නවතම පුවත්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විමර්ශනයට ලක්වන රාජ්‍ය ආයතන 457 ක ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (02) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන ආයතන 457ක සභාපති, අධ්‍යක්ෂ ජනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී හෝ ‍වෙනත් ප්‍රධාන තනතුරු දරන 700කට ආසන්න පිරිසක් කණ්ඩායම් තුනක් ලෙස කැඳවා මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ සම්පත් දායකයන් ලෙස වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.වී.සී දිල්රුක්ෂි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. එස්.එම් ද සිල්වා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ඒ කරුණාරත්න සහ ආර්.කේ ජයලත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ මෙන්ම කෝප් කමිටුව පිළිබඳ පොදු මතය වෙනස් කිරීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට මෙන්ම කෝප් කමිටුවට ඇති බවයි. ඒ අනුව මෙම වැඩමුළුව ඔස්සේ ලබන දැනුවත්බව හා සාකච්ඡාව නව ආරම්භයක් බවත් පැවති අඩුපාඩු මඟහරවා නිවැරදි දිශානතිය වෙත මෙම ආයතන ගෙනයාම සියලු දෙනාගේම අපේක්ෂාව බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම කෝප් කමිටුව යටතට ගැනෙන සියලු ආයතන ප්‍රධානීන් එකවර කැඳවා මෙවැනි දැනුවත් කිරීමක් සංවිධානය කළේ ඉතිහාසයේ පළමුවරට බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය.

පවතින පනතට අනුගත නොවන අවස්ථා, පවතින නෛතික ප්‍රතිපාදන වැරදි ලෙස අර්ථකථනය කොට කටයුතු කරන අවස්ථා, පවතින වගන්ති වර්තමානයට අනුකූල නොවීම නිසා ඒවා සංශෝධනය නොකර රිසි සේ කටයුතු කරන අවස්ථා වැනි මූලික දූර්වලතා මගහරවා ගත යුතු බවත් සමරවීර මහතා පෙන්වා දුන්නේය. පනතේ යල්පැනගිය වගන්ති පවතීනම් ඒවා කඩිනමින් වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා අවධාරණය කළේය.

කාරක සභාව හමුවට නිලධාරීන් කැඳවීම, ප්‍රශ්න කිරීම හෝ ඔවුන් වැරදිකරුවන් ලෙස හුවා දැක්වීම සිය කාරක සභාවේ අපේක්ෂාව නොවන බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය. සිය සීමාවන් තුළ කිසිදු බියකින් තොරව නිර්මාණශීලිව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැති බවත් තීරණ ගැනීමට නොහැකි බවට ඇතැමුන් ව්‍යාජ මත නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් ඒ මහතා පැවසීය. එසේම අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා අවධාරණය කළේය.

කෝප් කමිටුව තුළ අනාවරණය වන දූෂණ සහ වංචා පිළිබඳ නීතිමය පියවර ගැනීමට යොමු කිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය. වසරක කාලසීමාවක් තුළ සෑම ආයතනයක්ම කැඳවිය නොහැකි බැවින් මෙම ආයතන 457හිම ක්‍රියාකාරීත්වය සෑම වසරක කාලයක් තුළ අධීක්ෂණය වන පරිදි නව වැඩපිළිවෙලක් හදුන්වා දෙන බවත් කෝප් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. එසේම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවන ආයතන අනුපිළිවෙල තීරණය කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

විනිවිද බව සහ වගවීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා ජාතික විගණන කාර්යාලයේ කාර්ය භාර්ය පිළිබඳව මෙහිදී වැඩබලන විගණකාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය. එසේම ආයතනවල සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලස්ම, ආයතනික ව්‍යුහයන්, වාර්ෂික වාර්තා, අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාකාරීත්වය, අයවැය කළමනාකරණය, සේවකයන් බඳවා ගැනීම් හා පුරප්පාඩු පිරවීම් ආදි කරුණු නිවැරදිව සිදුවිය යුතු ආකාරය සහ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳව මෙහිදී ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීම සිදුවිය. එසේම ආයතන ප්‍රධානීන්ට ද ප්‍රායෝගික ගැටලු සහ යෝජනා කාරක සභාවේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවූ අතර ආයතන ප්‍රධානීන්ගේ යෝජනා හා අදහස් කාරක සභාව වෙත දන්වා එවන මෙන් කෝප් සභාපතිවරයා දැනුම් දුන්නේය.

තවද මෙම ආයතනවල නීති නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා තවත් වැඩමුළු ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.

කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුද පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) එම්.ජයලත් පෙරේරා, හිටපු විගණකාධිපති හා කෝප් සහ කෝපා කමිටු උපදේශක එස්.සී මායාදුන්නේ සහ හිටපු මහාධිකරණ විනිසුරු හා කෝප් කමිටු උපදේශක පියසේන රණසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සාමාන්‍ය රෝහලක් තුළ ඉදිකෙරුණු මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයවන මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ “ සෙත් පියස”  කාන්තා පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව අද (02) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිකාර සේවාවන් සදහා එක් කෙරිණි.

 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද මෙම කාන්තා රෝගී ප්‍රතිකාර වාට්ටුව තුළ රෝගීන් 56 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැක.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම ව්‍යාපෘතිය දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බවත් එය අදියරෙන් අදියර නිමකරමින් ජනතාවගේ සෞඛ්‍ය සේවා  කටයුතු සදහා යෙදවීමට හැකිවීම සතුට දනවන කරුණක් බවයි.

මෙරට සෞඛ්‍ය සේවාව ඉලක්ක සහගතව මෙහෙවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ දිනවල මෙරට ජාතික ප්‍රතිපත්තියට අනුකූළවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවද අවධාරණය කර සිටියේය. 2016 වර්ෂයේ දී සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස්කර තිබුණු බව සිහිපත් කළ අමාත්‍යවරයා එම වසර දහය අවසන් කර ඊලග වසර දහයට සෞඛ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කරමින් සිටින බව ද සදහන්කර කර සිටියේය.

එම සෞඛ්‍ය ප්‍රතිපත්ති මත පදනම්ව මෙරට ප්‍රධාන සෞඛ්‍ය සැලසුම ද සකස්කරමින් සිටින බවද   අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේය.

ගෝලීය සෞඛ්‍ය ආවරණයේ ශ්‍රී ලංකාවේ දර්ශක මටිටම ඉතා කෙටි කාලයක් තුළදී 80 මට්ටම ඉක්මවා ගෙන ඒම ප්‍රධාන ඉලක්කයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේවන විට එම දර්ශක හැට ගණන්වල පවතින බවද පැවසීය. ඒ සදහා සමස්ත වැඩපිළිවෙළක් හදුන්වා දීමේ අවශ්‍යතාවයද මෙහි දී පෙන්වා දෙන ලදී.

වත්මන් රජය කිසිදු හිගයකින් තොරව සෞඛ්‍ය සේවාව සදහා අවශ්‍යවන මුදල් සියල්ල ලබා දෙන බව සිහිපත් කළ අතර පසුගිය මාර්තු මාසයේ අයවැයෙන් ද රුපියල් බිලියන 604ක් වෙන්වුන බවද පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශයටත් වඩා මුදලක් මෙවර නිදහස් සෞඛ්‍ය සේවාව සදහා වෙන්වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම මුදල් සියල්ල යම් සැලසුමකට අනූව පරිහරණයකළ යුතුබවද පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුදල් වෙන් කිරීමේ දී අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති නැවත ආරම්භකර නිමකිරීම සදහා ප්‍රමුඛතාවය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා  මේවන විට එවැනි ව්‍යාපෘති 17ක් නැවත ආරම්භ කිරීම සදහා කටයුතු කළ බව ද පැවසී ය. නියමිත කාලය තුළ එම ව්‍යාපෘති අවසන්කලේනම් රුපියල් බිලියන 29කින් නිමකර ගැනීමට හැකියාව තිබූ නමුත් සිදුවූ ප්‍රමාදය හේතුවේන් රුපියල් බිලියන 58ක් ඒසදහා වැය කිරීමට සිදුවන බව ද පැවසීය.

එම ව්‍යාපෘතීන් 17න් ප්‍රධාන ව්‍යාපෘති තුනක්ම මහනුවර ජාතික රෝහලේ ව්‍යාපෘති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කිරීමට හැකිවූයේනම් නම් රුපියල් බිලියන 4කින් අවසන් කිරීමට හැකියාව තිබුනු නමුත් විවිධ හේතූන් නිසා සිදුවූ ප්‍රමාදයෙන් රුපියල් බිලියන 8ක් වැය කිරීමට සිදුව ඇති බව ද පැමිණිසිටි පිරිසට අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

2012 වර්ෂයේ ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස පිළිකා සංගමය මගින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජයට භාර දී ඇත. ඉන්පසු වරින්වර අදියරෙන් අදියර මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවූ අතර  වත්මන් රජය පත්වීමෙන් පසු මෙහි ඉදිකිරීම් කඩිනම් කිරීමට මුදල් වෙන්කර ඊට අඳාළ පියවර ද ගෙන ඇත.

 මහල් 9කින් සමන්විත “ සෙත් පියස” ගොඩනැගිලි සංකීර්ණයේ තෙවන මහලේ මෙම කාන්තා පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ස්ථාපිත කර ඇත.

 අනෙකුත් මහල්වල දැඩි සත්කාර ඒකක, අධිසත්කාර ඒකක, පිරිමි සහ කාන්තා වාට්ටු, ශ්‍රවණාගාරයක්, ශල්‍යාගාර, සායන පරිශ්‍ර, ඇතුළුව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීමට අවශ්‍යවන එ්කක සහ අංශ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

  “ සෙත් පියස” ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා නව ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3273 කි. මේවන විට රුපියල් මිලියන 1200 මුදලක් මෙහි ඉදිකිරීම් සදහා වැයකර ඇත. මෙහි පළමු පියවර යටතේ පිළිකා රෝගීන් සදහා විශේෂිත විකිරණ චිකිත්සක ප්‍රතිකාර සිදුකල හැකි යන්ත්‍ර ද  ස්ථාපිත කර ඇත.

පිළිකා රෝගීන්ට අවශ්‍යවන සියළුම ප්‍රතිකාර සේවාවන් එකම ගොඩනැගිල්ලක් තුළදී සිදුකිරීමට හැකිවන පරිදි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සැලසුම්කර තිබීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජණ අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළුව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,රෝහල් ලේකම්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුළුව සියළු වෘත්තීන් නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් ද, ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන් හා දානපතියන් ද  එක්ව සිටියහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක, ආශිර්වාද ලබා , සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඉන් අනතුරුව අස්ගිරිය මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා , සුව දුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ජනතාවාදී අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබදව ද, වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබදව මෙහි දී අමාත්‍යවරයා මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.

මෙම වර්ෂයේ දී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” සියයක් රටතුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒයටතේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය අනූව සිව්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර,පොල්ගොල්ලවත්ත ග්‍රාමයේදීත්, පස්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මාතලේ දංකන්ද ග්‍රාමයේ දීත්, අද පස්වරුවේ ආරමභකරන බවත් අමාත්‍යවරයා මහනායකහිමිවරුන් හමුවේ පවසා සිටියේ ය.

රටතුළ ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩුකර ගැනීම සදහා මෙවැනිකාලීන ව්‍යාපෘතීන් බෙහෙවින් ඉවහල්වනු ඇතැයි මහනායක හිමිවරුන් මෙහි දී අමාත්‍යවරයාට පවසා සිටියේය.

මහනුවර ජාතික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදවත්, එහි අනාගත සංවර්ධන ක්‍රියාවලිය පිළිබදවත් අමාත්‍යවරයා මෙහි දී මහනායකහිමිවරුන්ට කරුණු ඉදිරිපත්කර සිටියේ ය.

කොළඹ ජාතික රෝහල ආසන්නයේ හෘර්ද රෝගීන් වෙනුවෙන් වෙනම අංග සම්පූර්ණ නවීනතම රෝහලක් නුදුරේම ඉදිකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ සදහා බිලියන 13ක් වැයකිරීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා මහනායක හිමිවරුන් හමුවේ පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වත්මන් අමාත්‍යවරයා ලබාදෙනනායකත්වය ඉතා ප්‍රශංසනීය බව මෙහි දී පෙන්වා දුන් මහනායකහිමිවරුන්, කාලීන ගැටළු මැනවින් නිරාකරණය කරගනිමින් මෙරට අහිංසක රෝගී ජනතාවට ලබාදෙන ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාව පිළිබදව අමාත්‍යවරයාට සිය ප්‍රසාදය ද පලකර සිටියේ ය.

මෙම අවස්ථාවට බදුල්ල මුතියංගනය රජමහා විහාරයේ භාරකාර විහාරාධිපති පූජ්‍ය මුරුන්දෙනියේ ධම්මරතන හිමියන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද එක්ව සිටියහ.

ලේක්හ­වුස් ආය­ත­නයේ දින­පතා දමිළ පුව­ත්පත වන තින­ක­රන් සහ ලේක්හ­වුස් හින්දු සංග­මය එක්ව සංවි­ධාන කරන ලද නව­රාත්‍රී පූජා­වක් ඊයේ (01) තින­ක­රන් කර්තෘ මණ්ඩල පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, සාමා­න්‍යා­ධි­කාරි සුමිත් කොත­ලා­වල මහ­ත්වරු සහ සමා­ගම් ලේකම් සුදර්ශි කාරි­ය­ව­සම්, නියෝජ්‍ය සමා­න්‍යා­ධි­කා­රි­වරු, තින­ක­රන් ප්‍රධාන කර්තෘ සෙන්දිල් වේල­වර් මහතා ඇතුළු ප්‍රධාන කර්තෘ­වරු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ජාතික රූප­වා­හිනී සංස්ථාවේ මැදි­හ­ත්වීම මත සිදු­ක­රන දේශ­ගු­ණය සහ ආපදා වැළැ­ක්වීම පිළි­බඳ ABU මාධ්‍ය සමු­ළුව – 2025  නොවැ­ම්බර් මස 25 හා 26 කොළඹ දී පැවැ­ත්වී­මට නිය­මි­තය.

දේශ­ගු­ණික ක්‍රියා­මාර්ග සහ ආපදා වැළැ­ක්වීමේ ABU මාධ්‍ය සමු­ළුව පිළි­බඳ මාධ්‍ය හමුව ගල්කිස්ස මහ හෝට­ල­යේදී ජනා­ධි­පති අති­රේක ලේකම් එස්.පී.සී. සුගී­ෂ්වර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (30) පැවැ­ත්විණි. කාල­ගුණ විප­ර්යාස සහ ආපදා කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ මධ්‍ය­වේ­දීන් දැනු­ම්වත් කිරීම පිළි­බඳ ආසි­යානු ෆැසි­පික් කලා­පීය සමු­ළුව 9 වැනි වරට පව­ත්වයි.

දේශ­ගු­ණික විප­ර්යාස ක්‍රියා­මාර්ග සහ ආපදා අව­දා­නම් අවම කිරීම (DRR) සඳහා ගෝලීය උත්සා­හය පිළි­බඳ මාධ්‍ය දැනුම ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා වන අතර, ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව­ක­රු­වන් අතර අන්තර් ක්‍රියා දිරි­මත් කිරීම සහ පහ­සු­කම් සැල­සීම සඳහා ආසියා – පැසි­ෆික් විකා­ශන සංග­මය (ABU) දේශ­ගු­ණික ක්‍රියා­මාර්ග සහ ආපදා වැළැ­ක්වීමේ (CADP) සමු­ළුව ස්ථාපිත කර ඇත.

මේ සමු­ළුව NHK- ජපා­නය, CMG- චීනය, RTM- මැලේ­සි­යාව, TRT- තුර්කිය, ABC- ඔස්ට්‍රේ­ලි­යාව සහ තවත් රට­වල් 35කට අධික සංඛ්‍යා­වක ප්‍රමුඛ මාධ්‍ය සංවි­ධාන, ආපදා කළ­ම­නා­ක­රණ ආය­තන,ජාත්‍ය­න්තර සංවි­ධාන සහ රාජ්‍ය නොවන සංවි­ධාන සමඟ එක්වනු ඇත.

දේශ­ගු­ණික විප­ර්යාස සහ ආපදා අව­දා­නම අවම කිරීම සම්බ­න්ධ­යෙන් මාධ්‍යයේ තීර­ණා­ත්මක කාර්ය­භා­රය පිළි­බ­ඳව මේ සමු­ළු­වේදී අව­ධා­නය යොමු කෙරේ.

සමුළු ලාංඡ­නය, වෙබ් අඩ­විය නිල වශ­යෙන් එළි­දැ­ක්වීම ද මෙහිදී සිදු විය.

දේශ­ගු­ණික ක්‍රියා­මාර්ග සහ ආපදා වැළැ­ක්වී­මේදී මාධ්‍යයේ කාර්ය­භා­රය පිළි­බ­ඳව මේ සමු­ළුව අව­ධා­නය යොමු කරන අතර මාධ්‍ය වෘත්ති­ක­යන්ට සහ විශේ­ෂ­ඥ­යන්ට, විශේ­ෂ­යෙන් ආසියා-ශාන්ති­කර කලා­පයේ දේශ­ගු­ණික විප­ර්යාස සහ ආපදා වැළැ­ක්වීම පිළි­බ­ඳව දැනු­ම්වත් කිරීම සිදු­කෙරේ. ආපදා සූදා­නම සහ දේශ­ගු­ණික ක්‍රියා­මාර්ග සඳහා මාධ්‍යයේ වැද­ගත් කාර්ය­භා­රය ඉස්මතු කිරීම මෙහි අර­මු­ණයි. සහ­භාගි වන්නන්ට අනෙ­කුත් වෘත්ති­ක­යන් සමඟ ජාල­ගත වීමට සහ දේශ­ගු­ණික සන්නි­වේ­ද­නයේ නව­තම ප්‍රව­ණතා සහ හොඳම භාවි­ත­යන් පිළි­බ­ඳව ඉගෙන ගැනී­මට අව­ස්ථාව ලැබේ. මේ සමු­ළුව අත­ර­තුර ප්‍රකා­ශ­යට පත් කෙරෙන ABU මාධ්‍ය සම්මාන උලෙළ, ග්‍රහ­ලෝ­කය,ජන­තාව සහ සාමය යන තේමා යටතේ සිදු කිරී­මට නිය­මි­තය.

ජාත්‍ය­න්තර මාධ්‍ය ආය­තන 70කට අධික ප්‍රමා­ණ­යක් මේ සමු­ළු­වට සහ­භාගි වන අතර ආපදා කළ­ම­නා­ක­ර­ණය සහ අව­දා­නම් කළ­ම­නා­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­වේ­දීන් දැනු­ම්වත් කිරීමේ වැඩ­මු­ළු­වක් ද මේ සමු­ළු­වට ඇතු­ළත් වේ.

ශ්‍රී ලංකාව ජාත්‍ය­න්ත­ර­යට ගෙන­යෑමේ එක් ප්‍රවේ­ශ­යක් ලෙස මේ සමු­ළුව භාවිත කිරී­මට ඇති හැකි­යාව සම්බ­න්ධ­යෙන් ද මෙහිදී අව­ධා­න­යට ලක් කෙරේ. ජාතික රූප­වා­හි­නියේ සභා­පති ගිහාන් ද සිල්වා මහතා ඇතුළු රූප­වා­හිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් පිරි­සක් මේ මාධ්‍ය හමු­වට එක්ව සිටි­යහ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල භාර නිලධාරි ලෙස සේවය කරනු ලබන ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) මහතා පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වී මෙරට වත්මන් සෞඛ්‍ය සේවාව පිළිබඳ සාකච්ඡාවක නිරත වෙන ලදි.

මෙම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වූ අතර, ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් මහතා 2025 සැප්තැම්බර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල භාර නිලධාරි ලෙස සේවය කරනු ලබයි.

සංවර්ධන සැලසුම්කරණය, සම්බන්ධීකරණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මෙන්ම ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් සහ පුළුල් අත්දැකීම් ඇති වැන්ග්යෙල් මහතා මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැළසුම් සහ අභියෝගයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග මෙහිදී  දීර්ඝව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

එහිදී මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහාය දැක්වීම මෙන්ම එම සේවා සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාර්ථකත්වයට පත් කිරීම උදෙසා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම ලිංගික අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා සිදු කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩපිළිවෙල පිළිබඳව ද ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් මහතාව මෙහිදී දැනුවත් කරන ලදි.

දෙපා­ර්ශ්වය අතර සංව­ර්ධන සහාය තව­දු­ර­ටත් පිළි­බිඹු කර­මින් කිරි නිෂ්පා­දන අංශයේ ඵල­දා­යි­තාව ඉහළ නැංවීමේ ව්‍යාපෘ­තිය සහ නිල ආර­ක්ෂක ආධාර ලබා දීමේ වැඩ­ස­ට­හන පිළි­බඳ හුව­මාරු පත්‍ර අත්සන් තැබීම සිදු කළ අයුරු.”

ඉන්දි­යානු සාග­ර කලාපයේ පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාව­ර­ත්වය සහ සංව­ර්ධ­නය ඉතා තීර­ණා­ත්මක බව ජපාන අග­මැති ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා පැව­සීය.

ජපාන රජයේ ආරා­ධ­න­ය­කට අනුව ජපා­නයේ නිල සංචා­ර­යක නිරත ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පිළි­ගැ­නීමේ නිල උත්ස­වය ජපාන අග­මැති කාර්යාල පරි­ශ්‍ර­යේදී ඊයේ (29) පෙර­ව­රුවේ පැවැත්වූ අතර එහි පැවැති ඒකා­බද්ධ මාධ්‍ය හමුව අම­ත­මින් ජපාන අග­මැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනී­මට ජපන් රජය ලබා දුන් දාය­ක­ත්වය වෙනු­වෙන් මෙහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ස්තුතිය පුද කළේය.

සංව­ර්ධ­නය සහ ස්ථාව­ර­ත්වය වෙනු­වෙන් ජපා­නය සමඟ එක්ව කට­යුතු කිරී­මට කැප­වන බවද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

ජපාන අග­මැති කාර්යා­ලය වෙත පැමිණි ජනා­ධි­ප­ති­ව­ර­යාව ජපාන අග්‍ර­මාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් මහත් හර­ස­රින් යුතුව පිළි­ගනු ලැබීය. ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් ජපාන ස්වයං ආර­ක්ෂක බළ­කායේ උත්ත­මා­චා­රද එහිදී පිළි­ගැ­න්විණි. එම පෙළ­පා­ළිය නිරී­ක්ෂ­ණය සඳ­හාද ජනා­ධි­ප­ති­ව­රයා එක් විය.

දෙරටේ නියෝ­ජිත පිරිස හඳුන්වා දීමෙන් අන­තු­රුව, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ජපාන අග්‍ර­මාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා අතර නිල සාකච්ඡා ආරම්භ විය.

ජපා­නය සහ ශ්‍රී ලංකාව අතර පව­තීන දීර්ඝ­කා­ලීන සමීප මිත්‍ර­ත්වය තව­දු­ර­ටත් ශක්ති­මත් කර ගනි­මින්, දෙරට අතර වෙළෙඳ, ආයෝ­ජන, ආර්ථික, සංව­ර්ධන ආධාර සහ කලා­පීය ආර­ක්ෂාව ආදී කරුණු ආව­ර­ණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්‍ර­යන්හි සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් පුළුල් කර ගැනීම පිළි­බ­ඳව එහිදී අව­ධා­නය යොමු කෙරිණි.

දෙපා­ර්ශ්වය අතර සංව­ර්ධන සහාය (Official Development Assistance) තව­දු­ර­ටත් පිළි­බිඹු කර­මින් කිරි නිෂ්පා­දන අංශයේ ඵල­දා­යි­තාව ඉහළ නැංවීමේ ව්‍යාපෘ­තිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආර­ක්ෂක ආධාර ලබා දීමේ වැඩ­ස­ට­හන (Official Security Assistance- OSA) පිළි­බඳ හුව­මාරු පත්‍ර අත්සන් තැබී­මද එහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ජපා­නය අතර පව­තින දිගු­කා­ලීන මිත්‍ර­ත්වය, අන්‍යෝන්‍ය විශ්වා­සය, ගෞර­වය ශක්ති­මත් පුද්ගල සබ­ඳතා මත පද­නම් වී තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජපාන අග්‍රා­මා­ත්‍ය­ව­රයා සමඟ පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබ­ඳ­තා­වල වැද­ගත් සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කරන බවද ජනා­ධි­ප­ති­ව­රයා කීය. එම එක­ඟ­තා­වල සැබෑ ප්‍රති­ලාභ අත්කර ගනි­මින් සංව­ර්ධ­නය සහ ස්ථාව­ර­ත්වය වෙනු­වෙන් යන ගම­නේදී ජපා­නය සමඟ එක්ව කට­යුතු කිරී­මට ශ්‍රී ලංකාව කැප­වන බවත් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී අව­ධා­ර­ණය කළේය.

ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසු­ගිය ආර්ථික අර්බු­දය හමුවේ අත­ර­මඟ නැව­තුණු සංව­ර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කර­මින් එහි ප්‍රති­ලාභ ජන­තා­වට ලබා දීම වෙනු­වෙන් ජපන් රජය දැක් වූ සහාය මෙන්ම, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනී­මට ලබා දුන් දාය­ක­ත්වය වෙනු­වෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී කට­යුතු කළේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ජපාන අග්‍රා­මාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර පැවති නිල සාක­ච්ඡා­ව­ලින් පසු දෙපා­ර්ශ්වය විසින් ඒකා­බද්ධ ප්‍රකා­ශ­යක්ද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි (Joint Statement).

මින් අන­තු­රුව ජපාන අග්‍රා­මා­ත්‍ය­ව­රයා විසින් ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ දූත පිරිස වෙත පිරි­න­මන ලද භෝජන සංග්‍ර­හ­ය­ටද ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු පිරිස සහ­භාගි වූහ.

මෙම අව­ස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත්, බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර හනිෆ් යුසූෆ්, ජපා­නයේ ශ්‍රී ලංකා තානා­පති මහා­චාර්ය පිවි­තුරු ජනක් කුමා­ර­සිංහ, ඩිජි­ටල් ආර්ථි­කය පිළි­බඳ ජනා­ධි­පති ප්‍රධාන උප­දේ­ශක ආචාර්ය හාන්ස් විජ­ය­සූ­රිය, ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක දුමින්ද හුලං­ග­මුව මහ­ත්වරු සහ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් සහ­භාගි වූ අතර, ජපාන රජය නියෝ­ජ­නය කර­මින් ඉහළ පෙළේ දූත පිරි­සක් එක් වූහ.

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි.

ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරද පිළිගැන්විණි. එම පෙළපාළිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක් විය.

දෙරටේ නියෝජිත පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා අතර නිල සාකච්ඡා ආරම්භ කෙරිණි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ආදී කරුණු ආවරණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණි.

දෙපාර්ශ්වය අතර සංවර්ධන සහාය (Official Development Assistance) තවදුරටත් පිළිබිඹු කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආරක්ෂක ආධාර ලබා දීමේ වැඩසටහන (Official Security Assistance- OSA) පිළිබඳ හුවමාරු පත්‍ර අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරිණි.

ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා සඳහන් කළේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ ශක්තිමත් පුද්ගල සබඳතා මත පදනම් වී තිබෙන බවයි. ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එම එකඟතාවල සැබෑ ප්‍රතිලාභ අත් කර ගනිමින් සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් යන ගමනේදී ජපානය සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම වෙනුවෙන් ජපන් රජය දැක් වූ සහාය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර පැවති නිල සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි. (Joint Statement)

මින් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස වෙත පිරිනමන ලද භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහභාගී විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ජපාන රජය නියෝජනය කරමින් ඉහළ පෙළේ දූත පිරිසක් එක් වූහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයාව මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබිණි. අනතුරුව ඔවුහු සුහද කතාබහකටද එක් වූහ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජයීය සහ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළ මෙහිදී අගය කළ මහලේකම්වරයා, ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත්,  ඊට පූර්ණ සහයෝගය පළ කරන බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යට ගොස් සිටින ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් පිළි­බඳ මහ­කො­ම­සා­රිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමු­වක් එක්සත් ජාතීන්ගේ මහ­ලේ­කම් කාර්යා­ල­යේදී එරට වේලා­වෙන් පෙරේදා (23) පස්ව­රුවේ පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව මානව හිමි­කම් සම්බ­න්ධ­යෙන් පසු­ගිය වසර තුළ අත්කරගෙන ඇති ප්‍රග­තිය පිළි­බ­ඳව කරුණු එහිදී සාකච්ඡා කරන ලද බව ජනා­ධි­පති මාධ්‍ය අංශය සඳ­හන් කළේය.එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් පිළි­බඳ මහ­කො­ම­සා­රි­ස්ව­රයා විසින් ජනා­ධි­ප­ති­ව­ර­යාව උණු­සුම් ලෙස පිළි­ගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩ­ලයේ 80 වැනි සැසි­වා­ර­යට සහ­භාගි වීම සඳහා ජනා­ධි­ප­ති­ව­රයා අමෙ­රි­කා­වට ගොස් සිටින අතර එම හමුව සඳහා විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝ­ජිත, හිටපු අග­වි­නි­සුරු ජනා­ධි­පති නීතිඥ ජයන්ත ජය­සූ­රිය මහ­ත්වරු ද එක්ව සිටි­යහ.

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු  අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය.

ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳවද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත්සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ හඩ නඟන බවද අවධාරණය කළේය.  මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා දැඩිව බලපෑම් කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාව වෙත සියලුදෙනා අවතීර්ණ විය යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, ගෝලීය ගැටලු රැසක් නිර්මාණ කර ඇති දුප්පත්කම පිළිබඳව සිය කතාව තුළ විශේෂ අවධානය යොමු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ඇති නැති පරතරය සහ දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළයුතු බවද සඳහන් කළේය.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී ඇති ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවරද මෙහිදී ගෙන හැර දැක් වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍යයටප්‍රජාතන්ත්‍රවාදයටදේශපාලනයට සහ සමස්ථයක් ලෙස ලෝකයේ යහපැවැත්මට තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට එක්වන ලෙසද ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

ජාවාරම්කරුවන්ට එරෙහිව නීතීය තදින් ක්‍රියාත්මක කිරීමඑවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවලට සංක්‍රමණය වීමට ඇති ඉඩප්‍රස්ථා ඇහිරවීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ලෝක නායකයන්ගේ අවධානයට යොමු කළේය.

සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතු වන දූෂණය සංවර්ධනයට බාධාවක් මෙන්ම  ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණයට එරෙහි සටන අසීරු පියවරක් වුවත් මතු පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාව එය ආරම්භ කර තිබෙන බවත්, දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතු බවත් යෝජනා කළේය.

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරා ගත් ශ්‍රී ලාංකික ජනතාව අද  පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්ම වටා  එක්ව ඇති බවද මෙහිදී වැඩිදුරටත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනයදුප්පත්කම තුරන් කිරීමඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවත්, ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබෙන බවත් ඒ සියල්ල පියවරෙන් පියවර ජය ගනිමින් සිටින බවත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කකාව පහත දැක් වේ.

සභාපතිතුමියනි, ගෞරවනීය ආරාධිතයිනි, සම්භාවනීය නියෝජිතයිනි,

ලෝකයේ ජාතීන් අතර සාධාරණ සහ කල්පවතින සාමයක් ස්ථාපිත කිරීමේ සහ පවත්වා ගෙන යාමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන බිහි කළ මෙම සුවිශේෂී සංවිධානයේ  80 වන සැසිවාරයේ සභාපතිනිය ලෙස තේරී පත් වූ යුරෝපයේ හදවතේ පිහිටි අපූර්ව ජර්මනියේ අතිගරු අන්නලේනා බෙයර්බොක් මැතිනියට මම උණුසුම් සුභාසිංසන පිරිනමනවා. ඒ වගේම ලෝකයම මවිතයට පත් කරන භූගෝලීය සහ සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරූන්හි අතිගරු ෆිලෙමොං යැං හිටපු සභාපතිතුමා ලබා දුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

සාමයෙන්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක අටක් පුරා ඇපකැප වූ සංවිධානයක බහුපාර්ශ්වික ගමන් මඟ සහ ඉදිරි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමුවරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙනවා.

ඔබ අප සෑම කෙනාම මේ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි ඒ ඒ රටවල ජනතාවගේ නියෝජිතයින් වෙනවා. මගේ රට වන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම ජනතාව අප වෙත පවරා දුන් ඓතිහාසික වගකීම අපි සියලුදෙනාගේම උරහිස් මත පැවරී තිබෙනවා. අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතැනක හෝ ජීවත්වන සෑම දෙනාටම බලපානවා. ඒ සියලු තීන්දු සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් සිදු කරනවා.

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණ දෙන අතිශයින් බරපතළ ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හදුන්වා දෙන්න පුළුවන්. ඒ මහා ව්‍යසනය හේතු කොට ගෙන නිර්මාණය වූ තවත් බරපතළ ගැටලු කිහිපයක් අප ඉදිරියේ අන්ධකාර පීඩාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ පිළිබඳ මේ සුවිශේෂී සමුළුවේ අවධානය යොමු කිරීම කළ යුතුම බවට මගේ හෘද සාක්ෂිය හඩ නඟා කියනවා. බොහෝ විට මේ සියල්ල ඔබේ හෘද සාක්ෂියටත් අඩු වැඩි වශයෙන් බලපෑම් කරනු ඇතැයි මා සිතනවා.

සම්භාවනීය නියෝජිතයිනි, ලෝකයේ බහුතරයක් රටවල සියවස් ගණනාවක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අරගලය ලෙස දුප්පත්කම හඳුන්වා දීමට පුළුවන්කම තිබෙනවා. එය විවිධ මුහුණුවරින් එන බිහිසුණු සතුරෙක් වන අතර අප මේ සමුළුවට රැස්ව සිටින මොහොතේත් මාද ඇතුළු මේ සෑම නියෝජිතයෙකුගේම රටවල්වල අඩු වැඩි වශයෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. එහෙත් නැති බැරිකම, දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් ලෝකය පුරා සිටිනවා.

තාක්ෂණයෙන් පිරිපුන් යැයි උදම් අනන ලෝකයක පාසල් අහිමි දරුවන් සිටීම මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනඟන අත්තිවාරම වෙනවා. අනාගත ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය වෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලෝකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අපි සලකනවා. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දුප්පත්කමට මුහුණදීමේ ප්‍රගතියට ණය බර අඛණ්ඩව බාධා කරනවා. සාමන්‍යයෙන් අඩු ආදායම්ලාභී රටවල සෞඛ්‍ය හෝ අධ්‍යාපන සේවා සඳහා ගෙවීමට වඩා දෙගුණයකට වඩා වැඩි අරමුදල් ශුද්ධ පොලී ගෙවීම සඳහා වෙන් කරනවා. පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙනුත් ණය උගුල්වල සිර වී සිටිනවා. මෙම තත්ත්වයට සාධනීය විසඳුමක් අවශ්‍ය වෙනවා. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ කිසිවෙකු අත්හැර නොයන බවටත්, පළමුවෙන්ම පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් පොරොන්දු වී තිබෙනවා.

අද ලෝකය පුරා මුහුණ දෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරිමේ අභියෝගය බව තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ හඳුනාගෙන තිබෙනවා. 1995දී කෝපන්හේගන්හිදී පැවති සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක සමුළුවේදී ගත් තීරණාත්මක තීන්දුවක් ඔබේ අවධානයට යොමු කරවනවා. එහෙත් අනපේක්ෂිත යුද්ධ, දේශපාලන ව්‍යාකූලතා වගේම ලෝකයම කුණාටුවට හසු වූ කොවිඩ් වසංගතය නිසා අභිලාෂකාමී න්‍යාය පත්‍රය ව්‍යාකූලත්වයට පත් කර තිබෙනවා. ඒ නිසා ඇති නැති පරතරය, දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළ යුතුව තිබෙනවා.

ගරු සභාපතිතුමිනි, ගෞරවනීය අමුත්තනි, මේ අසිරිමත් ග්‍රහ ලෝකය අස්ථාවරත්වයටත්, ව්‍යාකූලත්වයටත් පත් වන නවමතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවේ පවා තහවුරු කර තිබෙනවා. ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කර තිබෙනවා.

මේවාට සම්බන්ධ කණ්ඩායම්, රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරමින් සිටිනවා. මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට, ලෝක දේශපාලනයට මෙන්ම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත් වී තිබෙනවා.  මේ මහා ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවලට සංක්‍රමණය වීමට ඇති ඉඩප්‍රස්ථා ඇහිරවීම, මේවාට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු මේ මොහොතේ මම ඔබගේ අවධානයට යොමු කරනවා.

ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි, දූෂණය සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතුවන ද්‍රෝහී වසංගතයක් ලෙස අපි විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. එහෙත් දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මා ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ටාචාරයේ විවිධ ජයග්‍රහණ එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපකිරීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටන අසීරු පියවරක්. එහෙත් අපි එම පියවර තැබිය යුතුයි. අප තබන පළමු පියවර අසීරු විය හැකියි. එහෙත් අපි නිර්භීතව තබන පියවර නිවැරදි නම් ඒ පියවර පිටුපස තවත් පියවර දහස් ගණනක් අප සමග එනු ඇතැ’යි මම විශ්වාස කරනවා. නිර්භීත වන්න, ඉතිරි සියල්ල ඉබේම සිදු වනු ඇතැ’යි ජවහර්ලාල් නේරුතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ මම සිහිපත් කරනවා.

මම නියෝජනය කරන්නේ මිලියන 22ට ආසන්න ජනගහනයක් ජීවත් වන පුංචි දීප්තිමත් දූපතක්. ශ්‍රී  ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් 0.3%ක්  පමණ වෙනවා. අපේ රටේ සිටින ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව සහ සංඛ්‍යාත්මකව කුඩා බව ඇත්ත. එහෙත් අපේ රටේත්, ලෝකයේත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කර තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මම යෝජනා කරනවා.

ඔබ කුමන රාජ්‍යයක් නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙකුම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමඟ එක් වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතැනක හෝ කෙසේ හෝ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුවත් ඒ මගින් සිදු වන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා එම ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් සිටිනවා.

දශක තුනකට වැඩි කාලයක් යුද්ධයේ කටුක ඇත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව ගැන අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණනකගේ සැමරුම් ස්මාරක අසලට පැමිණ ඔවුන්ගේ දෙමාපින්, දූදරුවන්, බිරින්දෑවරු දෑත් එක්කර නඟන වේදනාබර ආයාචනයන් දකින ඕනෑම කෙනෙක් යුද්ධය පිළිබඳ සිහිනයක් දැකීමට පවා අකැමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා. ගැටුම් නිසා මිනිසුන්ට විඳීමට සිදුව ඇති දුක පෙර නොවූ විරූ මට්ටමට ළඟා වී නොතිබුණත් බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනක දුක් වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත්ව තිබෙනවා.  

දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින් යන පා පන්දුවක් බවට පත් කිරීම අවස්ථාවාදී බල දේශපාලනයේ ඛේදවාචකයක් වෙනවා. තමන්ගේ බලය වැඩි කර ගැනීමට වෙනත් කිසිවෙකුගේ ජීවිතවලට බලපෑම් කිරීමට සහ පීඩා කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස ජීවිත විනාශ කිරීම නොවෙයි.

ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය අපේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා. විශේෂයෙන් ගාසා තීරය වේදනාබර ඛේදනීය එළිමහන් සිර කඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂික ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ අපි හඬ නගනවා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා.

පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්වා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා. 1967 දේශසීමා මත,  රාජ්‍ය දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ සහ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක් විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝක වාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නෙකු බවට පත්ව සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළැඹ සිටිනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත් කරන යුද ගැටුම්වලට, උමතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතළ ලෙස හේතු වී තිබෙනවා.

වහල්භාවය ආහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත්, වර්ගවාදයේ විෂ තවමත් තැන තැන ඇති බව නැවත නැවත සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණ වන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී, වර්ගවාදී ඝෝෂාවන් තවදුරටත් අළු යට ගිනි පුපුරු මෙන් ඉතිරිව තිබීමයි. එහි බිහිසුණුම තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස එම ගිනිපුපුරු විටින් විට මහා ගිනි ජාලා බවට පත් කිරීමයි.

ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මිය යන ලෝකයක අපි බිලියන ගණන් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා. නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණනක් ජනතාව මරණයේ මාවත තෝරා ගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නැමැති පියාපත් ලැබිය නොහැකිව ලක්ෂ ගණනක් දරුවන් සුසුම් හෙළන විට භූමි ආක්‍රමණය කිරීමට මිලියන ගණනක් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකි නම් ඒ ලෝකය ආශ්චර්යමත් ලෝකයක් බවට පත් වන බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. මේ සමුළුවට එක් වූ අපි සියලුදෙනා ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමු’යි කියා මා යෝජනා කරනවා.

ඓතිහාසික මැතිවරණයකින් ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහි වූ ව්‍යවස්ථාදායකය විවිධත්වයෙන් සහ විචිත්‍රත්වයෙන් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවැන්ත විශ්වාසයක් තැබුවා. තව අතකින් දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු කාන්තා සහ සෙසු ජාතින් නියෝජනය ඓතිහාසික සන්ධිස්ථානයක් නිර්මාණය කළා.පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ ජන වාර්ගික විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත බලගන්වනු ලබනවා.

ඒ වගේම මහජන නියෝජිතයන් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බවට අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම විය යුත්තේ රට සහ ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම නොවන බව අපි විශ්වාස කරනවා.

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරා ගත් අපේ රටේ ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාදය ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අපේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍ය කෙරෙහි අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අපි ජය ගනිමින් සිටිනවා.

වර්තමානයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අපේ නව ඉලක්කයයි. ලෝකය ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවලට ප්‍රවේශ විය හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වුවහොත් තාක්ෂණයට ප්‍රවේශ වීමේ ඉඩප්‍රස්ථා විවර වීම, සංවර්ධනය වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැළැක්විය නොහැකි වෙනවා. එහෙත් එසේ කිරීමට අපි අසමත් වුවහොත් තාක්ෂණයේ අසමානතාව සහ අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇති වීමට තුඩු දෙන තවත් බලවේගයක් වන බව අපි විශ්වාස කරනවා.

ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීමට නොහැකි රාජ්‍ය අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රීම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබ්බට විහිදුණු පරතරයක් මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලොව පුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීමට යටිතල පහමුකම් අවම වීම බලපා තිබෙනවා.

අපි බොහෝ යහපත් ලෝකයක්, මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනඟා ගත යුතුයි. මෙම සමුළුවේ සාමාජිකයන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ ප්‍රඥප්තිය අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරී එස්. ට්රූමන් කළ ප්‍රකාශයක් සිහිපත් වෙනවා. අපි ක්‍රියාකළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත්ව නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කර ගත හැකි මෙන්ම එය වඩාත් සමීප යැයි යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වූ පරපුරක් බවට පත්වීමට මෙම සමුළුවේදී අපි අධිෂ්ඨාන කර ගනිමු.

අවසාන වශයෙන් මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අපි විශ්වාස කරනවා.

නිරෝගී ධරණි තලයක සාමය සහ ගෞරවය සහ සමානාත්මතාව වෙනුවෙන් කැප වෙමු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ලෝකය සැබෑවටම පිළිසකර කරන්නන් වෙමු කියා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter