නවතම පුවත්

ජුනි 12 වැනිදාට යෙදී ඇති රුසියානු ජාතික දිනය වෙනුවෙන් ශ්රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.

ශ්රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතාගේ ආරාධනයකට අනුව ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද ඒ සඳහා එක්විණි.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ අමාත්ය සුසිල් ප්රයෝජන්ත, පාර්ලිමේන්තු මන්ත්රී ජී.එල්. පීරිස් මහත්වරුන්, විදේශ තානාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා අයි.එම්.එෆ්. ගිවිසුම ගැන මාධ්ය ආයතන ප්රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවැත්විණි.

ජනාධිපති ජේෂ්ඨ ආර්ථික උපදේශක ආර්.එච්.එස්. සමරනායක මහතා හා සහකාර මහ බැංකුව අධිපති ආචාර්ය චන්ද්රනාත් අමරතුංග මහත්වරුන් විසින් රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා අයි.එම්.එෆ්. ගිවිසුම ගැන මෙහිදී මාධ්ය ආයතන ප්රධානීන් දැනුවත් කළේය.
මෙම අවස්ථාවට ජනමාධ්ය අමාත්යංශයේ ලේකම් අනූෂ පැල්පිට රජය ප්රවෘත්තිය අධ්යක්ෂ ජෙනරාල් දිනිත් කරුණාරත්න මහත්වරුන් හා මාධ්ය ආයතන ප්රධානීන් එක්විය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා සංස්ථා පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඊයේ (03) රාජකාරී ආරම්භ කළේය. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ 35 වැනි සභාපති ලෙස ඒ මහතා පත්ව ඇති අතර මින් පෙර ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියන‍ගේ මහතා පත් කර තිබේ. සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සාර්ථක සේවා කාලයකින් පසු විදේශගත වීම සඳහා එම ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කළ සේවාව වෙනුවෙන් උත්සවයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඊට අමාත්‍යාංශ ලේකම්වරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියන‍ගේ මහතා වෙත පත්වීම් ලිපිය ලබාදීම ද මෙහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රූපවාහිනී මුල් පුටුවෙන් ඉසුඹු ලබන ආචාර්ය ප්‍රසාද්ගේ මෙහෙවර ඇගයුමට

වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය පෞද්ගලික අවශ්‍යතාවක් මත තනතුරෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සමු ගැනීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විවිධ හේතු රාශියක් මත ඉතා අස්ථාවර තත්ත්වයට පත්ව තිබූ ජාතික රූපවාහිනිය යළි නඟාසිටුවීම සඳහා පෞද්ගලික අංශයේ පරිපාලන නිලධාරියකු ලෙස ලද සිය අත්දැකීම් ඇසුරෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා වෙත රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සහ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වගකීම භාර දෙන ලදි. ඒ අනුව කෙටි කාලයක් ඇතුළත ආයතනය මුහුණ දුන් ගැටලු නිරාකරණය කරමින් ස්ථාවර තත්ත්වයක් ගොඩනැඟීමට ප්‍රසාද් සමරසිංහ මහතා සුවිශේෂ දායකත්වයක් දැක්වීම මෙහිදී අමාත්‍යවරයා විසින් සුවිශේෂ ඇගයීමට ලක් කරන ලදි.

ඒ අනුව වර්තමානය වන විට එතුමාගේ සංකල්ප මත ආරම්භ කරන ලද වැඩසටහන් සහ කාර්යභාරය ආයතනය තුළ ඉදිරියටද ක්‍රියාත්මක කරගෙන යෑම අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු අනෙකුත් සාමාජිකයන්ගේ වගකීමක් වන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම සිය පෞද්ගලික අවශ්‍යතාවක් මත තනතුරින් ඉවත්ව ගියත් ආයතනයේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක එතුමාගේ දායකත්වය සහ උපදේශකත්වය ලැබෙනු ඇති බවටද අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

කිසිදු වංචාවකට දූෂණයකට දායක නොවෙමින් තම පෞද්ගලික වැටුප පවා කාර්ය මණ්ඩලය වෙත පරිත්‍යාග කළ ප්‍රසාද් සමරසිංහ මහතාට ඇතැම් අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂවල පදනම් විරහිත චෝදනාවලට පවා පාර්ලිමේන්තුවේදී ලක් වීමට සිදු වුවත් නිවැරදි තීරණ වෙනුවෙන් සහ නිවැරදි නිලධාරීන් වෙනුවෙන් සැම විටම පෙනී සිටිමින් ඒ වැරදි චෝදනා නිවැරදි කිරීමට තමා කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

දීර්ඝ කාලයක් පෞද්ගලික අංශය තුළ ආයතන ප්‍රධානියකු ලෙස අත්දැකීම් ලැබුවත්, වගකීමක් සහිත රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමෙන් තම දැනුමෙන් රටට යමක් එකතු කිරීමට අවස්ථාව හිමි වූ බව මෙහිදී ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරියේදීද තම වෘත්තීය පළපුරුද්ද ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු ඕනෑම අංශයකින් ඕනෑම අවස්ථාවක ආයතනයේ උන්නතිය වෙනුවෙන් උපරිම දායකත්වය දීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහත්වරුන්, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතනය, සැලසිනේ ආයතනය ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්, අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින් ඉදිකිරීමට පියවර

සහන සැලසීම සඳහා ආරක්ෂක අංශයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ මැදිහත්වීම

ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින සියලුදෙනාගේ ආහාර සහ සෞඛ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට වැඩපිළිවෙළ සැකසේ

ගංවතුර හෝ ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්ව ඇති ස්ථාන නැරඹීමෙන් වැළකී සිටින ලෙසට මහජනතාවට උපදෙස්

හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ සහන ලබා ගැනීමට 117 හදිසි ඇමතුම පැය 24 පුරා

මේ වසරේ නිරිතදිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදිකිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් හෙට දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරමින් සිටියි.

එම සියලු නිලධාරීන්ගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්, වහාම ආපදා තත්ත්වයන්ගෙන් මහජනතාව මුදාගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාදිය හැකි සියලු සහාය නොපමාව ලබා දෙන බවත් සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ට අනුබද්ධිතව පිහිටා ඇති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා අද (02) දහවල් පැවැති සාකච්ඡාවකදී තමන් වෙත උපදෙස් ලැබුණු බවයි.

එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය උපකරණ සහ ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම වර්ගයේ ක්‍රියාන්විත රථයක, බෝට්ටුවක හෝ හෙලිකොප්ටර්වල දායකත්වය ලබාදීමට එකඟත්වය පළ කළ බවද ඒ මහතා සඳහන් කළේය.ඒ අනුව මේ වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම රැස්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහභාගි වූ අතර අධි බලපෑම් සහිත දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය.

අනවශ්‍ය ආකාරයෙන් මාර්ගයට පැමිණිමෙන් වැළකී සිටින ලෙසත්, ගංවතුර හෝ ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වී ඇති ස්ථාන නැරඹීමෙන් වැළකී සිටීමට සහ ගංවතුර හෝ මාර්ගවල වතුර පිරි ඇති ස්ථානවල ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතටපත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකතන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මකය. එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි අවධානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් හඳුනාගෙන ඇති අතර එම සියලු කාර්යාලවල ආපදා සහන සේවා නිලධාරීන් අද රාත්‍රියේ ද පූර්ණකාලීනව සේවයේ නිරත බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පවසයි.

වැඩි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කලවාන, අයගම, කිරිඇල්ල, නිවිතිගල සහ ඇහැලියගොඩ හඳුනාගෙන තිබේ. දැනට පවුල් 2574ක පුද්ගලයින් 9398 දෙනෙක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එයින් ආරක්ෂක ස්ථාන 18ක පවුල් 528ක පුද්ගලයින් 2219 දෙනෙක් රඳවා සිටියි.

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 05ක් වාර්තා වී ඇත. දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් සහ සෙසු ප්‍රාදේශීය නිලධාරීන් සියලුදෙනා සහෝදරත්වයෙන් රාජකාරි කිරීම මත ආපදාවන්ට පත්වූවන්ට සහන සැලසීම කාර්යක්ෂම වී ඇති බවයි.

අවතැන් කඳවුරුවල සහ ඉන් පරිබාහිරව රැදී සිටින විපතට පත්වූවන් සියලුදෙනාගේ ආහාර අවශ්‍යතා සහ සෞඛ්‍ය අවශ්‍යතා මැනවින් ඉටු කරන බව ද රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කර සිටියි.

මේ අතර ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.ටී. රාජකරුණා මහත්මිය පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 අතරින් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, බද්දේගම හා ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07වෙත වැඩි අවදානමක් පවතින බවයි.

මේ වන විට නෙළුව ආශ්‍රිතව බලපෑම අඩු වීගෙන යන බව ද එතුමිය පෙන්වා දෙයි. කෙසේ වෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1348ක පුද්ගලයින් 3455ක් පීඩාවට පත්ව ඇත. මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව සිටිති. එක් ප්‍රධාන ආරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 250ක පුද්ගලයන් 608 දෙනෙක් සඳහා මේ වන විට සියලු පහසුකම් සලසා ඇතැයි වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දෙයි.

මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතා පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 අතරින් අතුරලිය, අකුරැස්ස සහ පිටබැද්දර දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවයි.

මුලටියන, පස්ගොඩ, කොටපොළ, තිහගොඩ, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද බලපෑමට ලක්ව ඇති අතර සෙසු කොට්ඨාස සුළු වශයෙන් බලපෑමට ලක්ව තිබේ. පුද්ගල මරණ 03ක් සමඟ දෙදෙනෙකු අතුරුදන්වී ඇත. මේ වන විට පවුල් 2731ක පුද්ගලයින් 10,937ක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

නිවාස හානි 150ක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථාන 05ක පවුල් 21ක පුද්ගලයන් 123 දෙනෙක් රැඳෙමින් පහසුකම් ලබයි. ආපදාවට පත්වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට මේ වන විට කටයුතු කර ඇති බවත්, ඉදිරියේ දී අවශ්‍ය ඕනෑම සේවයක් ලබාදීම වෙනුවෙන් තමන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 943ක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින අතර අවතැන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3539කි. ආරක්ෂිත ස්ථාන 30ක් මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර පවුල් 606ක පුද්ගලයින් 2274 දෙනෙක් පහසුකම් සහිතව රැඳී සිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක පමණක් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් පවුල් 1716ක පුද්ගලයන් 6839 දෙනෙක් අවතැන් වී ඇත. ආරක්ෂිත ස්ථාන 07ක් ස්ථාපිත කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කටයුතු කරන අතර ඒවායේ පවුල් 58ක පුද්ගලයන් 215 දෙනෙකු රැදී සිටින බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කරන බව මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැති මෙම සැමරුමට එක් වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද කෘත්‍රිම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවයි.

නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

වර්තමානයේ දේශගුණික විපර්යාස නිසා මුළු ලෝකයම විශාල තර්ජනයකට මුහුණදී සිටිනවා. මේ දිනවල අප මුහුණදී තිබෙන දැඩි හිරු රශ්මිය මීට පෙර මුහුණ නොදුන් තත්ත්වයක් බව ද කිවයුතුයි. මෙම දේශගුණික උණුසුම සීමා කර ගැනීම සඳහා ඉලක්කගතව කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් අද මතු වෙලා තිබෙනවා. මේ සමඟ උග්‍ර ජල ගැටලුවකට ද අපට මුහුණදීමට සිදු වෙනවා. අප බුද්ධ ධර්මයට අනුව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි.

ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් බවට දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුව පත් වෙනවා. බුද්ධ දේශනාව අනුව සලකා බැලුවහොත් අපට මේ තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙන්නේ ශිෂ්ටාචාරයේ තණ්හාව නිසයි. සියලුදෙනාට අවශ්‍ය වුණේ වේගවත් දියුණුවක් ලබා ගැනීමටයි. වාහන භාවිතය ඉහළ යෑම නිසා පරිසරයට විශාල හානියක් සිදු වෙනවා. ඒ අනුව මානව සමාජයෙන් පරිසරයට විශාල හානියක් සිදුව තිබෙනවා. ඒ නිසා දේශගුණික විපර්යාස පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

ඒ වගේම ලෝකය අද සීග්‍ර තාක්ෂණ දියුණුවක් කරා ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන් 1945 පරමාණු බෝම්බය පුපුරා ගිය විට සිතුවේ ඉන් එහාට තාක්ෂණ දියුණුවක් සිදු නොවන බවයි. නමුත් දැන් සෑම ක්ෂේත්‍රයක් තුළම විශාල තාක්ෂණ දියුණුවක් සිදුව තිබෙනවා. තොරතුරු තාක්ෂණ අංශයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. අප පාසල් යන සමයේ පරිගණක සහ ජංගම දුරකතන තිබුණේ නැහැ. නමුත් මේ වන විට නවීන තාක්ෂණික දියුණුවත් සමඟ අද කෘත්‍රිම බුද්ධිය දක්වා පැමිණ තිබෙනවා.

මේ වන විට තිබෙන්නේ කෘත්‍රිම බුද්ධියේ ආරම්භක අවස්ථාවයි. තවත් දශක දෙකක් පමණ යන විට කෘත්‍රිම බුද්ධිය කොතනින් අවසන් වෙයිද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය සහ බුදු දහම අතර තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.

සියල්ල පාලනය වනුයේ අපගේ මනසින් බව බුද්ධ දේශනාවේ පෙන්වා දෙනවා. මනස පාලනය කළහොත් අපට ඉදිරියට යා හැකියි. මනස පාලනය කර නොගතහොත් අපට අනාගතයක් නැහැ. මනස පාලනය කිරීම පැවරී තිබුණේ මිනිසාට පමණයි. බුද්ධ දේශනය මිනිස් සංහතිය වෙනුවෙන් සිදු කළේ ඒ නිසයි. අප මනස පාලනය කරගතහොත් අපට තණ්හාව දුරු කරගත හැකියි.

මෙම මිනිස් මනසට සමානව දැන් කෘත්‍රිම බුද්ධිය පැමිණ තිබෙනවා. කෘත්‍රිම බුද්ධියට විවිධ තොරතුරු ඇතුළත් කළ හැකියි. ඒ අනුව කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වෙනවා. එසේ නම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.

කෘත්‍රිම බුද්ධිය වෙනත් දහමක් දේශනා කරයි ද එය බුදු දහමට තර්ජනයක් විය හැකියි. ඒ නිසා අප ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඓතිහාසික අනුරාධපුර සමයේ මෙරටට බුදු දහම පැමිණි අතර එතැන් පටන් බුදු දහමට විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා. හින්දු දහම, මහායාන ධර්මය මෙන්ම දේශපාලන තත්ත්වයන් ඊට බලපා තිබෙනවා. මේ කාලයේ සිට කෘත්‍රිම බුද්ධිය ද එක් වෙනවා. එවිට කෘත්‍රිම බුද්ධිය තවත් ධර්මයක් දේශනා කරයිද කියා සිතිය යුතුයි. ජනතාව අතේ තිබෙන ජංගම දුරකතනයෙන් ධර්මය ඇසුරු කරන විට එහි බලපෑම් කුමක් විය හැකි ද කියා සිතිය යුතුයි. මෙය බුදු දහමට පමණක් නොව වෙනත් ආගම් ද මුහුණදී සිටින ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.

ඒ නිසා කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීමටත් අප නව නීති රීති ගෙන එනවා. තාක්ෂණ වර්ධන නීති කෙටුම්පත තාක්ෂණ අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙන අතර ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මධ්‍යස්ථානයක් ද ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමය දැනමටත් කෘත්‍රිම බුද්ධිය පාලනය කරන නීති රෙගුලාසි ඇතුළත් කර තිබෙනවා. අපත් එය සිදු කළ යුතුයි. ඒ වගේම බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියනයක් ලබන වසරේදී වෙන් කිරීමට අපේක්ෂා කරනවා. එය මෙම වසරේදී සිදු කිරීමට අපේක්ෂා කළ ද කෘත්‍රිම බුද්ධිය පාලනයට අදාළ නීති රෙගුලාසි තවමත් සම්මත කරගෙන නැති නිසා එය ලබන වසරට කල් දමනු ලැබුවා. ඒ අනුව නව නීති ඉදිරිපත් කර එම කටයුතු ආරම්භ කිරීමට අප අපේක්ෂා කරනවා.

මොරටුවැල්ල ධම්ම නිකේතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර කල්‍යානිවංශික ශ්‍රී සද්ධම්ම යුක්තික නිකායේ මහානායක මාගාල්ලේ නාගිත හිමි, පානදුර සංඝ සභාවේ අධිකරණ සංඝ නායක කොරළවැල්ල වාළුකාරාම මහා විහාරාධිපති නැහින්නේ අරියඥාන හිමි, මොරටුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මොරටුව, ඉඳිබැද්ද ශ්‍රී සුධර්ම රත්නාරාම විහාරාධිපති ගම්පොල සුගුණධජ හිමි, මොරටුව හොරේතුඩුව පුරාණ සාංඝිකාරාමයේ විහාරාධිපති, අඟුලානේ ඥානවිමල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දැඩි ආර්ථික පසු­බෑ­ම­කට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාව සතු­ටු­දා­යක ආර­ම්භක ප්‍රකෘ­ති­මත් භාව­යක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ප්‍රකෘ­ති­මත් වීම පිළි­බඳ ජපා­නය දැඩි විශ්වා­ස­ය­කින් පසු වන බව ජපා­නයේ විදේශ ඇමැ­තිනි කමි­කවා යොකෝ මහ­ත්මිය පැවැ­සු­වාය. ඇය මේ බව ප්‍රකාශ කළේ

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා සහ ජපා­නයේ විදේශ ඇමැ­ති­නිය අතර අර­ලි­ය­ගහ මන්දි­රයේ පෙරේදා (4) පැවති හමු­වේදී අද­හස් දක්ව­මිනි.

අග­මැ­ති­ව­රයා මෙහිදී ජපාන රජය විසින් සම සභා­ප­ති­ත්වය දරන ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, පැරිස් සමා­ජය සහ ඉන්දි­යාව, ප්‍රංශය සහ අනෙ­කුත් ආධාර සප­යන රට­වල සහය ඇතිව සිදු කෙරෙන ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලියේ ප්‍රග­තිය සම්බ­න්ධ­යෙන් ජපාන විදේශ ඇමැ­ති­ව­රිය දැනු­වත් කළේය.

අඩු ආදා­ය­ම්ලාභී සහ අව­දා­න­මට ලක් විය හැකි කොට­ස්ව­ලට සහය වීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා­සි­ටු­වීම සඳහා ඇස්වැ­සුම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳ­වද අග­මැ­ති­ව­රයා මෙහිදී කරුණු පැහැ­දිලි කළේය.

මේ ව්‍යාපෘති අත් කර­ගෙන ඇති ප්‍රග­තිය අගය කළ ජපාන විදේශ ඇමැ­ති­නිය චීනය සහ පෞද්ග­ලික ණය දෙන්නන් සම­ඟද ශ්‍රී ලංකාව ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ කට­යුතු කඩි­නම් කරනු ඇතැයි ජපා­නය අපේක්ෂා කරන බවද පැවැ­සු­වාය.

යෝජිත අනු­රා­ධ­පුර මහා­වි­හාර විශ්ව­වි­ද්‍යා­ලය ඇතුළු බෞද්ධ ආග­මික මධ්‍ය­ස්ථාන සඳහා පිරි­න­මන ආධාර සම්බ­න්ධ­යෙන් ජපා­න­යට ස්තුතිය පළ කළ අග­මැ­ති­ව­රයා බෞද්ධ දින දර්ශ­නයේ වඩාත් පූජ­නීය කාලය වන වෙසක් මාස­යේදී ජපාන ඇමැ­ති­ව­රිය ශ්‍රී ලංකා­වට පැමි­ණීම විශේ­ෂ­ත්ව­යක් බව පැව­සීය.

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති මිසු­කොෂි හිදෙකි, රාජ්‍ය ඇමැ­ති­ව­රුන් වන තාරක බාල­සූ­රිය, සුරේන් රාඝ­වන්, පියල් නිශාන්ත, පාර්ලි­මේන්තු මන්ත්‍රී යදා­මිණි ගුණ­ව­ර්ධන, අග­මැති අති­රේක ලේකම් හර්ෂ විජේ­ව­ර්ධන, කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති මහා­චාර්ය එච්. ඩී. කරු­ණා­රත්න මහ­ත්ව­රුද මේ හමු­වට එක් වූහ.

 
 
 
 
 

කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘ­තිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘ­තිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියා­ත්මක, දැනට අත­ර­මඟ නැවතී ඇති සංව­ර්ධන ව්‍යාපෘති නැවත කඩි­න­මින් ආරම්භ කිරීම තම රජයේ අර­මුණ බව ජපාන විදේශ කට­යුුතු ඇමැ­තිනි යෝකෝ කමි­කාවා මහ­ත්මිය පැව­සු­වාය.

ඇය මේ බව සඳ­හන් කළේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති කාර්යා­ලයේ දී පෙරේදා (04) පෙර­ව­රුවේ හමු වූ අව­ස්ථා­වේ­දීය.

දෙදින නිල සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණ සිටින ජපාන විදේශ කට­යුතු ඇමැ­තිනි යෝකෝ කමි­කාවා මහ­ත­මිය ජනා­ධි­ප­ති­ව­රයා හමුවේ මෙහි දී පැවැ­සුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බු­ද­යෙන් මුදා ගනි­මින් රටේ ආර්ථි­කය ස්ථාවර කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගෙන යන වැඩ­පි­ළි­වෙළ අගය කරන බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බු­ද­යෙන් මුදා සිදු­ක­රන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය ද මෙහි දී ජපාන විදේශ ඇමැ­තිනි යෝකෝ කමි­කාවා මහ­ත්මි­යගේ ඇග­යී­මට ලක් කෙරිණි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් වන අව­බෝ­ධතා ගිවි­සුම කඩි­න­මින් අත්සන් තැබීම පිළි­බඳ ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

කාන්තා අයි­ති­වා­සි­කම් සහ ස්ත්‍රී පුරුෂ සමා­නා­ත්ම­තාව වෙනු­වෙන් දැඩි ලෙස පෙනී සිටින ජපාන විදේශ අමාත්‍ය කමි­කාවා මහ­ත්මිය, ශ්‍රී ලංකාවේ ඊට අදා­ළව නව නීති සම්පා­ද­නය කර­මින් මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා ගෙන ඇති සාධ­නීය පිය­වර ඇග­යී­මට ලක් කළාය.

ශ්‍රී ලංකාව සහ ජපා­නය අතර පව­තින ඓති­හා­සික සබ­ඳ­තාව මෙහි දී සිහි­පත් කළ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා දෙර­ට­ටම ප්‍රති­ලාභ සැල­සෙන අයු­රින් දෙරට අතර සහ­යෝ­ගී­තාව ශක්ති­මත් කර ගැනීම තම අර­මුණ බව ද පැවැ­සීය.

පසු­ගිය ආර්ථික අර්බු­දය හමුවේ ජපා­නය ශ්‍රී ලංකාව වෙනු­වෙන් ලබා දුන් සහාය පිළි­බඳ සිය ස්තූතිය පිරි­නැ­මී­මට ද ජනා­ධි­ප­ති­ව­රයා මෙය අව­ස්ථා­වක් කර ගත්තේය.

විදේශ කට­යුතු අමාත්‍ය ජනා­ධි­පති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක, ජනා­ධි­පති ලේකම් සම­න්‍ ­ඒ­ක­නා­යක, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් අරුණි විජේ­ව­ර්ධන, ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආචාර්ය ආර්. එච්. එස්. සම­ර­තුංග, ජාත්‍ය­න්තර කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති අධ්‍යක්ෂ දිනුක් කොළ­ඹගේ යන මහත්ම මහ­ත්මීහූ ද මෙම අව­ස්ථා­වට එක්වූහ.

 
 
 
 

ජනපති වැඩපිළිවෙළින් අපේ ජනතාවට ඉඩම් අයිතිය ලැබෙනවා – ඇමැති ජීවන් තොණ්ඩමන් කොටගල කම්කරු කොංග්‍රස් මැයි රැලියේදී කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ අනුව මේ මාසය අවසන් වන විට අපේ ජනතාවට අනිවාර්යයෙන්ම ඉඩම් අයිතිය ලැබෙනවා. – ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්
වතු කම්කරුවකුගේ දෛනික වැටුප රු. 1,700 දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගලදී ඊයේ (01) ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ලංකා කම්කරු කොංග්‍රසය කොටගල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මැයි රැලියට එක් වෙමිනි. වතුකරයේ ජනතා ගැටලු තමා කිසි විටෙකත් අමතක කර නැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ රැලියට එක් වූ අතර ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ ඇමැති ජීවන් තොණ්ඩමන් මහත්වරුන් ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි දින රැලිය සහ පෙළපාළිය පැවැත්වුණු අතර, කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙවරට මෙහිදී කඳුකර ජනතාවගෙන් හිමි වූයේ ඉහළ ප්‍රතිචාරයකි.

වතු කම්කරුවකුගේ දෛනික වැටුප රු. 1,700 දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගලදී ඊයේ (01) ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ලංකා කම්කරු කොංග්‍රසය කොටගල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මැයි රැලියට එක් වෙමිනි. වතුකරයේ ජනතා ගැටලු තමා කිසි විටෙකත් අමතක කර නැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ රැලියට එක් වූ අතර ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ ඇමැති ජීවන් තොණ්ඩමන් මහත්වරුන් ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි දින රැලිය සහ පෙළපාළිය පැවැත්වුණු අතර, කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙවරට මෙහිදී කඳුකර ජනතාවගෙන් හිමි වූයේ ඉහළ ප්‍රතිචාරයකි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“අප සියලු දෙනා පසු කළේ ඉතා අසීරු කාලයක්. එහිදී වැඩි වශයෙන් දුක් වින්දේ වතුකරයේ ජනතාව බව අප දන්නවා. ඒත් ඔවුන් දුෂ්කරතා හමුවේ වුවද තේ අස්වැන්නෙන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය දුන්නා. තේ අපනයනයෙන් අපට 2023 වසරේ වගේම 2024 වසරේද විදේශ විනිමය ලැබුණා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස මම ඔබට ස්තුතිවන්ත වෙනවා. රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට හැකි වූයේ ඔබේ දහඩිය මහන්සියෙන් බව පැවසිය යුතුයි. මෙහි සිටින කිසිවකුට නැවත 2022දී රට පැවති තත්ත්වයට යෑමට අවශ්‍යයි කියා මා සිතන්නේ නැහැ. අප කිසිවකුත් ඊට සූදානම් නැහැ. අප ඉතා දුක්ඛිත තත්ත්වයක් පසු කළා. දැන් මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. දැන් සියලු දෙනාට සහන සැලසීමට අප කටයුතු කරනවා.

“අප රජයේ සේවකයන් වෙනුවෙන් රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඒ වගේම අස්වැසුම මඟින් පිරිනමන ප්‍රතිපාදන ඉහළ නංවා තිබෙනවා. ඒ සමගම පෞද්ගලික අංශයද වැටුප් වැඩි කිරීම් සිදු කර තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම වතුකම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කරනවා. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න අප අමතක කර නැහැ. මේ ලයින් කාමර තිබෙන ස්ථාන නීතියෙන් ගම්මාන ලෙස හඳුන්වා දීමට මම සහ අගමැතිතුමා සාකච්ඡා කර තිබෙනවා. එවිට මේ ස්ථානවලට ගම්මානවලට ඇති පහසුකම් ලැබෙනවා. ජීවන් තොණ්ඩමන් ඇමැතිතුමා සමඟ ඒ කටයුතු ඉදිරියට ගෙන යෑමට අප බලාපොරොත්තු වනවා.

“ඒ වගේම වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඔවුන්ට විද්‍යා විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් බඳවාගැනීමට අප කටයුතු කරනවා. මා අගමැතිව සිටියදී වතුකරයේ පාසල් ගණනාවක විද්‍යාගාර ආරම්භ කිරීමට කටයුතු කළා. ඉන් ඇතැම් පාසල්වල පවතින ගුරු හිඟය සම්පූර්ණ කර ඒවා දියුණු කිරීමටද කටයුතු කරනවා. ඒ වගේම වතුකරයේ වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමටද අප පියවර ගෙන තිබෙනවා. අප රජයක් ලෙස කිසි විටෙක වතු කම්කරු ජනතාව අමතක කර නැහැ. ඔවුන්ගේ ගැටලු පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ජනාධිපති ලෙස මා යටතේ වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. 1982 වසරේදී සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ ඉල්ලීම අනුව වතු පාසල් දියුණු කිරීමේ වගකීම එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා විසින් භාර ගත්තා. ඉන් පසුව 1986දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පුරවැසිකම නැති පිරිසට පුරවැසිකම දෙන ලෙස ප්‍රකාශ කළ විට ඒ සඳහාද මා සහයෝගය දුන්නා. 2003දී මා ආරුමුගම් තොණ්ඩමන් මහතා සමඟ එක්ව ඉන්දියාවේ පුරවැසිභාවය තිබෙන නමුත් ලංකාවේ සිට ඉන්දියාවට යෑමට අකැමැති වූ පිරිසට මෙරට පුරවැසිභාවය හිමි කර දුන්නා. දැන් ඒ ප්‍රශ්න සියල්ල විසඳී තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ප්‍රදේශ දියුණු කිරීමයි. ඒ වෙනුවෙන් තමයි වැටුප් වැඩි කිරීම් සිදු කරමින් මේ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට අප කටයුතු කරන්නේ. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන වතුකරයටත් ගෙන එන බවද මම ප්‍රකාශ කිරීමට කැමතියි.”

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා:

“මේ වැටුප් වැඩි කිරීම සඳහා අවුරුද්දක් පුරා දැඩි පරිශ්‍රමයක් දැරුවා; අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළා. මැයි 1ට පෙර මේ වැටුප් වැඩි වීම කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නා. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් ‍මීට මාස ගණනාවකට පෙර වතු සමාගම් ගෙන්වා දැනුම් දෙනු ලැබුවා. වතු අයිතිය තිබෙන්නේ රජයටයි. ඔබට අවශ්‍ය පහසුකම් සපයන්න ඔවුන්ට නොහැකි නම් ආණ්ඩුවට තීරණ ගැනීමට සිදු වනවා. මේ වැටුප් වැඩි වීම සිදු වන්නේ ඒ අනුවයි. එතැනින් නොනැවතී වැඩිපුර නෙළන දළු කිලෝවක් සඳහා රු. 80ක් ගෙවන්නත් අප තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරලා තමයි අද ඔබ ඉදිරියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රකාශයට පත් කළේ. එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඔබ වෙනුවෙන් ඉඩම් අයිතිය ඇතුළු සියලු අයතීන් හිමි කර දීම වත්මන් ජනාධිපතිතුමාගේ දැක්මයි. වසර දෙකක් ඇතුළත මේ රට ස්ථාවරත්වයට පත් කළ ආකාරයෙන්ම ඔබ සියලු දෙනාගේ ජීවිත ගොඩනැඟීමට ප්‍රායෝගික සැලැස්මක් මේ වන විටත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක බව ද ඔබ හමුවේ ප්‍රකාශ කිරීමට කැමතියි.”

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා:

“දැඩි අරගලයකින් පසු වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුප් වැඩි වීමක් පිරිනමා තිබෙනවා. කෙටි කාලයක් තුළ මේ කටයුත්ත සාර්ථක කරගැනීමට සහයෝගය දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරුන්ට මාගේ කෘතඥතාව පළ කිරීමට කැමැතියි. බොහෝ වෘත්තීය සමිති සහ බොහෝ ප්‍රජා සංවිධාන මේ වැටුප් වැඩි වීම පිළිබඳ සාකච්ඡා කිරීමට අපට සහය දුන්නා. කම්කරු කොංග්‍රසය වෙනුවෙන් අප ඔවුන්ට ස්තුතිවන්ත වනවා. කම්කරුවන්ගේ අරගලයෙන් සහ වෘත්තීය සමිතිවල ශක්තියෙන් කඳුකර ජනතාවටද, මේ රටේ අනෙකුත් ජන කොටස්වලට ලැබෙන අයිතිවාසිකම් හිමි කර දීමට කටයුතු කළේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතායි.”

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා:

“ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු අපට මැයි දින රැලියක් පැවැත්වීමට නොහැකි වුණා. ඒ වගේම කොරෝනා වසංගතයට සහ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. එහෙත් දැන් අවුරුදු 4කට පස්සේ අපි දැවැන්ත රැලියක් පවත්වනවා. පසුගිය වසර 4ක කාලය තුළ අප විවිධ අවලාදවලට හා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ වගේම අපේ ජනතාවද ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අ‍පි ඉඩම් නැති සමාජයක්. ඒත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ අනුව මේ මාසය අවසන් වන විට අපේ ජනතාවට අනිවාර්යයෙන්ම ඉඩම් අයිතිය ලැබෙනවා. ඒ වගේම වතු ජනතාවට දී තිබෙන පොරොන්දු ඉටු වෙමින් තිබෙනවා. මේ ජනතාවගේ සියලු අයිතිවාසිකම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තහවුරු වනු ඇතැයි විශ්වාස කරනවා.”

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේශ්වරන්, ජාතික සංවිධායක ඒ.පී. ශක්තිවේල්, උප සභාපති ගණපති කනගරාජ්, උප සභාපති අනුසුයා සිවරාජා, වැවිලි මානව සංවර්ධන අරමුදලේ සභාපති භාරත් අරුල්සාමි යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු සහ පාක්ෂිකයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මානව සංහ­තියේ ප්‍රග­ම­නය වෙනු­වෙන් සුවි­ශේෂී මෙහෙ­ව­රක් සිදු­කළ ගුවන් විදු­ලියේ නිර්මා­තෘ­ව­රයා ලෙස සැල­කෙන ඉතා­ලි­යානු සම්භ­ව­යක් සහිත භෞතික විද්‍යා­ඥ­යකු වන ගුග්ලිමෝ මාකෝනි මහ­තාගේ  150 වැනි ජන්ම සංව­ත්ස­රය වෙනු­වෙන් විශේෂ සමරු වැඩ­ස­ට­හ­නක්  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරි­ශ්‍ර­යේදී පැව­ත්විණි.

මෙයට සම­ගා­මීව  ගුග්ලිමෝ මාකෝනි මහ­තාගේ  150 වැනි ජන්ම සංව­ත්ස­රය වෙනු­වෙන් විශේෂ සමරු මුද්ද­ර­යක් සහ මුල් දින කව­ර­යක් එළිදැක්වීම අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන්, කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහ­තාගේ සහ ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් සිදු කෙරිණි.

වර්ෂ 1930 දශ­කයේ මාර්කෝනි සංචා­රය කළ රටක් වන ශ්‍රී ලංකාව සහ ඉතා­ලිය අතර පව­තින ශක්ති­මත් බැඳීම සහ දිගු කාලීන මිත්‍ර­ත්වය සැම­රීමේ අව­ස්ථා­වක් ද මෙම මුද්ද­රය නිකුත් කිරී­මෙන් සනි­ටු­හන් කරනු ලබයි.

රුපි­යල් පන­හක වටි­නා­ක­ම­කින් යුතු මෙම මුද්ද­රය සුල­ක්ෂිකා රත්නා­යක විසින්  නිර්මා­ණය   කර තිබේ.

මෙම වැඩ­ස­ට­හනේ ප්‍රධාන දේශ­නය ගුග්ලිමෝ මාකොනි පද­නමේ සභා­පති ජුලියා ෆෝචු­නාටෝ මහ­ත්මිය විසින් සිදු කරන ලදී.

අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන, කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන, ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති දමි­යානෝ ෆ්‍රෑන්කෝ­වික් (Damiano Francovigh)මහ­ත්ව­රුන්, පාර්ලි­මේන්තු මැති ඇමැ­ති­ව­රුන්, ගුවන් විදුලි සංස්ථාවේ සභා­පති හඩ්සන් සම­ර­සිංහ ඇතුළු නිල­ධා­රීන්, ශ්‍රී ලංකාවේ ඉතාලි තනා­පති කාර්යා­ලය නියෝ­ජ­නය කරන රාජ්‍ය තාන්ත්‍රික නිල­ධා­රීන් ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 
 
 
 

රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යෑමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් ඊට දායක කර ගැනී­මට ආණ්ඩුව සැල­සුම් කර තිබෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කර සිටියේ ‘ඩිල්මා සින­මන්’ වෙළෙඳ සන්නා­මය එළි­දැ­ක්වීම වෙනු­වෙන් කොළඹ ගාලු මුව­දොර හෝට­ලයේ පෙරේදා (28) පැවති උත්ස­ව­යට එක්වෙ­මිනි.

‘සිලෝන් ටී’ නාමය ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නා­මය සිය සමා­ගම හරහා සිදු කරනු ලබන දේශීය අප­න­යන තව­දු­ර­ටත් පුළුල් කර­මින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මා­න්ත­යට ද ප්‍රවිෂ්ට වෙමින් ඉහළ ගුණා­ත්ම­ක­භා­ව­යෙන් යුතු කුරුඳු නිෂ්පා­දන ජාත්‍ය­න්තර වෙළෙඳ පොළට ඩිල්මා සන්නා­මය යටතේ හඳුන්වා දීමට පිය­වර ගෙන තිබේ.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ ලෝක සූප­වේ­දීන්ගේ සංග­මයේ සභා­පති ප්‍රවීණ සූප­වේදී තෝමස් ගුග්ලර් මහතා සංකේ­තා­ත්ම­කව ඩිල්මා කුරුඳු නිෂ්පා­දන එළි දැක්වීම සිදු කරන ලදී.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේද පැව­සීය.

අතී­තයේ මෙරට ප්‍රධාන අප­න­යන භෝග­යක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රච­ලිත කිරීමේ වැඩ­පි­ළි­වෙළ කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හන සමඟ ක්‍රියා­වට නංවා තිබෙ­නවා.

ඩිල්මා සමා­ගම ‘සිලෝන් ටී’ නාමය නැවත පණ ගැන්වූ ආකා­ර­ය­ටම ‘සිලෝන් සින­මන්’ නාමය ඉදි­රි­යට ගෙන ඒම පිළි­බඳ මෙහිදී සිය ස්තූතිය කර­නවා. මෙය රටේ ආර්ථි­කයේ නව පරි­ච්ඡේ­ද­යක ඇර­ඹුම වෙනවා.

කුරුඳු වගාව එදා අපේ රටේ ප්‍රධාන භෝග­යක්ව පැව­තුණා. පොලො­න්න­රුව රාජ­ධා­නිය බිඳ­වැ­ටී­මෙන් පසු අපගේ රාජ­ධානි නිරි­ත­දිග තෙත් කලා­ප­යට සංක්‍ර­ම­ණය වන විට රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන ගියේ කුරුඳු කර්මා­න්ත­යයි. අපට කුරුඳු නොති­බුණා නම් දඹ­දෙ­ණිය, යාප­හුව, ගම්පොළ, රයි­ගම හෝ කෝට්ටේ යන රාජ­ධානි කිසි­වක් බිහි­වන්නේ නැහැ. කුරුඳු අපේ රටේ ඉති­හා­සය සමඟ බැඳී තිබෙන්නේ මේ ආකා­ර­ය­ටයි.

එදා යාප­නය පාල­නය කළ පාල­කයා මේ අත­රින් ඉතා වාස­නා­වන්ත වුණා. ඔහු සතුව අලි ඇතුන් සහ මුතු තිබුණා. නමුත් කුරුඳු කර්මා­න්ත­යෙන් කොට­සක් ද තමා සතුව පැව­තිය යුතු බව ඔහු සිතුවා. ඒ අනුව ඔහු පුත්ත­ලම අල්ලා ගෙන එහි සිටි පාල­ක­ය­න්ගෙන් කප්පම් ලබා­ගත්තා. නමුත් එය ප්‍රමා­ණ­වත් නොවන බව සිතූ ඔහු වෙළ­ඳාම පාල­නය කළ යුතු බවට තීර­ණය කළා. ඒ අනුව ඔහු එහි සිට රයි­ගම සහ කෝට්ටේ රාජ­ධානි අල්ලා ගත්තා.

ඔහුට තව­දු­ර­ටත් මේ ආකා­ර­යට කට­යුතු කිරී­මට ඉඩ­දිය නොහැකි බව වෙළෙ­දාම පාල­නය කළ කේරළ වෙළෙ­න්දන් සිතුවා. ඒ නිසා ඔවුන් බල­කො­ටු­වක් ඉදි­කර ආර්ය චක්‍ර­වර්තී පරා­ජය කිරීම සඳහා ඔවුන් අතු­රින් ප්‍රමු­ඛයා වූ අල­කේ­ශ්වර මෙහි එව්වා. ඉතින් මේ අපේ ඉති­හා­සයේ තවත් කොට­සක්.

හය­වන පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා උඩ­රට රාජ­ධා­නිය අත්පත් කර­ග­ත්තේද සමස්ත කුරුඳු කර්මා­න්තය ඔහුගේ පාල­න­යට ගත හැකි නිසා බව ඉති­හා­සයේ සඳ­හන් වෙනවා. ඒ වගේම එම රාජ­ධා­නියේ අසි­රිය සැළ­ලි­හිණි සංදේ­ශයේ සඳ­හන් වෙනවා.

පෘතු­ගී­සීන් සමඟ සටන් කළ සීතා­වක රාජ­සිංහ රජුගේ ක්‍රියා­ක­ලා­පය දෙස බැලු­ව­හොත්, ඔහු පෘතු­ගී­සීන් උඩ­රට බල­කො­ටු­වට සීමා කළා. ඒ වගේම ඔහු කොළඹ කොටුව සහ මීග­මුව බල­කො­ටුව අත්පත් කර ගත්තා. ඔහුගේ රාජ­ධා­නියේ සහ කෝට්ටේ රාජ­ධා­නියේ එකතු කරන ලද කුරුඳු සියල්ල ඔහු යටතේ තබා­ගත්තා. ඉන්පසු ඔහු ඒ කුරුඳු සියල්ල අතු­රින් උසස් තත්ත්වයේ කුරුඳු පම­ණක් ඉතිරි කර ගුණා­ත්ම­ක­භා­ව­යෙන් අඩු කුරුඳු සිය­ල්ලම පුලුස්සා දැම්මා.

මේ ආකා­ර­යට අපේ රාජ­ධානි සමඟ කුරුඳු කර්මා­න්තය බැඳී පැව­තුනා. ඒ වගේම උඩ­රට රාජ­ධා­නිය පව­ත්වා­ගෙන යාම සඳහා මුදල් ලැබුණේ කුරුඳු කර්මාන්ත මඟින්. නමුත් කුරුඳු වෙනු­වට කෝපි සහ තේ පැමි­ණී­මත් සමඟ කුරුඳු මිල පහළ යෑම නිසා සමස්ත තත්ත්ව­යම වෙනස් වුණා.

නමුත් තව­මත් ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ හොඳම කුරුඳු බවට පිළි­ගැ­නී­මක් තිබෙ­නවා. ඩිල්මා සමා­ගම “සිලෝන් ටී” යන නාමය නැවත පණ ගැන්වූ ආකා­ර­ය­ටම “සිලෝන් සින­මන්” නාමය නැවත මතු කර තිබෙ­නවා. ඒ පිළි­බඳ මම ස්තූවන්ත වන අතර මෙය මෙරට ආර්ථි­කයේ නව ගම­නක ආර­ම්භය බව ද මා විශ්වාස කර­නවා.

රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යාමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් ඊට දායක කර ගැනී­මට ආණ්ඩුව සැල­සුම් කර තිබෙන බව කිව යුතුයි.

සිංහල රජ සමයේ සිට 1948 දී බ්‍රිතාන්‍ය පාල­න­යෙන් අප නිද­හස ලබ­න­තු­රුම කෘෂි­ක­ර්මා­න්තය අපේ ප්‍රධාන ආර්ථික ක්‍රමය බවට පත්ව තිබුණා. නමුත් පසුව අප කෘෂි­ක­ර්මා­න්තය අම­තක කර දැමුවා. නැවත කෘෂි ආර්ථි­ක­යක් කරා රට ගෙන යාමට කෘෂි නවී­ක­රණ වැඩ­පි­ළි­වෙළ සමඟ අප සැල­සුම් කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය නව නීති ගෙන ඒම­ටද අපේක්ෂා කර­නවා. මෙම වැඩ­පි­ළි­වෙළ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ග­ලික අංශයේ ද සහාය හිමි විය යුතුයි.

ඩිල්මා සමා­ග­මට මගේ ස්තූතිය පිරි­න­මන අතර ඔබට අවශ්‍ය ඕනෑම සහ­යෝ­ග­යක් ලබා දීමට අප කට­යුතු කරන බව ද සඳ­හන් කිරී­මට කැම­තියි. ඩිල්මා සමා­ග­ම­ටත් ඔබ සැම­ටත් මගේ සුභ පැතුම් පිරි­න­ම­නවා.

මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ, සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ, ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නා­යක යන මහත්ම මහ­ත්මීන් සහ විදෙස් මහ­කො­ම­සා­රි­ස්ව­රුන් සහ තානා­ප­ති­ව­රුන්, ඩිල්මා සමූහ ව්‍යාපා­රයේ සභා­පති ඩිල්හාන් ප්‍රනාන්දු ප්‍රමුඛ එම පවුලේ සාමා­ජි­ක­යන් ඇතුළු සම්භා­ව­නීය ආරා­ධිත පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 
 
 
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter