දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දක්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු කරන්නේ නැති බවත්, ඒහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර ගත් ව්‍යාජ ජංගම දුරකතන  අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදු වෙමින් පවතින බව තැපැල්පති  එස්. ආර්.ඩබ්.එම්. ආර්.පී. සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව වංචාවක් සිදු වෙමින් පවතින බව තැපැල්පතිවරයා පෙන්වා දෙයි.  ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගණුදෙනුවක් සිදු නොකෙරේ. මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබා දීම සිදු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත දුරකතන අංක වලින් විමසීම් කල හැකිය

තැපැල් දෙපාර්තමේන්තුවේ උපකාරක සේවාව -1950

තොරතුරු තාක්ෂණ අංශය - 011 2542104 /0112334728/ 0112335978/ 0112687229/ 0112330072