අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්රී දේහයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශ්රී දේහය තැන්පත් කර ඇති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත (04) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය ශ්රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සහ දායක සභාවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.