විදේ­ශීය ණය ප්‍රති­ව්‍යු­හ­ගත ගිවි­සුම අත්සන් කිරී­මෙන් අන­තු­රුව විදේ­ශීය රට­වල් නැව­තත් ඇස් ඇර අපේ රට දෙස බල­න්නට පටන් ගෙන තිබෙ­නවා. ඒ අනුව හංගේ­රි­යානු රජයේ නියෝ­ජි­ත­යින් මෙර­ටට පැමිණ, ගැටඹේ පාලම ඉදි­කි­රීම් නැවත ආරම්භ කිරීම පිළි­බ­ඳව පොරොන්දු ප්‍රකා­රව ඉඩ ප්‍රස්ථා ලැබී තිබෙ­නවා.”  යැයි ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා සඳ­හන් කළේය.

ඉදි­කි­රීම් ආරම්භ කර අත­ර­මග නතර කර තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදි­කි­රීම් ශ්‍රී ලංකාවේ විදේ­ශීය ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ගිවි­සුම් අත්සන් කිරී­මත් සමඟ නැවත ආරම්භ කිරීම පිළි­බ­ඳව, විශේෂ නිරී­ක්‍ෂ­ණ­යක් සඳහා මෙර­ටට පැමිණ සිටින හංගේ­රි­යානු රජයේ නියෝ­ජි­ත­යින්ගේ ද සහ­භා­ගි­ත්ව­යෙන්, මහ­නු­ව­රදී  පැවති   විශේෂ මාධ්‍ය හමු­ව­කදී අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

එහිදී අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා.

Òවිදේ­ශීය ණය ප්‍රති­ව්‍යු­හ­ගත ගිවි­සුම අත්සන් කිරී­මෙන් අන­තු­රුව විදේ­ශීය රට­වල් නැව­තත් ඇස් ඇර අපේ රට දෙස බල­න්නට පටන් ගෙන තිබෙ­නවා. ඒ අනුව හංගේ­රි­යානු රජයේ නියෝ­ජි­ත­යින් මෙර­ටට පැමිණ, ගැටඹේ පාලම ඉදි­කි­රීම් නැවත ආරම්භ කිරීම පිළි­බ­ඳව පොරොන්දු ප්‍රකා­රව ඉඩ ප්‍රස්ථා ලැබී තිබෙ­නවා. එසේ නොවුණා නම් මේ පාලම ඉදි­කි­රී­මට අව­ස්ථාව ලැබෙන්නේ නැහැ. මහ­නු­වර නග­රය සුහුරු හරිත නග­ර­යක් ලෙස සංව­ර්ධ­නය කිරීම සඳහා ලෝක බැංකු නියෝ­ජි­ත­යින් මෙර­ටට පැමිණ, විදුලි බස් රථ 200ක් ණය පද­නම යටතේ ලබා­දී­මට කැමැත්ත පළ කර තිබෙ­නවා. දැන් ඒ පිළි­බඳ සාකච්ඡා කිරීමේ හැකි­යාව ලැබී තිබෙ­නවා.

එසේ කට­යුතු කිරීම සඳහා විදෙස් රට­වල් සමඟ පොරොන්දු පත්‍ර­ය­කට අත්සන් තබා ඒවා නීති බවට පත්කර තිබෙ­නවා.

ඉති­හා­සයේ මීට පෙර පැවැති සිය­ලුම රජ­යන්ට අව­ශ්‍ය­තා­වය පරිදි  මුදල් මුද්‍ර­ණය කිරීමේ හැකි­යාව පැව­තුණා. නමුත් මේ වන විට මහ බැංකු පනත සංශෝ­ධ­නය කර මුදල් මුද්‍ර­ණය කිරීම නීති­යෙන් තහ­නම් කර තිබෙ­නවා.

උත්සව අවස්ථාවට සහභාගී වූ පිරිසෙන් කොටසක්

ස්වෛරීත්ව බැඳු­ම්කර නිකු­ත්කර ජාත්‍ය­න්තර වෙ‍ෙළ­ඳ­පොළ අවශ්‍ය ආකා­ර­යට ණය ලබා­ගැ­නී­මට හැකි­යා­වක් නැහැ. ණය පාලන පන­තක් පාර්ලි­මේ­න්තුව සම්මත කර තිබෙ­නවා.

විවිධ පොරොන්දු ලබා­දු­න්නත් ඒ පොරොන්දු සඳහා අවශ්‍ය ආකා­ර­යට අය වැය සකස් කිරීමේ හැකි­යා­වක් නැහැ. මූල්‍ය කළ­ම­නා­ක­රණ පන­තක් පාර්ලි­මේ­න්තුව සම්මත කර තිබෙ­නවා. ඒ සඳහා විශේ­ෂ­ඥ­යි­න්ගෙන් සම­න්විත අය වැය කමි­ටු­වක් පාර්ලි­මේ­න්තුවේ කට­යුතු කරනු ලබ­නවා.

2042 දක්වා අනු­ග­ම­නය කරන ප්‍රති­පත්ති ඇතු­ළත් කර ආර්ථික පරි­ව­ර්තන පන­තක් සම්මත කර තිබෙ­නවා.

ඒවා­යෙ­හිදී වංචා, දූෂණ, අක්‍ර­මි­කතා සිදු­වීම වැළැ­ක්වීම සඳහා දූෂණ විරෝධි පනත ඇතු­ළත්ව නීති පහක් මේ වන විට සම්මත කර තිබෙ­නවා. ඒ නීති පහෙන් එකක් හෝ වෙන­ස්කර රට ඉදි­රි­යට පව­ත්වා­ගෙන යෑමේ හැකි­යා­වක් නැහැ.

ඒ අනුව 2032 වන විට ශ්‍රී ලංකාවේ ණය බර දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස 95% දක්වා අඩු­ක­රන බවට ලෝක­යට පොරො­න්දු­වක් ලබා දී තිබෙ­නවා. මේ වන විට එම අගය  128%ක්. මොනම තත්ත්ව­යක් මත හෝ රජයේ දළ මූල්‍ය අව­ශ්‍ය­තා­වය දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 13%ට වඩා වැඩි කළ නොහැ­කියි. ණය වාරික, පොලී ගෙවීම 4.5ට වඩා වැඩි කළ නොහැ­කියි. සෑම වස­ර­කම අය වැය සකස් කරන විට ප්‍රාථ­මික ගිණුමේ 2.3ක අති­රි­ක්ත­යක් පව­ත්වා­ගත යුතුයි. හිතු­මතේ ආන­යන අප­න­යන සිදු­කර ගිණුම් ශේෂයේ ඕනෑම හිඟ­යක් ඇති කිරීමේ හැකි­යා­වක් නැහැ. වස­ර­කදී දළ දේශීය නිෂ්පා­ද­න­යෙන් 1%කට‍ ­වඩා ගෙවුම් ශේෂයේ හිඟය වැඩි කිරී­මට හැකි­යා­වක් නැහැ. සෑම වස­ර­ක­දීම වර්ධන අනු­පා­තය 5ට වඩා වැඩි­යෙන් පව­ත්වා­ගෙන යා යුතුයි. සේවා වියු­ක්තිය 5%කට වඩා අඩු අග­යක පව­ත්වා­ගෙන යා යුතුයි. කාන්තා ශ්‍රම සහ­භා­ගි­ත්වය 40%ට වැඩි කළ යුතුයි.

ජාත්‍ය­න්තර එක­ඟතා සමඟ මේ ඇති­ක­ර­ගත් නීති ඒ ආකා­ර­යෙන් ක්‍රියා­ත්මක කිරීම තුළින් 2048 වන විට ඒක පුද්ගල ආදා­යම ඩොලර් 20000ක් පමණ ලබන සංව­ර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් රට තුළ ක්‍රියා­ත්මක කළ යුතු වනවා. ඉන් බැහැර වුව­හොත් අපේ රට­ටද ණය ආපසු ගෙවා ගැනී­මට නොහැ­කිව  ආජ­න්ටි­නාව, සිම්බාබ්වේ, කොස්ට­රි­කාව වැනි රටක් බවට පත්වී­මට සිදු­ව­නවා.

එම නිසා එම කාලය තුළ අප දරන විය­දම් ප්‍රධාන කුලුනු 3ක් තුළට අනු­කූල විය යුතුයි. 2032 වන විට දළ දේශීය නිෂ්පා­දි­තය 95%ට වඩා වැඩි විය යුතුය. ගෙවී­මට තිබෙන ප්‍රමා­ණය වස­ර­කට 4.5ට වඩා වැඩි­වී­මට බැහැ. රජයේ වසරේ මුදල් අව­ශ්‍ය­තා­වය 13% ඉක්ම­විය නොහැ­කියි. මේ සිය­ලුම ව්‍යාපෘති මේ කරුණු 03 මත කළ­ම­නා­ක­ර­ණය කළ යුතුයි. එම නිසා කුමන රජ­යක් යටතේ වුවත්, ජාත්‍ය­න්තර වශ­යෙන් එළැඹ තිබෙන ගිවි­සු­ම්ව­ලට අනු­කූ­ලව වග­කී­මෙන් යුතුව කට­යුතු කළ යුතුයි. රටට ආද­ර­යෙන්, අපේ රට අපි ගොඩ­නඟා ගැනීම සඳහා වන දුෂ්කර ප්‍රය­ත්නය ජය­ගැ­නීම සඳහා සියලු දෙනා එක්ව කට­යුතු කළ යුතුයි.Ó

ආයෝ­ජන ප්‍රව­ර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමු­ණු­ගම මහතා, ප්‍රවා­හන හා මහා මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් රංජිත් ගංගා­නාත් රූබ­සිංහ මහතා, හංගේ­රි­යානු රජය නියෝ­ජ­නය කර­මින් මොර්ට්න් ලැස්ලෝ මහතා (Marton Laszlo), නව­දිල්ලි හංගේ­රි­යානු තානා­පති කාර්යා­ලයේ ආර්ථික සහ වාණිජ උප­දේ­ශක  ලෙවන්ටේ  කාර්ඩෝස් මහතා (Levente Kardos), මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රියන්ත සූරි­ය­බ­ණ්ඩාර මහතා, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ නලින්ද රත්නා­යක මහතා, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ විධා­යක නිල­ධා­රීන්, දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු රාජ්‍ය ආය­ත­න­වල නිල­ධා­රීන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.