දුවක් දී තිබෙනවා. මීට පෙර මාධ්‍ය සංවිධාන පවා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරමින් යම් නියාමනයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳ යම් යම් සාකච්ඡා, ප්‍රකාශන සිදුකර තිබෙනවා. මා පවා මාධ්‍ය සංවිධානයක කටයුතු කළා. ඒ කාලෙදිත් මේ සම්බන්ධයෙන් විවිධ මැදිහත්වීම් කළා. දැන් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍ර යේ සියලු වෘත්තිකයින්, සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන්, පර්යේෂකයින්, වගේම පොදු ජනයා එක්ව මාධ්‍ය කර්මාන්තයේ උන්නතියට, අභිවර්ධනයට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගනිමු. ඒ සඳහා සහය දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා”

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ ජගත් ලියන ආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නි‍වේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී/ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී /බාහිර කථිකාචාර්ය අසෝක ඩයස්, The Sunday Morning පුවත්පතේ උපදේශක කතෘ / ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික මන්දනා ස්මයිල්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති නිළධාරී නීතිඥ නිවන්ති තිලකරත්න, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හිල්මි මොහොමඩ්, ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්තද සිල්වා, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මෙම සංකල්ප පත්‍රිකාව සකස් කළ සම්පාදක කමිටුව වේ.

මෙතෙක් කලක් රජයේ මාධ්‍ය හැඳුනුම්පත ලබාගත් 8,100ක් දෙනා සම්බන්ධයෙන් කරන ලද විධිමත් සමාලෝචනයකින් පසු මෙවර 4700 දෙනකුට පමණක් මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

වෘත්තීය මාධ්‍යවේදීන්ට හිමි විය යුතු වරප්‍රසාද සහ සුබසාධන පහසුකම් සැබෑ ලෙසම ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස වෙතම ලබාදීම තහවුරු කිරීම සඳහා මේ පියවර ගත් බව ද හෙතෙම පැවසීය.

ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් සහ දියුණු වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම යාවත්කාලීන කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය සංවිධාන කරන ලද කෙටිකාලීන මාධ්‍ය පුහුණු වැඩසටහනේ මූලික වැඩසටහන ඇසිදිසි මැඳුරේදී පෙරේදා (18) පැවැත්වූ අවස්ථාවේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් රජය මඟින් හඳුන්වා දෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන ලබන මාසයේදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද හෙතෙම පැවසීය. මෙහි විශේෂත්වය වන්නේ කිසිදු දේශපාලන හෝ ආයතනික භේදයකින් තොරව, රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතන නියෝජනය කරන, නියමිත සුදුසුකම් සපුරාලන සියලුම මාධ්‍යවේදීන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වීම බවත් ඔහු පැවසීය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණය මත බවත්, විශේෂයෙන්ම AI (කෘත්‍රිම බුද්ධිය) සහ NotebookLM වැනි නවීන තාක්ෂණික මෙවලම් භාවිතයට මාධ්‍යවේදීන් හුරු විය යුතු බවත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. ඉදිරි වසර පහ තුළ තාක්ෂණයට අනුගත නොවන අයට ක්ෂේත්‍රයේ රැඳීසිටීම දැඩි අභියෝගයක් වනු ඇති බවට ද හෙතෙම අනතුරු ඇඟවීය. මාධ්‍යවේදීන් නාගරික කේන්ද්‍රීය පුවත්වලට පමණක් සීමා නොවී, ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන වනඅලි ගැටලු සහ දරිද්‍රතාව වැනි සැබෑ සමාජීය ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ පුහුණුව සඳහා මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශයේ මාධ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

තැපැල් ආදේශකයන් 1000ක් ස්ථිර සේවාවට බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුවේ බාහිර ආදේශකයන් ලියාපදිංචි ආදේශකයන් බවට පත්කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. දැනට සේවයේ යෙදී සිටින වයස අවුරුදු 30 ඉක්මවූ ආදේශකයන් සම්බන්ධයෙන් සලකා බැලීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය සේවාවට බඳවා ගැනීමේදී නිර්ණායකයන් තිබෙන බවත් නමුත් මේ ආදේශකයන්ගෙන් ඇතැම් පිරිසක් වයස අවුරුදු 30 ඉක්මවා සිටියත්, වසර 8ක්, 10ක් තැපැල් කාර්යාල ආශ්‍රිතව සේවාව සැපයූ අය බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මෙම බඳවා ගැනීම සිදු කිරීමේදී වයස් සම්බන්ධ ගැටලුවක් පැමිණ ඇති බවත් මූලික බඳවා ගැනීම්වලින් පසුව ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter