නවතම පුවත්

ශ්‍රී ලංකා තැපෑලට මෙරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට දායකත්වය සැපයිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ 151 වැනි ලෝක තැපැල් දිනයට සමගාමීව ඇල්ල තැපැල් කාර්යාලයේ සංචාරක නිවාසය සහ මුද්දර කාර්යාංශ කවුළුව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා පැවසුවේ අභියෝගාත්මක අනාගතයකට ශක්තිමත්ව මුහුණදීමට නව්‍යකරණය හා බැඳුණු ධනාත්මක පරිවර්තනයක් අවශ්‍ය බවයි.

මේ ව්‍යාපෘති ද්විත්වයම තැපැල් දෙපාර්තමේන්තුවට යම් ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වන අතර, මෙමඟින් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය ඉහළ නංවාලීම ප්‍රමුඛ අරමුණ විය.

සංචාරක නිවහනේ නාම පුවරුව විවෘත කිරීම, විදුලි ආලෝකය ක්‍රියාත්මක කිරීම, විදේශීය සංචාරකයන් තිදෙනෙක් සහ දේශීය පාරිභෝගිකයන්ට සමරු මුද්දර අලෙවිය, සංචාරක නිවාසයේ ප්‍රථම වෙන් කිරීම සිදු කිරීම මෙහිදී සිදු විය.

2018 වසරේ විවෘත කර ඇති ඇල්ල තැපැල් කාර්යාලයේ ඉහළ මහලේ ස්ථානාධිපතිවරයා සඳහා නිල නිවෙසක් වූ අතර, එය 2024දී රුපියල් මිලියන 4.5ක වියදමින් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් සංචාරක නිකේතනයකට සරිලන පරිදි එම නිල නි‍ෙවස සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදු කර අවශ්‍ය ගෘහ භාණ්ඩ ද දීමට පියවර ගනිමින්, හඳුනාගත් අඩුපාඩු සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මේ වසරේ රජය රුපියල් මිලියන 02ක පමණ මුදලක් වැය කරමින් තැපෑලට ආදායම් උත්පාදන ක්‍රමවේදයක් ලෙස විවෘත කිරීමට පියවර ගැනිණි.

මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත්, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමීෂා ද සිල්වා මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වැනි සමුළුව අමතමින් සමුළුවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි කැපවීමෙන් රෝග කිහිපයක් මෙරටින් තුරන් කිරීමට හැකි වූ බවත් බෝ නොවන රෝග, වැඩිහිටි ජනගහනය ඇතුළු අංශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් සමස්ත සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනය කෙරෙහි විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

කොළඹ, සිනමන් ලයිෆ් හෝටලයේ පැවැත්වෙන දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වැනි සමුළුව පෙරේදා (13) ආරම්භ කළ අතර එහි දෙවැනි දිනය ඊයේට (14) යෙදිණි. එහිදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රටේ සුවපත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් රජයේ නව්‍ය වැඩපිළිවෙළක් වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යෑමට සහෝදර සාමාජික රටවල අදහස්, යෝජනා බෙහෙවින් ඉවහල් වන බවත් ඇමැතිවරයා පැවසීය. කලාපයේ සෞඛ්‍ය ඇමැතිවරුන් ඇතුළු විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනයට දැනුම බෙදාගැනීම මේ සමුළුවේ දී සිදු කරයි.

බිලියන දෙකකට ආසන්න ජනතාවක් ජීවත්වන අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍යසම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම මේ කලාපයීය කමිටු සැසියේදී කලාපීය සෞඛ්‍ය නායකයන් විසින් සාකච්ඡා කරන ලදි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය ගැන දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡාවට භාජනය වූ අතර සියලු සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැනුම ඇතුළු එම රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය ක්‍රමවේද ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශේෂඥයන් තම රටවල ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛව සෞඛ්‍ය සේවාව ගැන අත්දැකීම් ද මෙහිදී බෙදාගන්නා ලදි.

මේ විශේෂ සාකච්ඡාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා විසින් මෙහෙයවනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරි වෛද්‍ය කැතරිනා බොහ්මේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්ම මහත්මීහු ද, සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ගුණත්මකව පොදුවේ ගොඩනැගීමේ රාමුව යටතේ, ආර්ථික සහ වෙළඳාම යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමට දායකවීමට ද, චීනය කැමැත්තෙන් සිටින බවයි.

මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරත විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඔහු සමඟ වැදගත් හමුවක් පැවැත්වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව උපායමාර්ගික මග පෙන්වීමක් ලබා දුන්නේ ය.

දෙපාර්ශ්වය එක්ව “ගෝලීය පාලන මුලපිරීම” ක්‍රියාත්මක කිරීමෙන්, බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කළ යුතු බවද ලී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එකම චීනය යන මූලධර්මයට ශ්‍රී ලංකාව අනුගත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී අවධාරණය කළා ය. ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල සහ “ගෝලීය පාලන මුලපිරුම” සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වයි. චීනය සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා-චීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ද ඇය එහිදී සඳහන් කළා ය.

මේ අතර, ශ්‍රී ලංකා අගමැතිනිය හා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති වං හූනිං මහතා අතරද හමුවක් ඊයේ දිනයේදී පැවැත්වුණි.

එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඉහළ ගුණත්මකභාවයෙන් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවන් පුළුල් කරමින් අවංක හා අන්‍යෝන්‍ය සහයෝගයන්ගෙන් සපිරි පාරම්පරිකව පවතින මිත්‍රත්වයක් හිමි චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට චීනය බලාපොරොත්තු වන බව වං මහතා මෙහිදී පවසා ඇත.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳව සුබ පැතුම් පිරිනැමූ අමරසූරිය මෙනෙවිය, මෙහිදී ප්‍රකාශ කළේ, ලෝක කාන්තාවන් ගේ සංවර්ධනය අරමුණු කර ගෙන ඉදිරියට යන ගමනේදී චීනය ලබාදෙන නායකත්වය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ දේශනයෙන් පිළිබිඹු වූ බවයි.

චීනය සමග සබඳතාව අගය කරන ශ්‍රී ලංකාව, චීනය සමඟ එක්ව ආර්ථිකය, අධ්‍යාපනය සහ සංචාරය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, දෙරට අතර සබඳතාව අලුත් මට්ටමකට නංවාලීමටත් අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ දකුණු සහ අග්නි­දිග ආසි­යා­තික රට­ව­ලින් සම­න්විත කලා­පීය සමු­ළුවේ සභා­ප­ති­ත්ව­යට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඊයේ (13) තේරී­පත් විය.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ දකුණු සහ අග්නි­දිග ආසි­යා­තික රට­ව­ලින් සම­න්විත කලා­පයේ 78 වැනි සමු­ළුව කොළඹ සින­මන් ලයිෆ් හෝට­ල­යේදී ඊයේ (13) ආරම්භ විණි. එහිදී මෙම පත් කිරීම සිදු­කර ගැනිණි. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ එම ධුර කාලය වස­රක් සඳහා වලංගු වේ.

 

ඊයේ (13) සිට 15 වැනිදා දක්වා තෙදි­නක් පුරා පැවැ­ත්වෙන මෙම 78 වැනි සමු­ළුව සඳහා සත්කා­ර­ක­ත්වය ශ්‍රී ලංකාව විසින් සප­යනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙ­යි­සස් (Dr. Tedros Adhanom Ghebreyesus) ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ අග්නි­දිග ආසියා ආය­තන භාර නිල­ධාරී වෛද්‍ය කැත­රිනා බොහ්මේ මහත්ම මහ­ත්මීන් ඇතු­ළුව රට­වල් 08ක් නියෝ­ජ­නය කර­මින් එම රට­වල සෞඛ්‍ය අමා­ත්‍ය­වරු සහ රට­වල් දෙකක් නියෝ­ජ­නය කර­මින් තානා­ප­ති­වරු ද, අනෙ­කුත් ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ විශේ­ෂ­ඥ­යන්ගේ ද සහ­භා­ගී­ත්ව­යෙන් මෙම සැසිය පැවැත් වේ. ඔවුහු ඉදිරි වසර සඳහා කලා­පයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය ද මෙහිදී සකස් කරති.

මෙම කලා­පීය සමු­ළු­වේදී ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලු පිළි­බඳ යෝජනා සම්මත කර­ගැ­නී­මත්, පෙර වස­ර­වල යෝජ­නා­වල ප්‍රග­තිය සමා­ලෝ­ච­නය කිරී­මත් සිදු වේ. සියලු ජන­තා­වගේ සෞඛ්‍ය හා යහ­පැ­වැත්ම ප්‍රව­ර්ධ­නය, සැප­යීම, ආරක්ෂා කිරීම සහ සෞඛ්‍යා­ශ්‍රිත තිර­සර සංව­ර්ධන ඉලක්ක නැවත යථා තත්ත්ව­යට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා­මාර්ග නැවත පණ­ගැ­න්වීම ද සිදු වේ.

ශක්ති­මත් ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව මඟින් සෞඛ්‍ය සම්පන්න වය­ස්ගත වීම සහ දුම් රහිත දුම්කො­ළ­ව­ලට එරෙ­හිව සටන් කිරීම, හැත්තෑ­අට වැනි කලා­පීය කමිටු සැසියේ දී සෞඛ්‍ය නාය­ක­යන් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රමු­ඛ­තා­වක් ගනී.

දකුණු සහ අග්නි­දිග ආසි­යානු කලා­පීය සෞඛ්‍ය හදිසි අර­මු­දලේ සංචි­තය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රති­රෝ­ධ­යට එරෙහි ක්‍රියා­මාර්ග වේග­වත් කිරීම පිළි­බඳ සාමා­ජික රට­වල සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පව­ත්ව­මින් ඉදිරි නිග­ම­න­ව­ලට එළැ­ඹී­මට නිය­මි­තය.

වත්මන් රජයේ දේශ­පා­ලන ප්‍රති­ප­ත්තිය සේම රාජ්‍ය යන්ත්‍ර­ණය දේශීය හා ජාත්‍ය­න්ත­ර­යට පිළි­බිඹු වන කැඩ­පත ජන­මාධ්‍ය බව ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැ­තිනි, ආචාර්ය කෞෂල්‍යා ආරි­ය­රත්න මෙණෙ­විය පැව­සු­වාය. නාරා­හේ­න්පිට ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ දී ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධුරයේ රාජ­කාරි ආරම්භ කර­මින් ආචාර්ය කෞෂල්‍යා ආරි­ය­රත්න මෙණෙ­විය මේ බව කියා සිටි­යාය.

ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය වැද­ගත් කාර්ය භාර­යක් ඉටු­ක­රන කේන්ද්‍රීය අමා­ත්‍යාං­ශ­යක් වන බව නියෝජ්‍ය ඇමැ­ති­ව­රිය කීවාය.

නියෝජ්‍ය ඇමැ­ති­ව­රිය වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සු­වාය.

“පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” ප්‍රති­ප­ත්තිය යටතේ ලබා­දුන් පොරොන්දු මාලාව යටතේ මේ වන විට වැඩ­ක­ට­යුතු රාශි­යක් ආරම්භ කර තිබෙ­නවා. ඉදි­රි­ය­ටත් එම වැඩ­ක­ට­යුතු රාශි­යක් සිදු කිරී­මට තිබෙ­නවා.

“පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්“ ප්‍රති­ප­ත්තියේ සඳ­හන් පරිදි යහ­පත් ජන­මාධ්‍ය කර්මා­න්ත­යක්, සම­බර තොර­තුරු සමා­ජ­යක් යනු­වෙන් නව රජයේ

වැඩ­ක­ට­යුතු රාශි­යක් සිදු කිරී­මට තිබෙ­නවා.

වර්ත­මා­නයේ වග­කීම් සහ­ගත ජන­මා­ධ්‍ය­ක­ර­ණ­යක් මෙරට ඇති කිරී­ම­ටත්, මාධ්‍ය නිද­හස ආරක්ෂා කිරීම සඳ­හාත් එමෙන්ම වග­කීම් සහ­ගත ජන­මා­ධ්‍ය­ක­ර­ණය පිළි­බඳ වග­කීම් සමා­ජය තුළ ඇති කිරී­මත්, එහි සම­බ­ර­තාව ඇති කිරීම සඳ­හාත්, ප්‍රති­පත්ති සම්පා­ද­නය කිරීම වත්මන් රජයේ ප්‍රධාන අභි­යෝ­ගය වී තිබෙ­නවා. සියලු දෙනාගේ ම සහ­යෝ­ග­යෙන් එම ප්‍රති­පත්ති සම්පා­ද­නය කිරී­මට කට­යුතු කර­නවා.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේ­මුණි, පාර්ලි­මේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් දීපා ලිය­නගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් හර්ෂ බණ්ඩාර, තැපැ­ල්පති රුවන් සත්කු­මාර, ගුවන් විදුලි සංස්ථාවේ සභා­පති මහා­චාර්ය උදිත ගයා­ශාන් මහත්ම මත්මීන් ඇතු­ළුව ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීහු සහ මාධ්‍ය ආය­තන නියෝ­ජ­නය කර­මින් පිරි­සක් ද මෙම අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද ( 13 ) සිට 15වන දින දක්වා කොළඹ දී පැවැත්වේ.

පුරා තෙදිනක් පැවැත්වෙන මෙම 78වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ යන මහත්ම මහත්මීන් ඇතුළුව රටවල් 8 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් තානාපතිවරු ද අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් ද මෙම සැසිය සදහා සහභාගිවන අතර ඔවුන් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය ද මෙහි දී සකස් කරනු ඇත.

ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම, හැත්තෑ අටවන කලාපීය කමිටු සැසියේ දී සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන ප්‍රමුඛතා වේ.

දකුණු සහ අග්නි දිග ආසියානු කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධයට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කිරීම පිළිබද සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙහි දී දීර්ඝලෙස සාකච්ඡා පවත්වමින් ඉදිරි නිගමනවලට එළැඹීමට නියමිතය.

මෙම කලාපීය සමුළුවේදී ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමටත්, පෙර වසරවල යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් මෙහි දී අපේක්ෂා කෙරෙනු ඇත. සියලු ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, සැපයීම සහ ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආශ්‍රිත තිරසාර සංවර්ධන ඉලක්ක නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නැවත පණ ගැන්වීම ද මෙහි අරමුණක් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus මහතා අද (12) දිවයිනට පැමිණ තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 78 වන අග්නිදිග ආසියානු කලාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහායි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන මෙම සමුළුව හෙට (13) දින සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවට අග්නිදිග ආසියානු කලාපයේ රටවල් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරවරු 09.40ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීම සදහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

151 වන ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඇල්ල තැපැල් කාර්යාලයේ සංචාරක නිවාසය සහ මුද්දර කාර්යාංශ කවුළුව විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘති ද්විත්වයම තැපැල් දෙපාර්තමේන්තුවට යම් අදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වන අතර, මෙම ව්‍යාපෘති මගින් තැපැල් දෙපාර්තමේන්තුවේ අදායම් තත්ත්වය ඉහළ නංවාලීම ප්‍රමුඛ අරමුණ විය.

ශ්‍රී ලංකා තැපෑල මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනයට දායකත්වය සැපයීමක් ලෙස ද මෙම ව්‍යාපෘති හදුන්වා දිය හැකි බවත්, අභියෝගාත්මක අනාගතයකට ශක්තිමත්ව මුහුණදීමට නව්‍යකරණය හා බැදුණු ධනාත්මක පරිවර්ථනයක් අවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.

සංචාරක නිවහනේ නාම පුවරුව විවෘත කිරීම, විදුලි ආලෝකය ක්‍රියාත්මක කිරීම, විදේශීය සංචාරකයින් තිදෙනෙකු සහ දේශීය පාරිභෝගිකයින් සඳහා සමරු මුද්දර අලෙවිය, සංචාරක නිවාසයේ ප්‍රථම වෙන් කිරීම සිදු කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ සහභාගීත්වයෙන් මෙහි දී සිදූවිය.

2018 වසරේ විවෘත කර ඇති ඇල්ල තැපැල් කාර්යාලයේ ඉහළ මහළේ ස්ථානාධිපතිවරයා සඳහා නිල නිවසක් වූ අතර, එම නිල නිවස 2024 වසරේ රුපියල් මිලියන 4.5 ක වියදමකින් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබුණි. නමුත්  සංචාරක නිකේතනයකට සරිලන පරිදි එම නිල නිවස සම්පූර්ණ අළුත්වැඩියාවක් සිදු කර අවශ්‍ය ගෘහ භාණ්ඩ ද ලබාදීමට පියවර ගනිමින් සහ හදුනාගත් අඩුපාඩු සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් 2025 වසරේ ද රජය රුපියල් මිලියන 02 ක පමණ මුදලක් වැය කරමින් මෙලෙස තැපෑලට ආදායම් උත්පාදන ක්‍රමවේදයක් ලෙස විවෘත කිරිමට පියවර ගැනුනි.

වර්තමානයේ ඇල්ල ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරක ආකර්ශණය ඉහළින්ම දිනා ගත් ප්‍රදේශයකි.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර බණ්ඩාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත්, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමීෂා ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

ඊයේ (09) දිනට යෙදී තිබූ ලෝක තැපැල් දින ජාතික සැම­රුම් උත්ස­වය සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි. 151 වැනි ලෝක තැපැල් දිනය මේ වර්ෂ­යේදී සැමරූ අතර, අපේ රට එය සම­රන්නේ 56 වැනි ජාතික සැම­රුම් උත්ස­වය ලෙසයි.

ලෝක තැපැල් දිනය 2025 වෙනු­වෙන් තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව විසින් නිකුත් කරන ලද මුල්දින කව­රය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාට තැපැ­ල්පති රුවන් සත්කු­මාර මහතා විසින් මෙහිදී පිරි­න­මන ලදි.

මේ ජාතික සැම­රුම් උත්ස­ව­යට ඌව පළාත් ආණ්ඩු­කාර, නීතිඥ කපිල ජය­සේ­කර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර, ඌව පළාත් ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේ­ව­ර්ධන, ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහේෂ් සේනා­රත්න මහත්ම මහ­ත්මීන් ඇතුළු තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් නිල­ධා­රීහු සහ­භාගි වූහ.

නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණගැසී සාකච්ඡාවක නිරත විය. 

ස්වීඩනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම මෙරට ආර්ථිකයේ දියුණුව සඳහා ඉතිහාසය පුරා කර ඇති මැදිහත්වීමි හා ව්‍යාපාරික අංශයේ කර තිබෙන ආයෝජන පිළිබඳව  මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යරයා සිහිපත් කළ අතර, ශ්‍රී ලංකා රජය ගත වූ වසරක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද ජෑන් තෙස්ලෙෆ් මහතා දැනුවත් කිරීමට මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන ලදි.

එමෙන් ම මෙම හමුවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ද සාකච්ඡා සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යාම, ළමා පෝෂණය සහ පෝෂණ ඌණතා, පාසල් සිසුන් අතර පෝෂණ තත්ත්වය සහ අභියෝග, වයස්ගත ජනගහණ අභියෝග, මෙරට ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙල පිළිබඳව මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා සිදු කෙරිණි. 

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ස්වීඩන විශ්වවිද්‍යාලවලට බහුලව යොමු වන බවත් එය ඉදිරියේ දී විශාල වශයෙන් වර්ධනය කිරීමට ස්වීඩන රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී තානාපතිවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  දැනුවත් කළ අතර, මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම බටහිර සහ දේශීය ආයුර්වේද  ප්‍රතිකාර සේවාව, ව්‍යාපාරික අංශයේ ආයෝජන ඉදිරියටත් සිදු කිරීම ආදී කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා සිදු කරන ලදි.

ශ්‍රී ලංකා රජයේ ස්ථීරසාර හා අධිෂ්ඨානශීලී ඉදිරි පියවරයන් පිළිබඳව ස්වීඩනය විමසිල්ලෙන් බලා සිටින බව ද තව තවත් ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, අදාළ ආයතන සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙම හමුවේ දී තානාපතිවරයා පැවසීය.

මෙම හමුවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපතිවරයා සමඟ ස්වීඩන වෙළඳ හා ආයෝජන කවුන්සිලයේ නියෝජිත පිරිසක් ද ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.

ලෝක තැපැල් දිනය ඔක්තොම්බර් මස 09 වෙනි දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී  ඔක්තොම්බර් මස 09වෙනි දින පෙරවරු 10.00 ට පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම්කර ඇත. 

151 වන ලෝක තැපැල් දිනය  මෙම වර්ෂයේ දී  සමරනු ලබන අතර මෙරට සමරනු ලබන 56 වන ජාතික සැමරුම් උත්සවය ද මෙය වේ.

මෙරට තැපැල් සේවයට වසර 227 ක දීර්ඝ ඉතිහාසයක් ඇත.

විශ්ව තැපැල් සංගමය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193 ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දින සමරනු ලබයි. 1874 දී ලොව පුරා රටවල් ගණනාවක් ඔක්තොම්බර් මස 09 වෙනි දින පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම සිදු වූ අතර ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස  1969 වර්ෂයේ දී නම්  කෙරිණි.

මෙම ජාතික සැමරුම් උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන්, නියෝජ්‍ය තැපැල්පතිවරුන්, සියලු ශ්‍රේණි නියොජනය කරමින් තැපැල් වෘත්තිකයන් ඇතුළුව පිරිසක් එක්වීමට නියමිතය.

ආදා­යම් තත්ත්වය ඉහළ නංවා ගනි­මින් භාණ්ඩා­ගා­ර­යට වැය බරක් නොවී අම­තර ආදා­ය­මක් එක් කරන තැනක් බවට තැපෑල පත් කර ගැනී­මට කට­යුතු කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ තැපැල් සහා­ය­ක­යන් ලෙස තෝරා­ගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදා­නය කිරීම අර­ලි­ය­ගහ මන්දිර පරි­ශ්‍රයේ දී ඊයේ (06) සිදු කෙරුණු අතර එම අව­ස්ථා­වට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේය.

විෂය භාර ඇමැ­ති­ව­රයා ලෙස තමා සිය යුතු­කම් කොටස ඉටු කරන බවත් එමෙන් ම තැපැ­ල්ප­ති­ව­රයා ඇතුළු කළ­ම­නා­කා­රී­ත්වය ඔවුන්ගේ වග­කීම් නිසි ලෙස භාර­ගන්නා අතර සේව­ක­යන් ලෙස නව පත්වී­ම්ලාභී ඔබ ද ඔබට පැවරී ඇති වග­කීම, අභි­යෝ­ගය භාර ගැනී­මට දාය­ක­විය යුතු බවත් ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

මේ සියල්ල ලබා­දී­මෙන් අන­තු­රු­වත් තැපෑල ලාභ ලබන තැනක් බවට පත්කර ගත නොහැකි වන්නේ නම් භාණ්ඩා­ගා­රයේ මුදල් තව­දු­ර­ටත් යොද­මින් තැපෑල මේ ආකා­ර­යෙන්ම පව­ත්වා­ගෙන යා යුතු ද නැද්ද පිළි­බ­ඳව සිතා බැලී­මට සිදු වන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

2021න් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට ස්ථිර තැපැල් සහා­යක බඳ­වා­ගැ­නීම් සිදු­කර නැති අතර ඒ හේතු­වෙන් පසු­ගිය වර්ෂය අව­සා­නය වන විට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ තැපැල් සහා­යක පුර­ප්පාඩු 1982ක් පැව­තිණි.

එවන් පුර­ප්පාඩු සංඛ්‍යා­වක් සමඟ දෙපා­ර්ත­මේ­න්තුවේ කට­යුතු පව­ත්වා­ගෙ­න­යාම දැඩි අර්බු­ද­කාරී තත්ත්ව­යක් මතු වූ අතර, එයට විස­ඳු­මක් ලෙස අදාළ පුර­ප්පාඩු සංඛ්‍යා­වෙන් 1000ක් බඳවා ගැනී­මට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ ඉල්ලීම පරිදි 2025 අගෝස්තු 19 වැනි දින ඇමැති මණ්ඩල අනු­මැ­තිය ලබා දී ඇත.

ඒ අනුව මේ දක්වා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ ආදේ­ශක සේව­ක­යන් ලෙස ලියා­ප­දිංචි වී සිටි නිසි සුදු­සු­කම් සම්පූර්ණ කළ පිරිස අත­රින් ඉහත 731 දෙනකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරා­ගනු ලැබීය.

තවත් තැපැල් සහා­ය­ක­යන් 269ක් ඉදි­රියේ දී බඳවා ගැනී­මට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යං­ශය මේ වන­වි­ටත් කට­යුතු කර­මින් සිටියි. තැපැල් සහා­ය­ක­යන් ප්‍රාථ­මික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණි­යට ඇතු­ළත් වේ.

එහිදී ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

“තැපැල් සේවාවේ අනා­ගත නව්‍ය­ක­ර­ණ­යට මේ වර්ෂයේ රුපි­යල් මිලි­යන 2085ක මුද­ලක් වෙන්කර තිබෙ­නවා.ඒ යටතේ තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට අවශ්‍ය වන ලොරි රථ මිල දී ගැනී­මට රුපි­යල් මිලි­යන 250ක මුද­ලක් ද, කැබ් රථ මිල දී ගැනී­මට රුපි­යල් මිලි­යන 320ක මුද­ලක් ද, උප තැපැල් කාර්යා­ල­ව­ලට නවීන තාක්ෂ­ණය එක් කිරී­මට අවශ්‍ය වන ටැබ් පරි­ග­ණක යන්ත්‍ර 1500ක් ද මිල දී ගැනීම සඳහා රුපි­යල් මිලි­යන 180ක මුද­ලක් ද, පරි­ග­ණක යන්ත්‍ර 225ක් මිලදී ගැනී­මට රුපි­යල් මිලි­යන 75ක මුද­ලක් ද වෙන් කර තිබෙ­නවා. තැපැල් කාර්යාල යම් ප්‍රමා­ණ­ය­කට පුන­ර්ජ­න­නීය සූර්ය­බල ශක්තිය ලබා­දී­මට රුපි­යල් මිලි­යන 40ක මුද­ලක් ද වෙන් කර තිබෙ­නවා.

රුපි­යල් මිලි­යන 600ක මුද­ලක් නව තැපැල් කාර්යාල ඉදි­කි­රී­මට වෙන් කර තිබෙ­නවා. ඒ යටතේ නව තැපැල් කාර්යාල විස්සක් ඉදි­කි­රී­මට දැන­ට­මත් කට­යුතු ආරම්භ කර තිබෙ­නවා.මේ ඉදි­කි­රීම් දෙසැ­ම්බර් මාසය අව­සන් වීමට පෙර නිම කර­නවා.

තවත් රුපි­යල් මිලි­යන 600ක මුද­ලක් තැපැල් කාර්යාල නවී­ක­ර­ණය කිරී­මට වෙන් කර තිබෙ­නවා. තැපැල් කාර්යාල 209ක් නවී­ක­ර­ණය කිරී­මට අවශ්‍ය කට­යුතු කර­නවා. මේ සිය­ල්ලෙන් ශ්‍රී ලංකා තැපැල් සේවාව නව මාන­ය­කට රැගෙන යාවි. එයින් මෙරට ජන­තා­වට විශිෂ්ට, කාර්ය­ක්ෂම තැපැල් සේවා­වක් ලැබෙයි. මේ සියලු දේවල් සප­ය­නුයේ තැපෑල භාණ්ඩා­ගා­ර­යට අම­තර වැය බරක් වූ අව­ස්ථා­ව­කයි. එබැ­වින් මේ බඳවා ගැනීම් සියල්ල සිදු කර­නුයේ සියලු සේවා­වන් කඩි­න­මින් සපයා ජන­තා­වගේ විශ්වා­සය දිනා­ගෙන, ආදා­යම් තත්ත්වය ඉහළ නංවා ගනි­මින් භාණ්ඩා­ගා­ර­යට වැය බරක් නොවී අම­තර ආදා­ය­මක් එක් කරන තැනක් බවට තැපෑල පත්කර ගැනී­ම­ටයි.

අප කට­යුතු කර­ගෙන යාමේ දී අම­තර විය­දම් තිබේ නම් අප ඒ පිළි­බ­ඳව සමා­ලෝ­ච­න­යක නිරත වෙනවා.තැපැල් කාර්යා­ල­යක, උප තැපැල් කාර්යා­ල­යක සේවය කරන සේව­ක­යාට ගෙවන වැටු­ප­වත් එම කාර්යා­ල­යෙන් ආදා­යම ලෙස නොලැ­බෙන්නේ නම් එම කාර්යාල තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යා යුතුද යන්න පිළි­බ­ඳව කරුණු සලකා බැලිය යුතුයි. විසි දහ­ස­කට ආසන්න තැපැල් සේව­ක­යන්ගේ ක්‍රියා­ක­ලාප මෙරට ජීව­ත්වන ජන­තා­වට විවිධ ආකා­ර­යෙන් විවිධ පැති­ක­ඩ­ව­ලින් බල­පා­නවා.”

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අති­රේක ලේකම් කැලුම් විජේ­නා­යක, තැපැ­ල්පති රුවන් සත්කු­මාර, නියෝජ්‍ය තැපැ­ල්පති (මෙහෙ­යුම්) එච්.එම්.පී. හේරත්, නියෝජ්‍ය තැපැ­ල්පති (පාලන) චමේෂා ද සිල්වා, පාලක (මෙහෙ­යුම්) ඉන්දිකා පෙරේරා, පාලන ලේකම් (කාර්ය මණ්ඩල) සම­න්තිකා ප්‍රේම­රත්න, ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් චමිල් වික්‍ර­ම­ආ­රච්චි යන මහත්ම මහ­ත්මීන් ඇතුළු පළාත් නියෝ­ජ­නය කර­මින් නියෝජ්‍ය තැපැ­ල්ප­ති­ව­රුන්, වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන්, තැපැල් දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter