ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හා කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමා ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා අතර හමුවක් පසුගියදා සිදු විය.

කතෝලික රදගුරු සම්මේලනයේ මහලේකම්, කොළඹ සහායක රදගුරු දොන් ඇන්ටන් ජයකොඩි පියතුමා ඇතුළු පියතුමන්ලා එම අවස්ථාවට එක්ව සිටියහ.

රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය, පාරිසරික සහ කතෝලික පල්ලි හා සම්බන්ධව පැනනැඟී ඇති ගැටළු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ.

මේ වන විට මෙරට ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය සහ ජනතාවගේ ජීවන ගැටළු විසඳීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලාව දැන්වත් කළේය.