ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා සංස්ථා පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඊයේ (03) රාජකාරී ආරම්භ කළේය. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ 35 වැනි සභාපති ලෙස ඒ මහතා පත්ව ඇති අතර මින් පෙර ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.