නවතම පුවත්

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මුදලට ගිනි අවි දෙකක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසුවද අයිතිකරගත හැකි පරිදි මෙම ගිනිඅවි දෙක ලබා දෙනවා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මුදල් ගෙවා එය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. කවරෙකුට වුවද ගෞරවාන්විත මරණයක් ලබා ගැනීමේ අයිතිය තිබිය යුතුයි. තළා පොඩිකර මරා දමන්නට උත්සාහ කරන්නේ නම් තම ආරක්ෂාව වෙනුවෙන් මුදල් ගෙවා එම ගිනිඅවි ලබාගත හැකියි. අරගලය හේතුවෙන් ඇති වූ ව්‍යසනය කිසිසේත් අමතක කළ නොහැකියි.

අරගලය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය ජීවිතය පවා අහිමි වුණා. මහජන නියෝජිතයින් 72 දෙනකුගේ නිවාස සහ දේපොළ ගිනිබත් කළා.

එවන් තත්ත්වයක් යටතේ මෙරට මෙන්ම බංග්ලාදේශය තුළ ඇති වූ තත්ත්වය නැවත වතාවක් මෙරට ඇති නොවේ යැයි කිසිවකුට සඳහන් කළ නොහැකියි.

එබැවින් තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල වැනි කුඩා ගිනිඅවි දෙකක් මුදල් ගෙවා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මා එවැනි ගිනිඅවි ලබාගෙන නැහැ.

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිහාසයේ සිටම කුඩා ගිනි අවියක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඒ අනුව ගිනිඅවි ලබාගත්ත මන්ත්‍රීවරු ඉන්නවා. නමුත් මම ගිනිඅවියක් ලබාගෙන නැහැ. පිස්තෝලයක් පාවිච්චි කිරීමට මන්ත්‍රීවරුන්ට අයිතිය තිබෙනවා.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට තවත් ගිනිඅවියක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ දැයි මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

ඕනෑම අයකුට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. පසුගිය අරගලය සමයේ ඇතිවූ ප්‍රචණ්ඩත්වය යනු ලංකා ඉතිහාසයේ ඇතිවූ කළු පැල්ලමක්. අපගේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වධ හිංසා පමුණුවලා ඝාතනය කළා. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 72 දෙනකුගේ නිවාස දේපොළ විනාශ කළා. ජනාධිපතිවරයාගේ පුස්තකාලය, නි‍ෙවස මුළුමනින්ම ගිනිබත් කළා. ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කර ප්‍රජාතන්ත්‍රවාදය මුලිනුපුටා දැමීමට අරගලයේ නිරතවූ පිරිස උත්සාහ කළා. නිවාස ගිනිබත් කළා.

බංග්ලාදේශයේ මෙම තත්ත්වය මීටත් වඩා දරුණු ලෙස ක්‍රියාත්මක වුණා. ඒ වගේම මහජන නියෝජිතයින් 26ක් ඝාතනය කළා. ප්‍රධාන නිලධාරීන් විශාල පිරිසක් රැකියාවලින් ඉවත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ, හමුදා ප්‍රධානීන් ඝාතනය කළා.

එවැනි තත්ත්වයක් අපේ රටේ ඇති නොවෙයි කියා විශ්වාසයක් නැහැ. මොකද ප්‍රචණ්ඩත්වය විවිධ ස්වරූපයෙන් මතු විය හැකියි. ඒ නිසා ආණ්ඩුව තීරණයක් අරන් තිබෙනවා. මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගත හැකිවන පරිදි මුදලට ගිනි අවි දෙකක් මන්ත්‍රීවරුන්ට ලබා ගැනීමේ අයිතිය ලබා දෙන්නට. කැමැති අයට මන්ත්‍රී ධුරය අවසන් වුණාමත් තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය මුදලට ලබාගත හැකියි. ඕනෑම කෙනකුට ගෞරවාන්විත මරණයක් ලබා ගැනීමේ අයිතිය තිබෙනවා. ඇවිත් තලා, පොඩිකරලා මරලා දාන්න උත්සාහ කරනවා නම් ජීවිත ආරක්ෂා කර ගැනීමේ අයිතිය වෙනුවෙන් මුදලට ආයුධ දෙකක් ලබා ගැනීමේ අයිතිය ලබා දී තිබෙනවා. මන්ත්‍රී ධුර අහිමිවීමෙන් පසුවද එවැනි ගිනි අවි දෙකක් ලබා ගන්නට අයිතිය තිබෙනවා.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හා කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමා ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා අතර හමුවක් පසුගියදා සිදු විය.

කතෝලික රදගුරු සම්මේලනයේ මහලේකම්, කොළඹ සහායක රදගුරු දොන් ඇන්ටන් ජයකොඩි පියතුමා ඇතුළු පියතුමන්ලා එම අවස්ථාවට එක්ව සිටියහ.

රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය, පාරිසරික සහ කතෝලික පල්ලි හා සම්බන්ධව පැනනැඟී ඇති ගැටළු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ.

මේ වන විට මෙරට ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය සහ ජනතාවගේ ජීවන ගැටළු විසඳීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලාව දැන්වත් කළේය.

“සියවසක් සමරන මකුටාරාම විහාරස්ථානය බුරුම – ශ්‍රී ලංකා ආගමික, සංස්කෘතික, සම්බන්ධතාවයේ සංකේතයක්” යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොළඹ, දෙමටගොඩ පිහිටි මකුටාරාම මියන්මාර් බෞද්ධ විහාරස්ථානයට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ශත වර්ෂ පූර්ණ සමරු වැඩසටහන ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති අතර වැඩසටහනේ ප්‍රධාන ගිහි ආරාධිතයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් වෙමින් එසේ පැවසීය.

ගෞරවනීය මහා සංඝරත්නය විසින් සාම්ප්‍රදායික ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමරු වැඩසටහනට සුබපැතුම් එක් කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මකුටාරාම මියන්මාර බෞද්ධ විහාරස්ථානයේ සියවස් සමරුව වෙනුවෙන් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ආරාධනා කිරීම පිළිබඳ මාගේ ගෞරවනීය ස්තූතියි ඔබ සියලු දෙනාට පිරිනමනවා. අතිපූජ්‍ය යූ විනයාලංකාර නාහිමියන් විසින් 1924 වසරේ ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය ඉතිහාසයේ සනිටුහන් වන සුවිශේෂී සන්ධිස්ථානයක්‌ බවට මෙම සමරු උලෙළ පත්වනු ඇති.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර සියවස් ගණනාවක් පුරා දිවෙන දිගුකාලීන ඓතිහාසික, ආගමික හා සංස්කෘතික සබඳතා රැසක් පවතී. ත්‍රිකුණාමලයේ තිරියායේ පිහිටි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන ගිරිහඬු සෑය, මෙරට ප්‍රථම බෞද්ධ ස්ථූපය ලෙස සැලකෙන අතර එය බුරුම වෙළෙන්දන් දෙදෙනෙකු වූ තපස්සු සහ භල්ලුක විසින් ඉදිකරන ලද බව සැලකේ. මෙම ස්ථූපයේ සහ ශ්වෙදගොන් පගෝඩා විහාරස්ථානයේ ස්ථූපයේ මෙම වෙළෙන්දන් විසින් ගෙන ආ බුදුන් වහන්සේගේ කේශ ධාතූන් තැන්පත් කර ඇතැයි සැලකෙන බැවින් විශේෂ ගෞරවයට සහ වන්දනා මානයට පාත්‍ර වේ.

1803දී අමරපුර නිකාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ මියන්මාර් දේශයෙන් වන අතර එම නිකායේ ප්‍රථම මහානායක ස්වාමීන් වහන්සේ වූයේ මහාදාම රාජාධි රාජගුරු වැලිතර ඤාණවිමල තිස්ස මහානායක ස්වාමීන් වහන්සේයි. වර්තමානයේ අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා අමරපුර මහා නිකායේ මහානායක ධුරය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ නිකාය තුනෙන් එකක් වන රාමඤ්ඤ නිකාය 1880දී, අඹගහවත්තේ ඉන්ද්‍ර සභාවර ඤාණසාමි මහා නාහිමියන් බුරුමයේ උපසම්පදාව ලබා ආපසු ලංකාවට වැඩම කිරීමත් සමඟ ආරම්භ විය. අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමීන් වහන්සේ මේ වන විට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ උත්තරීතර මහානායක ධුරය හොබවනු ලබයි.

මියන්මාරය නිදහසින් පසු ශ්‍රී ලංකාව නේවාසික තානාපති කාර්යාල ස්ථාපිත කළ රටවල් කිහිපය අතරින් එකක් වෙයි. මියන්මාරයටද කොළඹ තානාපති කාර්යාලයක් පැවතිණි.

දෙරටේම යහපත් කාලවලදී මෙන්ම අභියෝගාත්මක කාලවලදී ද මෙම මෙම සබඳතා ඉතාමත් ශක්තිමත්ව පැවතීම අගය කළ යුතු කරුණකි.

දෙරට අතර ආගමික සබැඳියාවේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මේ අවස්ථාවට දායක වීමට ලැබීම ඉතාමත් සතුටට කරුණක්‌ වේ. ඒ වෙනුවෙන් මෙරටට පැමිණි ගිහි, පැවිදි සම්භාවනීය සියලු දෙනා ඉතාමත් සාදරයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිගනු ලබනවා.

මෙම ආගමික මිත්‍රත්වය තුළින් දෙරටේ මිත්‍ර සබඳතාව තවත් ශක්තිමත් වන බව විශ්වාස කරනවා. මිත්‍ර, සහෝදර රටවල් වශයෙන් ශ්‍රී ලංකා සහ මියන්මාරය අතර සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම විහාරස්ථානයේ දායකත්වය මහෝපකාරී වනු ඇති බව මා විශ්වාස කරනවා.”

මියන්මාරයේ සිට වැඩම කළ සංඝරාජ ගෞරවනීය සිටගු සයර්දව් ස්වාමීන් වහන්සේ, සංඝ මහානායක ක්‌යුක් මේ සයර්දව් ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය, මියන්මාරයේ සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ටින් ඌ ලවින් මහතා, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති දව්මාර්ලාර් තැන් හ්ටිකේ මහතා ඇතුළු ගිහි පැවිදි අති විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (19) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද පෙරහර නැරඹීමට එක්ව සිටියහ. ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා සධාතුක කරඬුව වැඩම කරවන අවස්ථාවේ ජනාධිපතිවරයා සහ වික්‍රමසිංහ මහත්මිය ගෞරව දැක්වූ අයුරු.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 

"සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා.

පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්."

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(18) පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ මෙලෙස අදහස් දැක්වීය.
"කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් වර්තක යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත වසර තුනක් නොවෙනස්ව පවතිනවා. කුමන රජයක් පැවතුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත මතය ක්‍රියාත්මක විය යුතුයි. අයවැය වෙනුවෙන් මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය මෙය නිවැරදිව ප්‍රචාරය කර නැහැ.
කැබිනට් මණ්ඩලයේදී ජීවන වියදම් පිළිබඳ සිදුකල ප්‍රකාශය වැරදි ආකාරයට සමාජගත වනවා නම් එය නිවැරදි කරන්නට කැබිනට් ප්‍රකාශක වශයෙන් මට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා.
කැබිනට් පත්‍රිකා රහස්‍යයයි. ඒවා එළියට ගෙනයන්නේ නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන්ට ඒවායේ පිටපත් යොමු කරනවා. කැබිනට් ප්‍රකාශක වශයෙන් මා කටයුතු කරනවා. එම කටයුතුවලදී මාධ්‍යවේදීන් ද වගකීමකින් යුතුව කටයුතු කළා.මා විසින් සිදුකරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ප්‍රකාශ වනවා. ඒවා මාධ්‍ය ආයතන වලටද යොමු කරනු ලබනවා. ඒවා ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශ නොවෙයි. මා විසින් ප්‍රකාශ කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණයි.
දීර්ඝ කාලයක් මූලික වැටුප ගලපලා නැති නිසා මූලික වැටුප ඉහල නැංවීම සහ රුපියල් 25000 බැගින් ජීවන වියදම් දීමනාව වසර තුනක් නොකඩවා ලබා දෙන බවට යෝජනාවක් තිබුණා.
මේ තීරණ මම දැනුම් දුන් පසු හිතවත් මාධ්‍ය ආයතන එහි කොටසක් පමණක් සමාජගත කර තිබෙනවා. එහිදී බොහෝ අය සඳහන් කළේ මූලික වැටුප ගැන නොව රු.25000ක් වැඩි කිරීම පිලිබඳ පමණයි.
ආණ්ඩු කරනය සහ දේශපාලනය කිරීම යනු කරුණු දෙකක්. මේ වන විට මුදල් අමාත්‍යාංශය අයවැය ලේඛනය සකස් කරමින් තිබෙනවා. ඒවට ඇතුළු කිරීම සඳහා කැබිනට් මණ්ඩල නිවේදනය නිවැරදි විය යුතුයි. සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් සංශෝධනය නොකොට වසර තුනක් පුරාවට ලබා දීම සිදු වනවා.
දෙවනුව මූලික වැටුප සංශෝධනය වී නැතිනම් සියයට 255.35 අතර ප්‍රමාණයකින් වැඩි වනවා. පහළම සේවකයන්ට අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා.
2027 දක්වා අයවැය සඳහා හිඟ වන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ලබාදීමට කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින්. ඒ සඳහා එකඟතා ලේඛණ වලට අත්සන් කර තිබෙනවා.
කවුරුන් ආණ්ඩු බලය හෙබ වුවත් මූල්‍ය අරමුදල විසින්ම සංශෝධනය කලේ නැත්නම් මූල්‍ය අරමුදලේ කටයුතු එලෙසින්ම සිදුවනවා. වැටුප් වර්ධක යෝජනාව මූල්‍ය අරමුදල මගින් සපයා ගන්නා බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ මෙම වැටුප් ගෙවීමට මුදල් තිබෙන නිසයි. මූල්‍ය කළමනාකරණ වගකීම් පිලිබඳ පනතක් තිබෙනවා."

 
 

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත්  ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත්  මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (9) පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ විශේෂ කරුණු දැක්වීමට එක්වෙමින් ඇය මේ පිළිබඳව සඳහන් කළාය.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක් යොදා ඇති අතර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් , ස්වේච්ඡා කණ්ඩායම් ලබා දෙන තොරතුරු සමාජ මාධ්‍ය නියාමන කමිටුව වෙත යොමු කර අනතුරුව සුදුසු උපාය මාර්ග උපමාන සමග ගළපා සෘජුව සමාජ මාධ්‍ය මාධ්‍ය පරිපාලකයන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

සෑම විටම මැතිවණ කොමිසන් සභාව නිකුත් කරන ලද විධානයන්ට සහ උපමානවලට අනුව කටයුතු සමාජ මාධ්‍යයන්ද කටයුතු කළ යුතු බව පෙන්වා දෙන කොමසාරිස්වරිය ඡන්ද විමසීම් කාල සීමාවේදී දුස් තොරතුරු සංසරණය සිදු වන බැවින් මේ පිළිබඳව සූක්ෂ්මව සොයා බැලීමට කණ්ඩායමක් යොදවා ඇති බවද ඒ සඳහා වගකිව යුතු ආයතතනවල සහයෝගය ලබා ගන්නා බවද  ඇය සඳහන් කළාය.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේදී වෙනත් පක්ෂයකට හෝ අපක්ෂකයකුට හානි සිදු කරන අයුරින් කටයුතු කරන බවට හෝ වැරදි තොරතුරු විකෘති තොරතුරු භාවත කරන බවට  නිරීක්ෂණය වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධව සෘජුව මැදිහත් වීමක් සිදු කෙරෙන බවද ඇය පෙන්වා දුන්නාය.

මේ වන විට  තරුණ පිරිස් tik-tok සහ  Instagram වැඩිවශයෙන් භාවිත කරන බැවින් පළමු වරට ඡන්දය භාවිත කරන තරුණ ප්‍රජාවගේ ඡන්ද භාවිතාව සමාජ මාධ්‍ය සමග බැඳී ඇති බැවින්  මේ සම්බන්ධව කොමිසම විශේෂ අවධානයක් යොමු කර ඇති බවද කොමසාරිස්වරිය සඳහන් කළාය.

එසේම මැතිවරණ කොමිෂන් සභාව නිහඬකාලයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී සමාජ මාධ්‍ය නිහඬ කිරිම අසීරු බව පෙන්වා දෙන කොමසාරිස්වරිය මෙම කාලයේ සිදු කෙරන ප්‍රචාරණයෙන් අනිසි බලපෑමක්  සිදුවන බව පෙන්වා දුන් අතර චක්‍ර ලේඛ සහ අණ පනත් මගින් ප්‍රචාරණ කටයුතු සීමා කිරීමට ක්‍රියා කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

තවද වෛරී ප්‍රකාශනයන්, දුස් තොරතුරු සංසරණය වන්නේ නම් ඒ් පිළිබඳව කටයුතු කිරීමටද කොමිසම සූදානම් බව පෙන්වා දෙන කොමසාරිස්වරය මැතිවරණ කාල සීමාවව තුළ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කළාය.

මෙවර මැතිවරණයේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කෙරෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය සහ උපදෙස් ලබා දීමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර ඇති බවද සමාජ මාධ්‍ය මගින් යම් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් අගතියට පත් නොවන ලෙස කටයුතු කරන ලෙසද ඇය මෙහිදී ඉල්ලීමක් කළාය.

විදේ­ශීය ණය ප්‍රති­ව්‍යු­හ­ගත ගිවි­සුම අත්සන් කිරී­මෙන් අන­තු­රුව විදේ­ශීය රට­වල් නැව­තත් ඇස් ඇර අපේ රට දෙස බල­න්නට පටන් ගෙන තිබෙ­නවා. ඒ අනුව හංගේ­රි­යානු රජයේ නියෝ­ජි­ත­යින් මෙර­ටට පැමිණ, ගැටඹේ පාලම ඉදි­කි­රීම් නැවත ආරම්භ කිරීම පිළි­බ­ඳව පොරොන්දු ප්‍රකා­රව ඉඩ ප්‍රස්ථා ලැබී තිබෙ­නවා.”  යැයි ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා සඳ­හන් කළේය.

ඉදි­කි­රීම් ආරම්භ කර අත­ර­මග නතර කර තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදි­කි­රීම් ශ්‍රී ලංකාවේ විදේ­ශීය ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ගිවි­සුම් අත්සන් කිරී­මත් සමඟ නැවත ආරම්භ කිරීම පිළි­බ­ඳව, විශේෂ නිරී­ක්‍ෂ­ණ­යක් සඳහා මෙර­ටට පැමිණ සිටින හංගේ­රි­යානු රජයේ නියෝ­ජි­ත­යින්ගේ ද සහ­භා­ගි­ත්ව­යෙන්, මහ­නු­ව­රදී  පැවති   විශේෂ මාධ්‍ය හමු­ව­කදී අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

එහිදී අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා.

Òවිදේ­ශීය ණය ප්‍රති­ව්‍යු­හ­ගත ගිවි­සුම අත්සන් කිරී­මෙන් අන­තු­රුව විදේ­ශීය රට­වල් නැව­තත් ඇස් ඇර අපේ රට දෙස බල­න්නට පටන් ගෙන තිබෙ­නවා. ඒ අනුව හංගේ­රි­යානු රජයේ නියෝ­ජි­ත­යින් මෙර­ටට පැමිණ, ගැටඹේ පාලම ඉදි­කි­රීම් නැවත ආරම්භ කිරීම පිළි­බ­ඳව පොරොන්දු ප්‍රකා­රව ඉඩ ප්‍රස්ථා ලැබී තිබෙ­නවා. එසේ නොවුණා නම් මේ පාලම ඉදි­කි­රී­මට අව­ස්ථාව ලැබෙන්නේ නැහැ. මහ­නු­වර නග­රය සුහුරු හරිත නග­ර­යක් ලෙස සංව­ර්ධ­නය කිරීම සඳහා ලෝක බැංකු නියෝ­ජි­ත­යින් මෙර­ටට පැමිණ, විදුලි බස් රථ 200ක් ණය පද­නම යටතේ ලබා­දී­මට කැමැත්ත පළ කර තිබෙ­නවා. දැන් ඒ පිළි­බඳ සාකච්ඡා කිරීමේ හැකි­යාව ලැබී තිබෙ­නවා.

එසේ කට­යුතු කිරීම සඳහා විදෙස් රට­වල් සමඟ පොරොන්දු පත්‍ර­ය­කට අත්සන් තබා ඒවා නීති බවට පත්කර තිබෙ­නවා.

ඉති­හා­සයේ මීට පෙර පැවැති සිය­ලුම රජ­යන්ට අව­ශ්‍ය­තා­වය පරිදි  මුදල් මුද්‍ර­ණය කිරීමේ හැකි­යාව පැව­තුණා. නමුත් මේ වන විට මහ බැංකු පනත සංශෝ­ධ­නය කර මුදල් මුද්‍ර­ණය කිරීම නීති­යෙන් තහ­නම් කර තිබෙ­නවා.

උත්සව අවස්ථාවට සහභාගී වූ පිරිසෙන් කොටසක්

ස්වෛරීත්ව බැඳු­ම්කර නිකු­ත්කර ජාත්‍ය­න්තර වෙ‍ෙළ­ඳ­පොළ අවශ්‍ය ආකා­ර­යට ණය ලබා­ගැ­නී­මට හැකි­යා­වක් නැහැ. ණය පාලන පන­තක් පාර්ලි­මේ­න්තුව සම්මත කර තිබෙ­නවා.

විවිධ පොරොන්දු ලබා­දු­න්නත් ඒ පොරොන්දු සඳහා අවශ්‍ය ආකා­ර­යට අය වැය සකස් කිරීමේ හැකි­යා­වක් නැහැ. මූල්‍ය කළ­ම­නා­ක­රණ පන­තක් පාර්ලි­මේ­න්තුව සම්මත කර තිබෙ­නවා. ඒ සඳහා විශේ­ෂ­ඥ­යි­න්ගෙන් සම­න්විත අය වැය කමි­ටු­වක් පාර්ලි­මේ­න්තුවේ කට­යුතු කරනු ලබ­නවා.

2042 දක්වා අනු­ග­ම­නය කරන ප්‍රති­පත්ති ඇතු­ළත් කර ආර්ථික පරි­ව­ර්තන පන­තක් සම්මත කර තිබෙ­නවා.

ඒවා­යෙ­හිදී වංචා, දූෂණ, අක්‍ර­මි­කතා සිදු­වීම වැළැ­ක්වීම සඳහා දූෂණ විරෝධි පනත ඇතු­ළත්ව නීති පහක් මේ වන විට සම්මත කර තිබෙ­නවා. ඒ නීති පහෙන් එකක් හෝ වෙන­ස්කර රට ඉදි­රි­යට පව­ත්වා­ගෙන යෑමේ හැකි­යා­වක් නැහැ.

ඒ අනුව 2032 වන විට ශ්‍රී ලංකාවේ ණය බර දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස 95% දක්වා අඩු­ක­රන බවට ලෝක­යට පොරො­න්දු­වක් ලබා දී තිබෙ­නවා. මේ වන විට එම අගය  128%ක්. මොනම තත්ත්ව­යක් මත හෝ රජයේ දළ මූල්‍ය අව­ශ්‍ය­තා­වය දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 13%ට වඩා වැඩි කළ නොහැ­කියි. ණය වාරික, පොලී ගෙවීම 4.5ට වඩා වැඩි කළ නොහැ­කියි. සෑම වස­ර­කම අය වැය සකස් කරන විට ප්‍රාථ­මික ගිණුමේ 2.3ක අති­රි­ක්ත­යක් පව­ත්වා­ගත යුතුයි. හිතු­මතේ ආන­යන අප­න­යන සිදු­කර ගිණුම් ශේෂයේ ඕනෑම හිඟ­යක් ඇති කිරීමේ හැකි­යා­වක් නැහැ. වස­ර­කදී දළ දේශීය නිෂ්පා­ද­න­යෙන් 1%කට‍ ­වඩා ගෙවුම් ශේෂයේ හිඟය වැඩි කිරී­මට හැකි­යා­වක් නැහැ. සෑම වස­ර­ක­දීම වර්ධන අනු­පා­තය 5ට වඩා වැඩි­යෙන් පව­ත්වා­ගෙන යා යුතුයි. සේවා වියු­ක්තිය 5%කට වඩා අඩු අග­යක පව­ත්වා­ගෙන යා යුතුයි. කාන්තා ශ්‍රම සහ­භා­ගි­ත්වය 40%ට වැඩි කළ යුතුයි.

ජාත්‍ය­න්තර එක­ඟතා සමඟ මේ ඇති­ක­ර­ගත් නීති ඒ ආකා­ර­යෙන් ක්‍රියා­ත්මක කිරීම තුළින් 2048 වන විට ඒක පුද්ගල ආදා­යම ඩොලර් 20000ක් පමණ ලබන සංව­ර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් රට තුළ ක්‍රියා­ත්මක කළ යුතු වනවා. ඉන් බැහැර වුව­හොත් අපේ රට­ටද ණය ආපසු ගෙවා ගැනී­මට නොහැ­කිව  ආජ­න්ටි­නාව, සිම්බාබ්වේ, කොස්ට­රි­කාව වැනි රටක් බවට පත්වී­මට සිදු­ව­නවා.

එම නිසා එම කාලය තුළ අප දරන විය­දම් ප්‍රධාන කුලුනු 3ක් තුළට අනු­කූල විය යුතුයි. 2032 වන විට දළ දේශීය නිෂ්පා­දි­තය 95%ට වඩා වැඩි විය යුතුය. ගෙවී­මට තිබෙන ප්‍රමා­ණය වස­ර­කට 4.5ට වඩා වැඩි­වී­මට බැහැ. රජයේ වසරේ මුදල් අව­ශ්‍ය­තා­වය 13% ඉක්ම­විය නොහැ­කියි. මේ සිය­ලුම ව්‍යාපෘති මේ කරුණු 03 මත කළ­ම­නා­ක­ර­ණය කළ යුතුයි. එම නිසා කුමන රජ­යක් යටතේ වුවත්, ජාත්‍ය­න්තර වශ­යෙන් එළැඹ තිබෙන ගිවි­සු­ම්ව­ලට අනු­කූ­ලව වග­කී­මෙන් යුතුව කට­යුතු කළ යුතුයි. රටට ආද­ර­යෙන්, අපේ රට අපි ගොඩ­නඟා ගැනීම සඳහා වන දුෂ්කර ප්‍රය­ත්නය ජය­ගැ­නීම සඳහා සියලු දෙනා එක්ව කට­යුතු කළ යුතුයි.Ó

ආයෝ­ජන ප්‍රව­ර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමු­ණු­ගම මහතා, ප්‍රවා­හන හා මහා මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් රංජිත් ගංගා­නාත් රූබ­සිංහ මහතා, හංගේ­රි­යානු රජය නියෝ­ජ­නය කර­මින් මොර්ට්න් ලැස්ලෝ මහතා (Marton Laszlo), නව­දිල්ලි හංගේ­රි­යානු තානා­පති කාර්යා­ලයේ ආර්ථික සහ වාණිජ උප­දේ­ශක  ලෙවන්ටේ  කාර්ඩෝස් මහතා (Levente Kardos), මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රියන්ත සූරි­ය­බ­ණ්ඩාර මහතා, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ නලින්ද රත්නා­යක මහතා, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ විධා­යක නිල­ධා­රීන්, දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු රාජ්‍ය ආය­ත­න­වල නිල­ධා­රීන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 
 
 
 
 

IMF ගිවි­සුමේ කිසිදු මිනු­ම්ද­ණ්ඩක්  වෙනස් කළ නොහැ­කියි – ජන­පති මාධ්‍ය ප්‍රධා­නීන් හමුවේ කියයි

අනෙ­කුත් අපේ­ක්ෂ­ක­යන් තමන්ගේ අනා­ග­තය වෙනු­වෙන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කරන විට තමා ඊට ඉදි­රි­පත්ව සිටින්නේ රටේත්, ජන­තා­ව­ගේත් අනා­ග­තය ගොඩ­නැ­ඟීම වෙනු­වෙන් බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ප්‍රධා­නීන් සමඟ ඊයේ (7) කොළඹ සින­මන් ග්‍රෑන්ඩ් හෝට­ලයේ පැවති හමු­වට එක් වෙමිනි. ආර්ථික වශ­යෙන් රට දැඩි අර්බු­ද­යට ලක් වූ අවස්ථා දෙක­කදී රට ඒ තත්ත්ව­යෙන් මුදා­ග­නි­මින්, හැකි­යාව ඔප්පු කර ඇති නිසා එහිදී තමාට කිසි­වකු සමඟ සට­නක් නැති බවද මෙහිදී පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා රට ඉදි­රි­යට ගෙන යෑමේ එකම මාර්ගය ලෙස රජය ආරම්භ කළ ආර්ථික වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යෑමේ වරම මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තමා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බවද පැව­සීය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා:

“ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඇප මුදල් තැන්පත් කිරී­මෙන් පසු පළමු වතා­වට මාධ්‍ය මුණ­ගැ­සී­මට මා තීර­ණය කළා. මා අද ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරන්නේ වෙන කිසි­වෙක් එම තන­තුර භාර ගැනී­මට ඉදි­රි­පත් නොවූ නිසයි. ධුරය භාර ගෙන වසර දෙකක් තුළ රටේ මූලික ප්‍රශ්න­යට මම විස­ඳුම් දුන්නා. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විස­ඳන්න බැහැ, ග්‍රීසි­යට ආර්ථික අර්බු­ද­යෙන් ගොඩ ඒමට වසර 10ක් ගත වුණා; ඉන්දු­නි­සි­යා­වට වසර 8ක් ගත වුණා. ශ්‍රී ලංකාව මේ ප්‍රශ්නය විස­ඳන්නේ කොහො­මද කියා ඇතැ­මුන් ප්‍රශ්න කළා. ඒත් මේ ප්‍රශ්නය කෙටි කල­කින් විස­ඳා­ගත හැකි බව මා විශ්වාස කළා. මේ කාර­ණය එව­කට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සමඟ මා සාකච්ඡා කළා. ඒ නිසා බය නැතිව මේ අභි­යෝ­ගය භාර ගත්තා. ඒත් මට සහ­යෝ­ගය දීමට තනි පක්ෂ­යක් තිබුණේ නැහැ. පොදු­ජන පෙර­මුණේ පිරි­සක් අපත් සමඟ එක් වුණා, තවත් පිරි­සක් විප­ක්ෂ­යට ගියා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පිරි­සක් අපත් සමඟ සිටියා. ඇතැම් පිරි­සක් විප­ක්ෂය සමඟ එක් වුණා. මම පක්ෂ­යක් නැතිව ආණ්ඩු­වක් හදලා මේ වග­කීම භාර ගත්තා. දැන් අප එම මූලික වැඩ­ක­ට­යුතු අව­සන් කර තිබෙ­නවා. රට බංකො­ලො­ත්භා­ව­යෙන් නිද­හස් කර­ගැ­නීමේ මාර්ගය අප දැන් සකස් කර තිබෙ­නවා. අප එම මාර්ගයේ ඉදි­රි­යට ගමන් කරමු.

“මේ රටේ ආර්ථික ක්‍රමය කඩා­වැ­ටුණ නිසා ජන­තාව දුක් වින්දා. ඒ වගේම බදු බර වැඩි වීම නිසා ඇතැම් අයට දරා ගැනී­මට නොහැකි තත්ත්ව­යක් ඇති වුණා. ඒ පිළි­බඳ මා කන­ගාටු වනවා. එහෙත් එය සිදු නොකර රටේ ආර්ථි­කය පව­ත්වා­ගෙන යෑමට නොහැකි වුණා. අපේ රටේ දේශ­පා­ල­නයේ තිබෙන ගැට­ලුව වන්නේ ඇත්ත කීමට සූදා­නම් නොවී­මයි.

“ස්ථාව­ර­භා­ව­යක් නැතිව රටක් දියුණු කරන්න බැහැ. මම ඊයේ රූප­වා­හි­නියෙන් බංග්ලා­දේ­ශයේ සිදු­වීම් නර­ඹන විට මට සිතුණේ මම මේ රට භාර ගත්තේ නැති නම් රටට මොකක්ද වෙන්නේ කියලා. බංග්ලා­දේශ අග­මැ­ති­නි­යට ඉවත් වන ලෙස පැව­සු­වත් එය භාර ගැනී­මට ආය­ත­න­යක් තිබුණේ නැහැ. අන්ත­ර්පා­ල­න­යක් සඳහා හමු­දාව පැමි­ණි­යත් හමු­දාව පිළි­ගන්න බැහැ කියා විරෝ­ධ­තා­ක­රු­වන් ප්‍රකාශ කළා. මුහ­ම්මද් යුනුස් මැති­තුමා අග­මැති ලෙස පත් කරන්න කියලා ඔවුන් දන්වා සිටියා. ඔවුන්ගේ ව්‍යව­ස්ථාවේ සඳ­හන් වෙනවා අග­මැති වීමට නම් මන්ත්‍රී­ව­ර­යකු විය යුතුයි කියලා. අප ඒ තත්ත්ව­යට පත් වුණා නම් මොකද වෙන්නේ? අපි වාස­නා­වන්ත රටක්. අපට කෙසේ හෝ ආණ්ඩු­වක් ගොඩ­න­ඟා­ගැ­නී­මට හැකි වුණා. ඒ නිසා තමයි අද ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට අව­ස්ථාව ලැබී තිබෙන්නේ.

“මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔබ තීර­ණය කළ යුත්තේ රටේ අනා­ග­ත­යයි. මේ මාර්ගයේ ඉදි­රි­යට ගොස් අප දියුණු රටක් බවට පත් වෙන­වාද? රටේ දුක් විඳින ජන­තා­වට සහන දෙන­වාද? තරු­ණ­යන්ට හොඳ අනා­ග­ත­යක් ගොඩ­නඟා දෙන­වාද? එසේ නැතිව පැරණි දේශ­පා­ල­නයේ නිර­තව නැවත ආර්ථි­කය කඩා­වැටී පෝලිම් යුග­ය­කට යන­වාද? කියා අප තීර­ණය කළ යුතුයි.

“එහිදී මුහුණු දෙස බලන්න අවශ්‍ය නැහැ. එහිදී තීර­ණය කළ යුත්තේ තමන්ට රට බේරා­ගැ­නී­මට ශක්ති­යක් තිබෙ­න­වාද හා ප්‍රති­පත්ති තිබෙ­න­වාද නැද්ද යන්න පම­ණයි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තීර­ණය කළ යුත්තේ අපේ­ක්ෂ­ක­යන්ගේ අනා­ග­තය නොවෙයි. රටේ අනා­ග­ත­යයි; ජන­තා­වගේ අනා­ග­ත­යයි. අප මෙතැන් සිට ක්‍රමා­නු­කූ­ලව ඉදි­රි­යට යන­වාද? ශක්ති­මත්ව රටේ ප්‍රශ්න විස­ඳා­ග­න්න­වාද? නැත්නම් 2022 පැවති තත්ත්ව­යට යන­වාද? කියා තීර­ණය කළ යුතුයි.

“ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ අපට ණය දෙන රට­වල් සමඟ ඇති කර­ගෙන තිබෙන ගිවි­සුම් එක­ක්වත් කඩ කිරී­මට හැකි­යා­වක් නැහැ. එසේ කළ හොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. එවිට අපේ රටේ ආර්ථි­කය නැවත කඩා­වැ­ටෙ­නවා. විවිධ පාර්ශ්ව­ව­ලට විවිධ පොරොන්දු දිය හැකියි. එහෙත් ඒවා ඉටු කිරී­මට හැකි­යා­වක් නැහැ. එවිට වැට් බදු තවත් වැඩි කිරී­මට සිදු වනවා. එයයි සත්‍ය තත්ත්වය. අප සත්‍ය ප්‍රකාශ කර රට බේරා ගැනී­මට සූදා­නම්ද? නැත්නම් බොරු කියලා බලය ගැනී­මට සූදා­නම්ද? කියා සිතිය යුතුව තිබෙ­නවා. ඒ නිසා රජය ආරම්භ කළ මේ වැඩ­ස­ට­හන් ඉදි­රි­යට ගෙන යෑමේ වරම මා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා.”

ප්‍රශ්නය: ධම්මික පෙරේරා මහතා තර­ග­යෙන් ඉවත් වී නාමල් රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙ­නවා. පොදු ජන පෙර­මුණේ වැඩි පිරි­සක් ඉන්නේ ඔබ සම­ඟයි. ඒත් නාමල් මහතා ලොකු සට­නක් දෙයි කියා ඔබ බලා­පො­රොත්තු වෙන­වාද?

පිළි­තුර: සටන කොහොම වේවිද කියා මා දන්නේ නැහැ. මා එන්නේ සටන් කරන්න නෙවෙයි; රට ගොඩ­න­ඟන ප්‍රති­ප­ත්තිය ජන­තා­වට ඉදි­රි­පත් කර රට ඉදි­රි­යට ගෙන යෑමේ මාර්ගය පෙන්වා දීම­ටයි. ඊට කැමැති නම් ඡන්දය දිය හැකියි. ජනා­ධි­පති ධුරය සඳහා එදා පාර්ලි­මේ­න්තුවේ කළ ඡන්ද විම­සී­මේදී නාමල් රාජ­පක්ෂ මහ­ත්ම­යාත්, පොදු­ ජන පෙර­මු­ණත් මට ඡන්දය දුන්නා. ඒ වෙනු­වෙන් මම ස්තුති­වන්ත වෙනවා. අප එකඟ වුණේ මේ වසර දෙක තුළ එක්ව වැඩ කරමු කියන කරු­ණ­ටයි. දැන් ඒ වසර දෙක ගෙවී අව­සන්. සහ­යෝ­ගය දීම හෝ අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කිරීම පිළි­බඳ ඒ පක්ෂය තීර­ණය කළ යුතුයි. ඒ අනුව දැන් තිබෙන්නේ තමන්ගේ කරුණු රටට ඉදි­රි­පත් කිරී­ම­ටයි.

ප්‍රශ්නය: මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔබේ ප්‍රති­වා­දීන් ලෙස එක් පසෙ­කින් විධා­යක ජනා­ධි­ප­ති­වරු දෙදෙ­න­කුගේ පුතුන් දෙදෙ­නකු තරග වදි­නවා. අනෙක් පසින් රාජ්‍ය බල­යක් ලබා නොගත් අපේ­ක්ෂ­ක­යෙක් තරග වදි­නවා. මෙම සිව්කොන් සටන තුළ අනෙක් අපේ­ක්ෂ­ක­යන් ඔබට අභි­යෝ­ග­යක් නොවේද?

පිළි­තුර: මට මේ කිසි­වක් අභි­යෝ­ග­යක් නොවෙයි. මහින්ද රාජ­පක්ෂ මහ­ත්මයා සමඟ මා එක්ව මෙන්ම විරු­ද්ධ­වද දේශ­පා­ල­නය කර තිබෙ­නවා. ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­ර­යාට දෝෂා­භි­යෝ­ග­යක් පැමිණි අව­ස්ථාවේ මා එය බේරා දුන්නා. අනුර දිසා­නා­යක මහ­ත්මයා මගේ හොඳ මිත්‍ර­යෙක්.

ප්‍රශ්නය: ඔබ වතු­ක­රයේ ජන­තා­වට රු. 1,700ක වැටු­පක් දෙන බවට පොරො­න්දු­වක් දුන්නා. මෙවර ඔවුන්ට ඒ රු. 1,700 ලැබේ­විද?

පිළි­තුර: සම­හර සමා­ග­ම්ව­ලට ගෙවන්න හැකි නම් අනෙක් සමා­ග­ම්ව­ලට බැරි වෙන්න බැහැ. එසේ ගෙවිය නොහැකි සමා­ගම් සතු ඉඩම් අර­ගෙන ගෙවීම් කළ හැකි සමා­ග­ම්වල‍ට දිය යුතුයි. මේ රටේ වතු­ක­රයේ ජන­තා­වට මේ මුදල දිය යුතුයි. ඔවුන් ජීවත් වන්නේ අප­හ­සු­වෙන්. ඒ වගේම ඔවුන් ජීවත් වන ලයින් කාමර පිළි­බඳ බදු ගිවි­සුම අහෝසි කර ඒවා ගම්මාන බවට පත් කිරී­ම­ටත් අප කට­යුතු කර­නවා. ප්‍රශ්නය: ඔබ සහ අධි­ක­ර­ණය අතර යම් ගැටු­මක් තිබෙ­න­වාද? කථා­නා­ය­ක­ව­ර­යාට අග­වි­නි­සුුරු සමඟ සාකච්ඡා කර පොලි­ස්පති පිළි­බඳ ගැට­ලුව විස­ඳන ලෙස ඔබ පසු­ගි­යදා ප්‍රකාශ කළා. එහෙත් අද වන තුරු එය සිදු වී නැහැ…

පිළි­තුර: මා කළේ යෝජ­නා­වක් පම­ණයි. මෙහිදී අධි­ක­ර­ණය එක් පසෙ­කින් තීර­ණ­යක් දුන්නා. පාර්ලි­මේ­න්තුව තවත් පසෙ­කින් තීර­ණ­යක් දුන්නා. මා විධා­ය­කය ලෙස මේ යෝජ­නාව කළේ පිටත සිටයි.  එය කර­න­වාද? නැද්ද? යන්න ඔවුන්ගේ තීර­ණ­යක්. ජනා­ධි­පති ලෙස මා වග කියන්නේ පාර්ලි­මේ­න්තු­ව­ටයි. පාර්ලි­මේ­න්තුව දුන් තීර­ණය මට ක්‍රියා­ත්මක කරන්න වෙනවා.

ප්‍රශ්නය: විවිධ චෝදනා තිබෙන අයත් ඔබ සමඟ සිටින නිසා ඔවුන් සමඟ ඔබට ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළ හැකි වනු ඇති බව විශ්වාස කර­න­වාද?

පිළි­තුර: මා සමඟ සිටින්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­ය­මක්. චෝදනා තිබෙන අය ඉන්නවා නම් ඔවුන්ට නඩු පැව­රිය හැකියි. මා ඒ කිසි­වක් නවත්වා නැහැ. චෝදනා තිබෙන අය තෝරා­ග­න්න­වාද? නැද්ද? කියන එක ඡන්ද දාය­ක­යන් තීර­ණය කළ යුතුයි. කිසි­වකු සිදු නොකළ අන්ද­මින් දූෂණ විරෝධි පනත අප ගෙනැ­විත් තිබෙ­නවා. අප­රා­ධ­ය­කින් උපයා ගත් දේපළ පිළි­බඳ පනත් කෙටු­ම්පත ලබන සතියේ  අනු­මත කර ගැසට් කර­නවා. හැම­දෙ­නාම දූෂ­ණය, දූෂ­ණය කියලා කෑගැ­හු­වත් ඒ සම්බන්ධ වැඩ­පි­ළි­වෙ­ළක් ගැන කතා කළේ නැහැ. නමුත් අප ඒ පිළි­බඳ කට­යුතු කර තිබෙ­නවා.

මගේ ඉදිරි ගමන වෙන්නේ ජනා­ධි­පති ධුර­යට පත් වීමයි. ඔවුන්ගේ ඉදිරි ගමන වන්නේ පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වීමයි. ඡන්ද දාය­ක­යන් ඔවුන් ප්‍රති­ක්ෂේප කළොත් ඒ ප්‍රශ්නය එතැ­නින් ඉව­රයි. දේශ­පා­ල­නයේ අප විවිධ අය සමඟ කට­යුතු කර­නවා. ඔවුන් හොරුන්ද? නැද්ද? කියන එක හොයන එක නීතිය සතු කට­යු­ත්තක්.

 
 
 
 

මැතිවරණ හෝ වෙනත් කරුණු හේතුවෙන් නොවෙනස්ව 2027 වසර තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා ණය ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

තවත් මාස කිහිපයකින් මෙරට කවුරුන් ජනාධිපති වුවද, කවුරුන් ආණ්ඩුව කළද ඇතිකර ගත් ණය ගිවිසුම වෙනසක් සිදුවුවහොත් 2025 අයවැය සෑදීමට නොහැකි බවද, අයවැය ලේඛනය සම්මත කරගැනීමට දැනට සිටින මුදල් අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත්සන් කර ඇති ගිවිසුම අනූව 2025ට ඇමරිකානු ඩොලර් මිලියන 5018ක විදේශ සම්පත් පරතරයක් ඇතිවීම සම්බන්ධව ඇස්තමේන්තු කර ඇතැයිද ඉන් මූල්‍ය අරමුදල මිලියන 663ක් ලබාදීමට පොරොන්දු වී ඇතැයිද පැවසුවේය.

2025 අයවැය ලේඛනය සකස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ද, ලෝක බැංකුව 400ක් ද ආසියානු සංවර්ධන බැංකුව 300ක් ද වශයෙන් ලබා දීමට පොරොන්දු වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා 3855ක සහනයක් හිමිවන බවද සඳහන් කළේය.

 
 

 
අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්රී දේහයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශ්රී දේහය තැන්පත් කර ඇති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත (04) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය ශ්රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සහ දායක සභාවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු වූ අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද(05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. ගංගාරාම විහාරස්ථානයේ තැන්පත්කර ඇති නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පෙරේදා (03) සිට විශාල පිරිසක් පැමිණෙමින් තිබුණි. ඒ අතර මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයන් මෙන්ම සර්ව ආගමිකයන් ද පැමිණෙමින් සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මෛත්‍රී මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් ඊයේ සවස ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ දේහයට ගෞරවය දැක්වූ අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන්ද, විදේශ රටවල තානාපති අංශවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ද, නිලධාරීන්ද විදේශිකයන්ද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණියහ.

දිවයින පුරා සිටින බෞද්ධ ජනතාව ගම්බිම්වලින් බස් රථවලින් පැමිණ අවසන් ගෞරව දැක්වීමට දිගු පෝලිංවලට එක්ව සිටි අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන වර්ග සැපයීමට ස්වේච්ඡාවෙන් ආයතන එක්ව සිටිනු දක්නට ලැබුණහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter