නවතම පුවත්

ගෝලීය හා ව්‍යූහාත්මක අභියෝග මැද කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී ප්‍රතිපත්තිය, ප්‍රංශයේදී පැවැති කාන්තා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සිවුවන ඇමැති සමුළුව හමුවේ ශ්‍රී ලංකාව අවධාරණය කර තිබේ.

පැරිසියේදී පැවති ප්‍රංශයේ යුරෝපා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද කාන්තාවාදී විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සිවුවන ඇමැති සමුළුවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සහභාගි වූ අතර එම සමුළුව අමතමින් නියෝජ්‍ය ඇමැතිනිය මේ බව ප්‍රකාශ කළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී ස්ථාවරය සැලකිල්ලට ගනිමින්, යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ ඇමැති ජීන්-නොයෙල් බැරට් විසින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා වෙත අමාත්‍ය සමුළුවට සහභාගි වන ලෙස කරන ලද ආරාධනයක ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය ඇමැතිනිය මේ අවස්ථාවට එක්ව තිබේ. ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තියේ දස වසරක්: ප්‍රතික්‍රියා හමුවේ ප්‍රතිරෝධය දැක්වීම, එක්සත් වීම සහ ක්‍රියා කිරීම යන මාතෘකාව යටතේ පැවති අමාත්‍ය සමුළුවේ පළමු පූර්ණ සැසිවාරයට නියෝජ්‍ය ඇමැතිනිය සහභාගි වූ අතර, මෙක්සිකෝවේ නියෝජ්‍ය විදේශ ඇමැති මාරියා තෙරේසා මර්කාඩෝ පෙරෙස් සහ කැනඩාවේ ජාතික ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ස්ටෙෆානි බෙක් ඇතුළු අනෙකුත් කීර්තිමත් ඇමැතිවරුන් ද මේ අවස්ථාවට සහභාගි වී ඇත.

නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි, ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්ති සහයෝගිතා ලයිරික් තොම්සන් විසින් මෙහෙයවන ලද මේ කමිටුවට, UNFPA හි විධායක අධ්‍යක්ෂ ඩීන් කීටා, ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ විධායක අධ්‍යක්ෂ නීල් දත්තා සහ උගන්ඩාවේ කාන්තාවන් ප්‍රවර්ධනය සඳහා වූ ප්‍රංශ මේරියන් ත්‍යාගය ලැබූ උගන්ඩාවේ සෆිනා විරානි ද සහභාගි වී තිබේ. සංකීර්ණ භූ දේශපාලනික ලෝකයක කාන්තාවන්ගේ අයිතිවාසිකම් කිසිදා නොවූ විරූ ලෙස අභියෝගයට ලක්වන තීරණාත්මක අවස්ථාවක කාලෝචිත සමුළුව සංවිධාන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිනි කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රශංසා කර ඇත.

ශ්‍රී ලංකාව දිගු කලක් ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාව සහ කාන්තා බලගැන්වීම එහි ජාතික අනන්‍යතාවයේ හදවත ලෙස තබා ඇති බව නිරීක්ෂණය කළ නියෝජ්‍ය ඇමැතිනිය, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය දෙගුණ කිරීම, පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා සියයට 25ක කෝටාවක් සහ තානාපති තනතුරුවලින් සියයට 38කට කාන්තාවන් පත්කිරීම ඇතුළුව මෑත – කාලීන ප්‍රගතිය ඉස්මතු කර තිබේ. එය ගෝලීය සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් බවද ඇය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ මෑතකදී පැවති මහ මැතිවරණයේ දී, පාර්ලිමේන්තුවේ කාන්තා සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වූ බවත්, කාන්තාවන් 22 දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත් සඳහන් කර තිබෙන ඒ මහත්මිය පවුල් සබඳතා හරහා දේශපාලනයට පිවිසීමේ දිගු කලක් පැවති දකුණු ආසියානු සම්ප්‍රදාය බිඳ දැමූ බවද සඳහන් කර තිබේ.

වත්මන් රජය පාර්ලිමේන්තුවට තේරී පත් වූ වැඩිම කාන්තාවන් සංඛ්‍යාවක් සිටින අතර කාන්තා අගමැතිනියක්, කාන්තා කැබිනට් ඇමැතිවරියන් දෙදෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරියක් ඇතුළුව කාන්තා මන්ත්‍රීවරියන් 19ක් සිටින බවද ඔවුන් ආන්තික ප්‍රජාව ඇතුළු විවිධ සමාජ හා ආර්ථික පසුබිම්වලින් පැමිණ, කුසලතා සහ කැපවීම තුළින් තම තනතුරු ලබාගෙන ඇති බවද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිපත්ති රාමුව, එනම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා බලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, 2024 කාන්තා බලගැන්වීමේ පනත, කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සහ 2025 දී කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම පිහිටුවීම, රටේ තිරසාර ප්‍රගතිය සහ වගවීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ සාක්ෂි ලෙස නියෝජ්‍ය ඇමැතිනිය උපුටා දක්වා තිබේ.

සයිබර් ආරක්ෂාව සඳහා වූ ගෝලීය සහයෝගිතාව සහතික කරමින් එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ වලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව වියට්නාමයේ හැනොයි නගරයේ දී අත්සන් තබයි.

මෑතක දී ගනු ලැබූ අමාත්ය මණ්ඩල තීරණයකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, 2025 ඔක්තෝබර් 25 දින වියට්නාමයේ හැනොයි නගරයේදී, එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට (United Nations Convention Against Cybercrime – UNCC) අත්සන් තබමින් සයිබර් අපරාධවලට එරෙහි ගෝලීය ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් විය.

මෙම සම්මුතිය ‘සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධති භාවිතයෙන් සිදු කරන ලද ඇතැම් අපරාධ මැඩපැවැත්වීම සහ බරපතල අපරාධවල ඉලෙක්ට්රොනික සාක්ෂි හුවමාරු කර ගැනීම සඳහා ජාත්යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම’ ලෙස නම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතාගේ සහභාගීත්වයෙන් මෙම සම්මුතිය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය පවත්වන ලදී. මෙහි දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 72ක් සහ යුරෝපා සංගමය මෙම සම්මුතියට අත්සන් තැබූ අතර, එය සැමට වඩාත් සුරක්ෂිත සහ විශ්වාසදායක ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ප්‍රථම සම්මුතිය වේ. තවද, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ (UN Office on Drugs & Crimes – UNODC) විධායක අධ්‍යක්ෂිකා ගාඩා ෆාති වාලි මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 111 ක් නියෝජනය කරමින් අමාත්යවරුන්, නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ශ්‍රී ලංකා රජයේ දූත කණ්ඩායමේ ප්‍රධානී ලෙස මෙම සම්මුතියට අත්සන් තැබීය. තවද, මෙම සමුළුවට වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා, ශ්‍රී  ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කණිෂ්ක කරුණාසේන සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය කෙත්මා යාපා පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ශ්රී ලංකාව සහ මාලදිවයින මෙම සම්මුතියට සම්බන්ධ වූ පළමු දකුණු ආසියානු රටවල් වේ.

දින දෙකක් පුරා පැවති මෙම එක්සත් ජාතීන්ගේ සමුළුවට, සමගාමීව තවත් වැඩසටහන් කීපයක් සහ ප්‍රදර්ශනයක් වියට්නාම් රජය සහ UNODC ඇතුළු අනෙකුත් එක්සත් ජාතීන්ගේ සංවිධාන මගින් සංවිධානය කර තිබිණි.

ඔක්තෝබර් 26 වන දින පැවති මෙම සමුළුවේ පූර්ණ සැසිවාරය අමතමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025 2029) සමඟ සමපාත වන දේශීය මට්ටමේ යාන්ත්‍රණයක් හරහා මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගෝලීය ප්‍රජාව සමඟ කටයුතු කිරීමට සූදානම් බව අවධාරණය කළේ ය. 2015 දී සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් සම්මුතියේ පාර්ශවයක් බවට ශ්‍රී ලංකාව පත්වීමෙන් පසු පැවති ධාරිතා සංවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ වීම මගින් ගෝලීය සයිබර් ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඔහු තවදුරටත් පැවසුවේ මෙම සම්මුතිය මගින් ඇති කර ගන්නා ගෝලීය සම්බන්ධතා මගින් සයිබර් අපරාධවලට එරෙහිව කටයුතු කිරීමට සහ ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පදනම සැකසෙනු ඇති බවයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අධිකරණ, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව, ආරක්ෂක සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් ඇතිකර ගන්නා යාන්ත්‍රණයක් මාස තුනක් ඇතුළත පිහිටුවනු ලබන අතර, ශ්‍රී ලංකාව මෙම සම්මුතිය අපර අනුමත කිරීම (Ratification) සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. මීට අවශ්‍ය නීතිමය හා තාක්ෂණික සූදානම පිළිබඳ ඇගයීමක් ද ධාරිතා සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීමක් ද සිදු කරනු ඇත. පසුගිය වසර පහ පුරා පැවති සාකච්ඡා මාලාවකින් පසුව, 2024 දෙසැම්බර් මාසයේ පැවති 55 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එහි අංක 79/243 දරන යෝජනාව මගින් ඒකමතිකව සම්මත කරන ලද මෙම සන්ධිස්ථානීය එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස ශ්රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නම් කර ඇත.

ශ්‍රී ලංකාව විසින් සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීම, ගෝලීය සහ ජාතික සයිබර් ආරක්ෂණ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරනු ඇත. මෙම සන්ධිස්ථානය, ජාත්‍යන්තර සහයෝගීතාව, ඩිජිටල් විශ්වාසය සහ සුරක්ෂිත සයිබර් අවකාශයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරයි.
සයිබර් ආරක්ෂාව සඳහා වූ ගෝලීය සහයෝගිතාව සහතික කරමින් එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ වලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව වියට්නාමයේ හැනොයි නගරයේ දී අත්සන් තබයි.

මෑතක දී ගනු ලැබූ අමාත්ය මණ්ඩල තීරණයකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය විසින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ මූලිකත්වයෙන්, 2025 ඔක්තෝබර් 25 දින වියට්නාමයේ හැනොයි නගරයේදී, එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට (United Nations Convention Against Cybercrime – UNCC) අත්සන් තබමින් සයිබර් අපරාධවලට එරෙහි ගෝලීය ප්රජාව සමඟ ශ්රී ලංකාව නිල වශයෙන් එක් විය. මෙම සම්මුතිය ‘සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධති භාවිතයෙන් සිදු කරන ලද ඇතැම් අපරාධ මැඩපැවැත්වීම සහ බරපතල අපරාධවල ඉලෙක්ට්රොනික සාක්ෂි හුවමාරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම’ ලෙස නම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතාගේ සහභාගීත්වයෙන් මෙම සම්මුතිය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය පවත්වන ලදී. මෙහි දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 72ක් සහ යුරෝපා සංගමය මෙම සම්මුතියට අත්සන් තැබූ අතර, එය සැමට වඩාත් සුරක්ෂිත සහ විශ්වාසදායක ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ප්‍රථම සම්මුතිය වේ. තවද, එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ (UN Office on Drugs & Crimes – UNODC) විධායක අධ්යක්ෂිකා ගාඩා ෆාති වාලි මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 111 ක් නියෝජනය කරමින් අමාත්යවරුන්, නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා ශ්රී ලංකා රජයේ දූත කණ්ඩායමේ ප්රධානී ලෙස මෙම සම්මුතියට අත්සන් තැබීය. තවද, මෙම සමුළුවට වියට්නාමයේ ශ්රී ලංකා තානාපති ගරු පෝෂිත පෙරේරා, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (Sri Lanka CERT) වැඩබලන ප්රධාන විධායක නිලධාරී ආචාර්ය කණිෂ්ක කරුණාසේන සහ වියට්නාමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්ය කෙත්මා යාපා පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ශ්රී ලංකාව සහ මාලදිවයින මෙම සම්මුතියට සම්බන්ධ වූ පළමු දකුණු ආසියානු රටවල් වේ.

දින දෙකක් පුරා පැවති මෙම එක්සත් ජාතීන්ගේ සමුළුවට, සමගාමීව තවත් වැඩසටහන් කීපයක් සහ ප්‍රදර්ශනයක් වියට්නාම් රජය සහ UNODC ඇතුළු අනෙකුත් එක්සත් ජාතීන්ගේ සංවිධාන මගින් සංවිධානය කර තිබිණි.

ඔක්තෝබර් 26 වන දින පැවති මෙම සමුළුවේ පූර්ණ සැසිවාරය අමතමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025 2029) සමඟ සමපාත වන දේශීය මට්ටමේ යාන්ත්‍රණයක් හරහා මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගෝලීය ප්‍රජාව සමඟ කටයුතු කිරීමට සූදානම් බව අවධාරණය කළේ ය. 2015 දී සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් සම්මුතියේ පාර්ශවයක් බවට ශ්‍රී ලංකාව පත්වීමෙන් පසු පැවති ධාරිතා සංවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ වීම මගින් ගෝලීය සයිබර් ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඔහු තවදුරටත් පැවසුවේ මෙම සම්මුතිය මගින් ඇති කර ගන්නා ගෝලීය සම්බන්ධතා මගින් සයිබර් අපරාධවලට එරෙහිව කටයුතු කිරීමට සහ ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පදනම සැකසෙනු ඇති බවයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අධිකරණ, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව, ආරක්ෂක සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් ඇතිකර ගන්නා යාන්ත්‍රණයක් මාස තුනක් ඇතුළත පිහිටුවනු ලබන අතර, ශ්‍රී ලංකාව මෙම සම්මුතිය අපර අනුමත කිරීම (Ratification) සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. මීට අවශ්‍ය නීතිමය හා තාක්ෂණික සූදානම පිළිබඳ ඇගයීමක් ද ධාරිතා සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීමක් ද සිදු කරනු ඇත. පසුගිය වසර පහ පුරා පැවති සාකච්ඡා මාලාවකින් පසුව, 2024 දෙසැම්බර් මාසයේ පැවති 55 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එහි අංක 79/243 දරන යෝජනාව මගින් ඒකමතිකව සම්මත කරන ලද මෙම සන්ධිස්ථානීය එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස ශ්රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නම් කර ඇත.

ශ්‍රී ලංකාව විසින් සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීම, ගෝලීය සහ ජාතික සයිබර් ආරක්ෂණ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරනු ඇත. මෙම සන්ධිස්ථානය, ජාත්‍යන්තර සහයෝගීතාව, ඩිජිටල් විශ්වාසය සහ සුරක්ෂිත සයිබර් අවකාශයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වවන  GovPay  මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට පහසුකම් සලසා දී තිබේ.

ඒ අනුව අද දිනය වන විට ගනුදෙනු 38 378ක් ඔස්සේ රුපියල් 760 834 489 ක රාජ්‍ය ගනුදෙනු සිදු කර ඇති අතර මේ සඳහා රාජ්‍ය ආයතන 184ක ප‍්‍රමාණයක් එක්ව තිබේ.

GovPay  ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන රටේ ජාතික ගෙවීම් ජාලය වන LankaPay විසින් මෙහෙයවන ලද ව්‍යාපෘතියක් වන අතර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම වේදිකාව රජයේ මූල්‍ය ගනුදෙනුවල වැඩිදියුණු කළ පාලනය, නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කරමින් ආදායම් එකතු කිරීමේ ක‍්‍රියාවලීන් නවීකරණය කිරීම  සිදු කෙරේ.

ඒ අනුව රජයේ ආයතන සමඟ මූල්‍ය ගනුදෙනු විධිමත් කිරීමෙන් විද්‍යුත් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා වන ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ප‍්‍රයත්නයන් අතර මෙම ව්‍යාපෘතිය ප‍්‍රධන තැනක් ගනියි.

GovPay 2025 පෙබරවාරි මස , ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය, අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් දියත් කරන ලද අතර, අදියර කිහිපයක් යටතේ ක‍්‍රියාත්මක කිරීම සැලසුම් කර ඇත.

පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  ඊයේ (30) වන දින සිය සහතිකය සටහන් කළේය.

21.10.2025 වන දින පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත තෙවනවර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

මෙම පනත, 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය සඳහා වන පනතකි. 2025 මාර්තු මස 27 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර 2025 මැයි මස 08 වන දින ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම සංශෝධන පනත මගින් ප්‍රධාන පනත ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍ය යැයි සැලකෙන සංශෝධන ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම සංශෝධන පනත මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 1 වන, 12 වන, 17 වන, 18 වන, 19 වන, 20 වන, 24 වන, 25 වන, 52 වන, 53 වන, 56 වන වගන්ති සහ VI වන උපලේඛනය සංශෝධනය කරනු ලබන අතර 26 වන වගන්තිය ප්‍රතියෝජනය කිරීමත් ප්‍රධාන ප්‍රඥප්තියට 51අ වන අලුත් වගන්තිය ඇතුළත් කිරීමත් සිදුවේ.

අනාගතයේ දී දත්ත සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන්ට සූදානම්ව, බලය ක්‍රියාත්මක කිරීමට ආයතනයක් තිබීමේ වැදගත්කම හඳුනා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයටම ඩිජිටල් උපායමාර්ග අනුගමනය කිරීමට සමානව සහය වීම සඳහා සහ දත්ත විෂයන්ගේ අයිතිවාසිකම් අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම පනත උපකාරී වනු ඇත.

ඒ අනුව පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත, 2025 අංක 22 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් ඉන් ගලවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට අද (30) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එක්වෙමිනි.

පාසල් දරුවන්ගේ සහ තරුණ ප්‍රජාවගේ ජිවිත බිලි ගනිමින් රටේ ආර්ථිකයත්, සමාජයත් විනාශ කරන ජාතික ව්‍යසනයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට තවදුරටත් ඉඩ තැබීමට තම රජය සූදානම් නොමැති බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ආගම, ක්‍රීඩාව සහ සංස්කෘතිය යන සියලු ක්ෂේත්‍ර එක් කර ගනිමින් බහුවිධ වැඩසටහනක් ඔස්සේ “රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබෙන බවද පැවසීය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය ස්වභාවිකව නිර්මාණය වූවක් නොව, එය දිගු කලක් පුරා දේශපාලනඥයන්ගේ සහ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදයෙන් නිර්මාණය  වූවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශපාලන රශ්මි කදම්භය හමුවේ ආරෝපිත බලයක් නිර්මාණය කර ගැනීමට අපරාධකරුවන්ට ඇති අවස්ථාව වත්මන් රජය අවසන් කර තිබෙන බැවින් සියලු සබඳතා අවසන් කර එම ජාලයෙන් ඉවත් වෙන ලෙස ඊට අනුබල දෙන රාජ්‍ය නිලධාරීන්ට තමා පවසන බව සඳහන් කළේය. මෙම ජාවාරමට සම්බන්ධ කිසිවෙකුට තවදුරටත් සැඟ වී සිටීමට අවස්ථාවක් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම ගම සහ ආගමික ස්ථාන අතර පවතින සංස්කෘතික සබැඳියාව භාවිතයට ගනිමින් මෙම උවදුර පිටුදැකීමට පෙරමුණ ගන්නා ලෙස ආගමික නායකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා, මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු පුවත් වාර්තාකරණයේදී හික්මීම සහ ශිෂ්ට සම්පන්න බව ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින්ද ඉල්ලා සිටියේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ඉදිරි අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන බවත්, ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව එක් කර ගනිමින් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙරට විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධ සිදු වන බවද නිරීක්ෂණය වී තිබේ. කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම, පුළුල් මහජන සහභාගීත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් මගින් එකී උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බව රජය මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, එකී ජාතික අරමුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබේ.

මෙම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීම අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

අප අද එක් රැස් වී සිටින්නේ අපේ රට වෙළාගෙන තිබෙන මායාකාරී ව්‍යසනය පරාජයට පත් කිරීමේ අරමුණින්. අප දන්නවා මේ ව්‍යසනය මොන තරම් ගැඹුරුද, මොන තරම් විනාශකාරීද කියලා. අපේ දරු පරම්පරාව, පොදු සමාජය මෙන්ම අපි ජාතියක් ලෙස මෙම මායාකාරි ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. මෙය මේ මොහොතේ ඇති වූ අභියෝගයක් නොවේ. දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වූ මෙම අභියෝගය අද මුළු සමාජ දේහයම ගිල ගෙන තිබෙනවා.මේ මංසන්ධියේදී නිශ්චිත ලෙස අපට තෝරා ගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් පැරණි දේ ඒ අයුරින්ම සිදු වීමට ඉඩ දී පාඩුවේ සිටිමයි. එසේ නොමැති නම් මීට එරෙහිව හැප්පීමයි. මමත්, අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පීමට තීරණය කර තිබෙනවා.

මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිල ගනිමින් තිබෙනවා. අපේ රටේ බන්ධනාගාරගත වන අයගෙන් 64%ක් මත්ද්‍රව්‍ය සහ සම්බන්ධ වැරදිවලට හසු වූ අයයි. ඒ වගේම දරුවන්ගේ මුළු අනාගතයම විනාශ කරමින් සිටිනවා. වයස අවුරුදු 18ත් 24ත් අතර හිරිමල් වයසේ සිටින තරුණ පරම්පරාව මෙහි විශාලතම ගොදුර බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ අනාගතය, අපේක්ෂා මහමඟ විනාශ වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට බලාගෙන සිටීමට අයිතියක් නැහැ. එම සෑම දරුවෙකුටම අම්මෙක්, තාත්තෙක් ඉන්නවා. ඒ දරුවා බිහි වන මොහොතේදී ඒ හැම අම්මා තාත්තා කෙනෙක් තුළම විශාල අපේක්ෂාවක් තිබුණා. හැබැයි, අද තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශ වෙමින් සිටිනවා. ඔවුන් එම වේදනාවෙන් පෙළෙනවා. අපවාදයට ලක් වී සිටිනවා. පවුලක මුළු සමගිය පැවැත්ම විනාශ වෙමින් තිබෙනවා. ස්වාමියා මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම පවුලේ විශාලතම ඛේදවාචකය වී තිබෙනවා.

ඒ නිසා මුළු පවුල් සංස්ථාවේ පැවැත්ම බිඳ වැටීමේ තර්ජනයක් මේ හමුවේ තිබෙනවා. අනෙක් පසින් ගම් නියම්ගම් කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් තිබෙනවා. ගම් තුළ අපරාධ රාජ්‍යයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එපමණක් නොවෙයි, එය මුළු සමාජයම ගිල ගෙන තිබෙනවා. අද අපේ රටේ මාර්ග අනතුරුවලින් විශාල ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය හා බැඳුණු මාර්ග අනතුරු. අපේ රටේ ළමා සහ කාන්තා අපචාරවල විශාලතම කොටස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නිසා සිදු වන දේවල්.

ඒ වගේම රටේ ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් තිබෙනවා. කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සපයන්න පොලිස් විශේෂ කාර්යසාධක බලකාය යෙදවීමට සිදුව තිබෙනවා. ඒ එහි විදුලි ආලෝකය ලබා දෙන රැහැන් කපාගෙන යන නිසා. අලි වැටේ තිබෙන බැටරිය ගලවාගෙන යනවා. පාලම්, බෝක්කුවල යකඩ වැට කපාගෙන යනවා. මුළු සමාජය තුළම මෙම ඛේදවාචකය නිසා අස්ථාවරත්වය නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා සමාජයේ ස්ථාවරභාවය සහ සාමකාමීත්වය වෙනුවෙන්, සෑම දරුවෙකුගේම, සෑම කාන්තාවකගේම, පොදු සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මෙය පරාජයට පත් කළ යුතුයි. ඒ නිසා අප තබන ලද මෙම පියවර සහතික වශයෙන්ම ජයග්‍රහණය කරවා මෙම ව්‍යසනය පරාජය කරනවා.

මේ හා බැඳුණු විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වෙනවා. විශාල මුදලකට මත්ද්‍රව්‍ය අළෙවි වෙනවා. අද අත්අඩංගුවට ගන්නා ප්‍රමාණයෙන් අපට අවබෝධ කර ගත හැකි සපයන ප්‍රමාණය කොතරම් විශාලද යන්න. මේ සමඟ විශාල මුදල් සම්භාරයක් ගොඩනැඟී තිබෙනවා. මහා කළු ව්‍යාපාරයක් ගොඩනඟන ජාවාරමක් බවට මේ ව්‍යසනය පත්ව තිබෙනවා. ඒ නිසා ඔවුන් අතර වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා ගැටුම් නිර්මාණය වී තිබෙනවා. මෑත කාලයේ සිදු වූ වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර සිදු වූ ගැටුම්වල ප්‍රතිඵල බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ තරම් වෙඩි උණ්ඩ, ගිනි අවි, වෙඩි තැබීමේ අවස්ථා නිර්මාණය වුණේ කොහොමද? අපි දන්නවා සාමාන්‍ය සමාජයක යහපැවැත්ම වෙනුවෙන්, රටක ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැගුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. හැබැයි, මූල්‍ය බලය මේ රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කර තිබෙනවා. මේවා තවදුරටත් සඟවමින් අපිට මේ තත්ත්වයට මුහුණ දෙන්න බැහැ.

බලපත්‍ර සහිත ගිනි අවි ළඟ තබා ගැනීමේ බලය තිබෙන්නේ රාජ්‍යයකට. එම ගිනි අවි අපරාධකරුවන් අතට ගියේ කොහොමද? ඇතැම් හමුදා කඳවුරකින් ටී56  ගිනි අවි 73ක් ඒ අය අතට ගිහින් තිබෙනවා. ඒ වගේම, ඒ සඳහා අවශ්‍ය උණ්ඩ සපයා තිබෙනවා. ඒ වෙනුවෙන් බැංකු ගිණුම්වලට මුදල් ලැබී තිබෙනවා. එක් පොලිස් නිලධාරියෙක් තමන්ගේ ගිනි අවිය විකුණා පැන යනවා. මේ විදියට මුදල් බලය රාජ්‍ය යාන්ත්‍රණය ගිලගෙන තිබෙනවා.

පොලීසිය, ත්‍රිවිධ හමුදාව මෙය වැළැක්වීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. හැබැයි, අතළොස්සක් මුදල් බලය හමුවේ ඔවුන්ට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා රාජ්‍යයේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනඟා තිබෙන ආයතන ඇතුළෙහි කළු රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව වාහන නැතිව අංක තහඩු නිකුත් කර තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉතා වැදගත් දෙපාර්තමේන්තුවක්. සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම නීත්‍යානුකූල ගමන් බලපත්‍රයක් නිකුත් කරමින් රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යයක් ඉටු කිරීමට තිබෙන ආයතනයක්. ඇතැම් නිලධාරින් පාතාල නායකයන්ට ගමන් බලපත්‍ර දෙක, තුන සකස් කර දී තිබෙනවා. ඒ වගේම රේගුවේ සබඳතා අනාවරණය වී තිබෙනවා.

ඒ නිසා අපිට නිල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා වගේම, ඊට යටින් ඒ තරම් ප්‍රබල නොවූවත්  ඔවුන්ට අවශ්‍ය දේ සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන රාජ්‍ය යාන්ත්‍රණයක් අත්පත් කරගෙන තිබෙනවා. මේ රටේ රාජ්‍යයන් දෙකක් තිබෙන්න බැහැ. තිබිය හැක්කේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිහිටුවන ලද රාජ්‍ය පමණයි. කළු රාජ්‍ය අවසන් කළ යුතුයි.

මෙය දැන් දේශපාලන පක්ෂ තුළට පැමිණ තිබෙනවා. මන්ත්‍රීවරු වෙනවා, සභාපතිවරු වෙනවා. ඇතැම් අය වෙනම ලේඛන හදලා මැතිවරණවලට ඉන්නවා. එක යුගයකදී දේශපාලකයන්ගේ ආරක්ෂාව මැද මෙය වර්ධනය වුණා.  දේශපාලන ආධිපත්‍යය, මන්ත්‍රීවරු, ආණ්ඩුවක්, පාලනයක් පිහිටුවා ගැනීම දක්වා අවශ්‍ය මූලික බීජ දැන් රෝපණය වී තිබෙනවා. අපි ඒවා හඳුනාගෙන තිබෙනවා. මෙය ස්වභාවිකව නිර්මාණය වූවක් නොවෙයි. දිගු කාලයක් පුරා දේශපාලකයන්ගේ සහ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදයෙන් නිර්මාණය වූවක්.

අද ජනතාව මේ ජාලයෙන් ඉවත් වීමට බියක් දක්වනවා. එයින් ඉවත් වුවහොත් වෙඩි තබා මරා දමනවා. එතරම් භයංකර තත්ත්වයකට සමාජය පත් කර තිබෙනවා. මෙය ස්වභාවිකව ඇති වූවක් නොවෙයි. මේ පිටුපස ඉතා පැහැදිලි ලෙස දේශපාලන ආශිර්වාදයක් තිබුණා. ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදය ලැබුණා. ඇතැම් අයට එම රැකියාවෙන් එම දේපළ උපයාගත නොහැකි බව අපි දන්නවා. එය සියලු දෙනාට පේනවා. දැන් අපි මෙය අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට පැමිණිය යුතුයි. අද බොහෝ අය කියනවා මේ රජය මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් කරන්නේ නැහැ කියලා. අද මෙය අම්මාවරුන්ගේ ආයාචනයක් වී තිබෙනවා.  ඒ නිසා මේ කාර්යය අපිට කළ හැකියි, කළ යුතුයි කියා මහා බලාපොරොත්තුවකින් සිටිනවා.

ඒ වෙනුවෙන් අපේ පොලිස් දෙපාර්තමේන්තුව කැප වී කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි පොලිසිය සූදානම් කරනවා. අපි අනිත් නිලධාරීන්ටත් කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙන්න. ඔබේ රැකියාවේ සුරක්ෂිතභාවය, ගෞරවය, තනතුරේ වටිනාකම ආරක්ෂා කර ගෙන ඉදිරියට යන්න, වහාම මෙම කාර්යවලින් ඉවත් වෙන්න. නැත්නම් අපි ඉවත් කරනවා. ඒ වගේම නීතිය පිළිබඳ ගෞරවයට පාත්‍ර වූ ස්ථාන දක්වා මෙය පැතිර තිබෙනවා.  මම ඒ සියලුදෙනාට කියනවා තවදුරටත් ඒ කිසිවෙකු සැඟ වී නැහැ. අපි ඒ සියල්ල දන්නවා. ඒ බව විතරක් මතක තබා ගන්න. අද මේ සත්‍යය අපි ඉදිරිපිට තිබෙනවා. ඒ නිසා ඔබ වහාම ඉවත් වෙන්න.

ඒ වගේම, මේ මත් ද්‍රව්‍යවලට ලොල් වූ අයට අපි කියන්නේ වහාම ඔබ මත් ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබව බලාගන්න සූදානම්. තනි තනිව ගතහොත් අපේ කිසිදු දරුවෙකු මීට වගකිව යුතු නැහැ. ආර්ථික ප්‍රශ්න සහ සංගීතය, ක්‍රීඩාව ඇතුළු කිසිදු වින්දනයක් නොමැතිව එකම වින්දනය මත් වී සිටීමයි කියා ඊට ඇබ්බැහි වූ අය සිතනවා. එය ඔහුගේ වරදක් නොවෙයි. අද අපිට ක්‍රීඩා සංස්කෘතියක් නැහැ. මීට දශක කිහිපයකට පෙර එම සංස්කෘතිය තිබුණා.

ගමේ දරුවන් එක් ව ක්‍රීඩා කළා. අද ක්‍රීඩාව තිබුණත් පොදු මහජනයා සංස්කෘතික වශයෙන් ඊට බද්ධ වී නැහැ. ඒ නිසා අපි තරුණයන්ට දොස් පවරා සිටීමෙන් ඵලක් නැහැ. අපි ඔවුන් වෙනුවෙන් නව ක්‍රීඩා සංස්කෘතියක්, රසවින්දනය පිළිබඳ කලාපයක්, ගීතය, සාහිත්‍ය සමාජ බැඳීම පිළිබඳ සංඥා ලබා දිය යුතුයි. අපි ඒ සඳහා විශාල වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මීට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අපේ වගකිමක්. දැනටමත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනඟා තිබෙනවා. අපි දෙමාපියන්ට ආරාධනා කරනවා තමන්ගේ දරුවා ගෙනත් භාර දෙන්න. අපි ඔවුන් එම ඇබ්බැහියෙන් මුදවා ගෙන යහපත් පුරවැසියන් ලෙස යළි ඔබට භාර දෙන්නම්. අපි ඒ වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. අපි ඒ වෙනුවෙන් පහසුකම් වර්ධනය කරනවා. ඒ නිසා ඊට ඇබ්බැහි වූවන් කිසිවෙකු එයින් මිදීමට බිය විය යුතු නැහැ.

ඒ වගේම අළෙවි කරන අය යටත් වෙන්න. අපේ පොලීසිය, හමුදාව සහ මීට අදාළ ආයතන සියල්ල ඒකාබද්ධ කරගෙන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගොඩනඟනවා. රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලීසිය, හමුදාව, බුද්ධි අංශය මේ සියල්ල එක් කර ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ නිසා කිසිවෙකුට තවදුරටත් සැඟ වී සිටීමට හැකියාවක් නැහැ. අපි සියලුදෙනා හදුනාගෙන තිබෙනවා. ඉන්න තැන් දන්නවා. අපි නිරන්තරයෙන් මේ පිළිබඳ සාකච්ඡා කරමින් වැටලීම් සිදු කරනවා. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියක ගොදුරු බවට පත් වීමට ඉඩ දෙනවා නම් අපි කවුද? මතක තබා ගන්න. මේක ඒ අයට ගිය රට නොවන බව.

මෙම කාර්යයට අපේ මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකවරු එකතු කරගත් මෙහෙයුමක් ගැන අපි සාකච්ඡා කර තිබෙනවා. ගම සහ ආගමික ස්ථාන අතර සබැඳියාව මෙම ව්‍යසනයට එරෙහි ප්‍රධාන අවියක් ලෙස අපි භාවිතයට ගත යුතුයි. ඔබ වහන්සේලා මේ පණිවිඩය සමාජයට ලබා දීමට මැදිහත් වෙන්න. මෙයින් සමාජය මුදවා ගැනීම සඳහා අපි පොර බදමු.

ඒ වගේම මාධ්‍ය, මීට අදාළ  වාර්තාකරණයේදී අවශ්‍ය  හික්මීම සහ ශිෂ්ට බව ආරක්ෂා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එපමණක් නොවේ. මේ ව්‍යසනය පිළිබඳ සමාජයට ගෙන යා හැකි පණිවිඩයක් ඔබට තිබෙනවා.  ඒ නිසා මෙම මෙහෙයුම වෙනුවෙන්  මාධ්‍ය ලබා දෙන සහායට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

දැනටමත් මෙම පුනරත්ථාපන ක්‍රියාවලිය සමග විවිධ බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සිටිනවා. ඔවුන්ට පවතින හැකියාව අනුව මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දෙමින් මෙම පුනරුත්ථාපන ක්‍රියාවලියේ සිටින සියලු බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කරගෙන මේ වැඩසටහන දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි ඔවුන්ට ආරාධනා කරනවා.

ඒ අනුව, මේ ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ වැදගත්ම කාර්යය දේශපාලන අධිකාරියට පැවරෙනවා. දේශපාලඥයන්ගේ රශ්මි කදම්භය, ඔහුගේ බල කවයට ඇතුළු වීම, ඔහුගේ සමීපතම මිතුරෙකු වී එකට ගැවසීම තුළින් ආරෝපිත බලයක් එනවා. මේ සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබෙන ආරෝපිත බලය පරික්ෂණ අඩපණ කරනවා. පරීක්ෂණ සිදු වන විට මහ මඟ වෙඩි තබා ඝාතනය කරනවා.

අපේ දේශපාලන බලය තුළ කිසිදු ආරෝපිත බලයක් නිර්මාණය කරන්නේ නැහැ. එය ආකර්ෂණය කරනවා වෙනුවට විකර්ෂණය කරනවා. එය තමයි තිබෙන ප්‍රධානම හැරවුම. අපේ පොලීසිය දක්ෂයි. ඕනෑම ආන්දෝලනයකට තුඩු දෙන අවස්ථාවක් ඉතා හොඳින් පරික්ෂණ කර, කෙටි කාලයක් තුළ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන යාමට අපේ පොලිස් දෙපාර්ත්මේන්තුව සමත් වී තිබෙනවා. ඔවුන්ට හොඳ ඉවක් තිබෙනවා. අපේ රටේ නොවිසදුණු සෑම අපරාධයක් පිටුපසම දේශපාලන ආරක්ෂාව තිබෙනවා. එය පොලීසියේ අදක්ෂතාව නොවෙයි.

ඒ නිසා පොලීසියට සහ අදාළ ආයතනවලට නිසි බලය ලබා දෙනවා නම් මෙය පරාජය කළ හැකියි. එය ලබා නොදුන්නේ දේශපාලන අධිකාරියයි. මම මේ කියන්නේ දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරවයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය වර්ධනය වුණේ එලෙසයි. ඒ නිසා ඔවුන්ගේ පළමු බලය වූ දේශපාලන බලය දැන් අවසන් කර තිබෙනවා.

අද ශ්‍රී ලංකා පොලීසිය විශාල අවදානමක් ගෙන මෙම මෙහෙයුම දියත් කිරීම සඳහා බැඳි සිටිනවා. එවිට පොලිසියේ අය අපරාධකරුවන්ගේ සතුරා වී තිබෙනවා. ඔවුන්ට එරෙහිව නඟන හඬින් අපට අවබෝධ කර ගත හැකියි මේ කාර්යය පිටුපස සිටින්නේ කවුද කියන එක. ඒ නිසා ස්වාධීනත්වය දෙන්නම්, බලය දෙන්නම්, අපි මේක අවසන් කරමු.

මීට ජනතාව සම්බන්ධ විය යුතුයි.  මේ ජාවාරම් ඔබට රහසක් නොවෙයි. විකුණන කෙනා. තොග වෙළෙන්දා හඳුනනවා. එහෙත් බයයි. මීට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අවශ්‍යයි. අපරාධකරුවා ගමේ හුදෙකලා විය යුතුයි. ඒ නිසා ඉහළ සිට පහළට විහිදුණු මහජන හඬක් අපි ගොඩනඟනවා. ඒ වෙනුවෙන් දැනටමත් මහජන ආරක්ෂක කමිටු ගොඩනඟා තිබෙනවා. මේ ජනතා හඬ මේ ව්‍යාපාරයට එක් විය යුතුයි.

අපි මෙය දියත් කර තිබෙන්නේ බහුවිධ ආකාරයකින්. අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ක්‍රීඩාව සහ සංස්කෘතිය මේ සියලු ක්ෂේත්‍ර එකට එක්විය යුතු අවස්ථාවක් මේක. මේ ව්‍යසනයට එරෙහිව තනි පුද්ගලයෙකු වශයෙන් මොන තරම් අභිලාෂයක් තිබුණද, තනිව මෙය කළ නොහැකියි. මේ සඳහා අපි  සියලුදෙනා එක්විය යුතුයි.

අපි අවසාන වශයෙන් කියන්නේ අළෙවි කරන අයටයි, ඇබ්බැහි වූ අයටයි, වහාම ඉවත් වෙන්න. ඊට එරෙහි මහජන ව්‍යාපාරය අපි දැන් ගොඩනඟමින් තිබෙනවා. එම මහජන ව්‍යාපාරය අනිවාර්යයෙන්ම මෙම මායාකාරී කුණාටුව විනාශ කරනවා. අපි මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරු පරපුරත්, සමාජයත් ගලවා ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එක් වෙමු.

මල්වතු අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, කතෝලික, හින්දු සහ ඉස්ලාම් පූජකවරුද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුද,ආණ්ඩුකාරවරුද, විදෙස් තානාපතිවරුන්,මහකොමසාරිස්වරුන්  ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයෝද, ජනාධිපති ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, ආරක්ෂක අංශ ප්‍රධානීන්, විද්වතුන්, කලාකරුවන්, ක්‍රීඩකයන් සහ පාසල් දරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නුව­ර­එ­ළිය තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ල සහ එම පරි­ශ්‍රයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යු­තු­ව­ලට අදාළ මූලික සැල­සුම් සකස් කර­මින් ඉතා කඩි­න­මින් ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු කර­න්නැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

වසර 130ක් පැරණි නුව­ර­එ­ළිය තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ල විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ ආක­ර්ෂ­ණය ලබා­ගත හැකි ස්ථාන­යක් ලෙස සංව­ර්ධ­නය කිරීමේ ව්‍යාපෘ­තියේ ප්‍රග­තිය සමා­ලෝ­ච­නය කෙරිණි. ඊට අදා­ළව පෞරා­ණික වටි­නා­ක­මක් සහිත තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ලේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු පිළි­බඳ විශේෂ සාක­ච්ඡා­වක් පසු­ගි­යදා සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශ­යේදී පැවැ­ත්වුණු අතර එහිදී ඇමැ­ති­ව­රයා මෙම උප­දෙස් දුන්නේය.

නුව­ර­එ­ළිය තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ල සහ එහි පරි­ශ්‍රය තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ කට­යුතු සඳහා පම­ණක් භාවිත කිරී­ම­ටත්, සංචා­රක ප්‍රව­ර්ධන ස්ථාන­යක් ලෙස පවත්වා ගෙන යෑම­ටත් මෙහිදී තීර­ණය කෙරිණි.

තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව, ගොඩ­නැ­ඟිලි දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා නාවික හමු­දාව සහ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය යන අමා­ත්‍යාංශ සහ දෙපා­ර්ත­මේන්තු නියෝ­ජ­නය කර­මින් නිල­ධා­රීන් මෙම විශේෂ සාක­ච්ඡා­වට එක්ව සිටි­යහ.

පෞරා­ණික වටි­නා­ක­ම­කින් යුතු නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ලය පෞද්ග­ලික සමා­ග­මක් වෙත පැව­රී­මට පසු­ගිය රජය අර­මුණු කර තිබිණි.

ඒ අනුව දැනට අබ­ලන් තත්ත්වයේ පව­තින නුව­ර­එ­ළිය තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ලේ වහ­ලය කඩි­න­මින් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම පිළි­බ­ඳව මෙම සාක­ච්ඡා­වේදී පුළුල්ව සලකා බලන ලදී. දැනට වැස්සට තෙමෙ­මින් පැව­තීම පිළි­බ­ඳ­වත්, මේ හේතු­වෙන් තැපැල් සේව­ක­යන්, පාරි­භෝ­ගි­ක­යන් මෙන්ම තැපැල් කාර්යා­ලය නැර­ඹී­මට පැමි­ණෙන දෙස් විදෙස් සංචා­ර­ක­යන් අප­හ­සු­තා­වට පත්වීම මඟ­හැ­ර­වීම සඳහා ප්‍රථ­ම­යෙන් වහ­ලය ප්‍රති­සං­ස්ක­ර­ණ­යට තීර­ණය විය.

එමෙන්ම පෞරා­ණි­ක­ත්වය ආරක්ෂා වන පරිදි ඉතා කඩි­න­මින් අනෙ­කුත් ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු කිරීම පිළි­බ­ඳව මෙහි දී සාක­ච්ඡා­වට ලක්කෙ­රිණි. අදාළ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ඇර­ඹීමේ මූලික පිය­ව­රක් ලෙස එම කාර්ය­යට සුදු­සුම සැල­සුම් ශිල්පීන් තෝරා­ගැ­නීම පිළි­බ­ඳව මෙහිදී අව­ධා­නය යොමු විය.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­රුන් වන සාලින්ද බණ්ඩාර, එස්.ඩී. පාඩි­කෝ­රාල, ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේකම් ඩබ්. ඩී.එන්.එම්. අබේ­සේ­කර, තැපැ­ල්පති රුවන් සත්කු­මාර, නියෝජ්‍ය තැපැ­ල්පති තුසිත හුලං­ග­මුව ඇතුළු මහත්ම මහ­ත්මීහු මේ අව­ස්ථා­වට එක්වූහ. ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව, ගොඩ­නැ­ඟිලි දෙපා­ර්ත­මේ­න්තුව සහ ශ්‍රී ලංකා නාවික හමු­දාව නියෝ­ජ­නය කර­මින් නිල­ධා­රීහු පිරි­සක් ද එක්ව සිටි­යහ.

මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පස්වරුවේ රැස්විය.

බෝනොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කොට අනෙකුත් අදාළ සියලු අමාත්‍යාංශ එක්ව මෙරට බෝනොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සදහා ඉදිරි සැලසුම් සකස් කිරීම සහ තින්දු,තීරණ ගන්නා විද්වතුන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන විද්වත් සමුළුවක් වේ.

මෙරට පිළිකා රෝග පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ ඇගයීමක් ඇසුරින් සම්පාදනය කරනලද විශේෂ වාර්ථාව ද මෙහි දී අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය.

මෙම ජාතික සභාවේ සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය හා ජනනමාධ්‍ය අමාත්‍යවරයා විසින් දරණු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, අනෙකුත් අමාත්‍යාංශ,දෙපාර්තුමේන්තු සහ ආයතනවල නම්කල නිලධාරීන් මෙහි සාමාජිකත්වය දරණු ලබයි.

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළ අතර වර්තමානය වන විට බෝනොවන රෝග එයට යම් අභියෝගයක් බව ද පැවසී ය.

එය පාලනය කිරීම සදහා රජය සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල සමග දැඩි පරිශ්‍රමයක් ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම බෝ නොවන රෝග පිළිබද ජාතිකසභාවද එයට මනා පිටුවහලක්වන බව ද සදහන් කර සිටියේ ය.

වත්මන් රජයේ ප්‍රතිපත්ති දිශානතියේ තීරණාත්මක අංගයක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබා දී ඊට වැඩි අවධාරණයක් යොමුකර කටයුතු කළයුතු බව ද පැවසීය.

ඒ වෙනුවෙන්ම ආරම්භ කළ විශේෂ ව්‍යාපෘතියක්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මගින් නිශ්චිත ජනගහනයක් ඉලක්කකර සෞඛ්‍ය සේවාවන් සපයන බවත්, එම මධ්‍යස්ථාන තුළින් මෙරට ජනතාවගේ බෝනොවන රෝග හදුනා ගැනීමට සහ පාලනයට මහත් රුකුලක්වනු ඇති බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බෝනොවන රෝග පාලනයට පසුගිය වසර තුළ සිදුකළ සහ මේ වන විට සිදු කෙරණ

ක්‍රියාකාරකම් සහ වැඩපිළිවෙළ මෙහි දී සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් කෙරිණි. එමෙන්ම හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළුව බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම් සකස් කිරීම පිළිබදවද මෙහි දී දීර්ඝව සාකච්ජාවට භාජනය විය.

ඉදිරියේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශ හා එක්ව දියත් කළ යුතු කෙටිකාලින, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සැලසුම් කඩිනමින් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබදවත් මෙහි දී විශේෂ අවධාණය යොමුවිය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තුමේන්තුවල නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, විද්‍යායතන නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.

මහජනතාව අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව 2025 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් මෙය යෝජනා කර සිටියේය.

මෙම වැඩසටහන මගින් සංචාරක ආකර්ශනය දිනාගැනීමට බලාපොරොත්තු වන බවත් රු මිලියන 300ක ප්‍රතිපාදන මේ සඳහා වෙන්කර ඇති අතර, අදාළ දින තුන තුළ දී එම මුදල උපයා ගැනීමට අපේක්ෂිත බව ද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

ශ්‍රී ලංකා රජයේ සියලුම රහස්‍ය හා අනෙකුත් සියලුම මුද්‍රණ අවශ්‍යතා නියමිත ගුණාත්මක තත්ත්වයෙන්, විවෘත වෙළෙඳ පොළ තරගකාරීත්වයට මුහුණ දෙමින් පූර්ණ රහස්‍ය භාවයෙන් හා වගකීමෙන් යුතුව සපුරාලීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

එහෙත්, නවීන තාක්ෂණයෙන් යුතු මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වීම, යන්ත්‍ර ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් බිඳවැටීම් වලට ලක්වීම, ඉහළ නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවීම, ඉහළ ශ්‍රම භාවිතය වැනි අභියෝග වලට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව, නවීන තාක්ෂණික මුද්‍රණ යන්ත්‍ර හා ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම හා එම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම තුළින් මුද්‍රණ කටයුතු වල ධාරිතාව ඉහළ නැංවීම, ආරක්ෂිතව මුද්‍රණ කටයුතු සිදු කිරීමේ වාතාවරණයක් ගොඩ නැංවීම, රාජ්‍ය නොවන අංශ සමඟ තරගකාරීව මුද්‍රණ කටයුතු වල නිරත වීම යන අරමුණු සපුරා ගැනීම පිණිස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙයි.

එකී ව්‍යාපෘතිය 2026-2030 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වන අතර කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදුවූ සංශෝධනයත් සමග මෙම විෂය පථයන් සංශෝධනය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට පවරා ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයටද, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතටද පත්කර ඇත.

පරිසර අමාත්‍යංශය යටතේ පැවති භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතටත්, කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පැවති කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතට පත්කර ඇත.

බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ලංකා විදුලිබල සමාගම, සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර ඇති අතර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදුන් නව ආයතන 4ක් මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය’’ වෙනුවෙන් පැවැත් වූ  විශේෂ සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ ගෝල්ෆේස් හෝටලයේ දී පසුගිය දා  පැවැත්විණි.

වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ මෙම දිනය සමරනු ලබන අතර 2025 වර්ෂයේ තේමාව වනුයේ “සෑම අළුත උපන් බිලින්දකුම සහ සෑම දරුවකුම වෙනුවෙන් සුරක්ෂිත  සෞඛ්‍ය සේවාවක් ලබාදීමයි ’’ යන්නය.

මෙම සැමරුම් උත්සවයේ  ප්‍රධාන දේශණය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය ඉෂානි රොඩ්‍රිගෝ  මහත්මිය විසින් පවත්වනු ලැබීය.

සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ තත්ත්ව කාර්ය සාධන ඇගයීමේ (QPET) වෙබ් පිටුව මෙන් ම සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සදහා සම්පාදිත ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදුවිය.

එමෙන්ම රෝගී සත්කාර සේවාවන් වෙනුවෙන් විවිධ ව්‍යාපෘතී ක්‍රියාත්මක කරමින් රෝගී ජනතාවට  ගුණාත්මක, කාර්යක්ෂම, සුරක්ෂිත රෝගී සත්කාර සේවාවක් ලබා දීමට කටයුතු කිරිම වෙනුවෙන් කාසල් වීදියේ කාන්තා ශික්ෂණ රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල මෙහි දී අමාත්‍යවරයාගේ සුරතින් රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සුරක්ෂිත රෝගී ප්‍රතිකාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් 2019 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගී සුරක්ෂිතතා දිනය නම්කල බවයි.

මෙවර තේමාව අතිශය කාලීන හා අර්ථවත් තේමාවක්වන බව පැවසු අමාත්‍යවරයා, දරුවන්ගේ ඉතා වටිනා ජීවිත ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් බවත්, මෙරට ළදරු  මරණ අනුපාතිකය ඉතා අවම මට්ටමක පවත්වාගෙන යාමට මෙන්ම මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමකින්  පවත්වාගෙන යාමට මෙරට සියලු සෞඛ්‍ය වෘත්තිකයන් තම දායකත්වය, කැපවීම නිබඳව ලබා දීමට කටයුතු කර තිබෙන බව ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මෙන් ම රෝගී ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, සෑම මවකටම, අලුත උපන් බිළිදකුටම, දරුවකුටම සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් සහතික කිරීමටත්, සෞඛ්‍ය සේවාවන්  ප්‍රශස්ථ අයුරින් වැඩිදියුණු කිරිමටත්, සියළු සෞඛ්‍ය වෘත්තිකයන් සදහා අඛණ්ඩ පුහුණු වැඩසටහන්, කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍යවන සහය, මගපෙන්වීම සෘජුව ලබා දීමටත් කටයුතු කරන බව ද සඳහන් කර සිටියේ ය.

එමෙන්ම ගුණාත්මක, විධිමත් ළමා ප්‍රතිකාර සේවාවක්  සඳහා  සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍යවන නවීන තාක්ෂණ,  භෞතික හා මානව සම්පත් අඛණ්ඩව ලබා දෙමින් වර්තමානයේ ක්‍රියාත්මක  ප්‍රතිකාර  සේවාවන් තව තවත් කාර්යක්ෂමව, පුළුල්ව, ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය  ලබා දෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට වත්මන් රජය ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙරට දුෂ්කර ප්‍රදේශවල මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන්  තවතවත් ශක්තිමත් කරමින් ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අවශ්‍ය ඉදිරි පියවරයන් ද  ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

වසර ගණනක සිට මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන තාක්ෂණික දැනුම, විශේෂඥ දැනුම තුළින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ පවත්වා ගෙන යාමට හැකිවී තිබෙන බව මෙහි දී  පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් කැපවුණු සියලු දෙනාට සිය කෘතවේදීත්වය ද අමාත්‍යවරයා මෙහි දී පළ කර සිටියේ ය.

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය සැමරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේ දී ගත් තීරණයකට අනූව ක්‍රියාත්මක වේ. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් 194 ක් එම දිනය සමරනු ලබයි .

මෙම විශේෂ සැමරුම් උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය Rui Paulo de jesus, යන මහත්ම මහත්මීන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් වෛද්‍ය පරිපාලකයින්, වෛද්‍ය විද්‍යායතන නියෝජිතයින්, ක්ෂේත්‍රයේ විද්වතුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

උතුර – දකුණ මාධ්‍ය බැඳීම ශක්ති­මත් කර­මින් යාප­නය ලේක්හ­වුස් කාර්යා­ලය ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් සහ බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති, ආචාර්ය හිනි­ඳුම සුනිල් සෙනෙවි මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (18) විවෘත කෙරිණි.

මේ අව­ස්ථා­වට යාප­නය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන කේ. ඉලං­කු­මා­රන්, එස්. ශ්‍රී බවා­න­න්ද­රාජා, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ආන්නද සංගරී, ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­පති සාහි­ත්‍ය­වේදී කීර්ති වැලි­ස­රගේ, රාජ්‍ය සාහිත්‍ය අනු­ම­ණ්ඩ­ලයේ සභා­පති සම්මා­න­නීය ලේඛක කමල් පෙරේරා සහ ලේක්හ­වුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සිසිර යාපා, තින­ක­රන් පුව­ත්පතේ ප්‍රධාන කර්තෘ සෙන්දිල් වේල­වර් මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.

අංක 06, සිර­ම්පි­යාඩි පටු­මඟ, පිටත ස්ටැන්ලි පාර, යාප­නය ලිපි­නයේ එම ශාඛා කාර්යා­ලය උදෑ­සන 7.45ට විවෘ­තව තැබේ.

සීමා­ස­හිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගම මෙරට පැර­ණි­තම සහ විශා­ල­තම පුව­ත්පත් ප්‍රකා­ශන ආය­ත­නය ලෙසින් සැල­කෙන අතර, දැනට ලේක්හ­වුස් ශාඛා කාර්යාල තුනක් නුවර, මාතර සහ අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­වල පිහිටා ඇත.

ලේක්හ­වුස්හි යාප­නය ශාඛා කාර්යා­ල­යෙන් උතුරු දකුණු බැඳීම් ශක්ති­මත් කිරී­මට දාය­ක­ත්ව­යක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter