නවතම පුවත්

මෙරට ජීව­ත්වන පුර­වැ­සි­යාගේ චින්ත­නය උසස් කිරී­ම­කින් තොරව අප බලා­පො­රොත්තු වන රට ගොඩ­නැ‍ඟී­මට නොහැකි බවත්, එය දේශ­පා­ල­න­ඥ­යාගේ කාර්ය­යක් පම­ණක් නොවන බවත් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය සහ විද්‍යුත් විකා­ශ­ක­යන්ගේ සංග­මය එක්ව සංවි­ධා­නය කළ විද්‍යුත් විකා­ශන සමු­ළුව 2025 (Broadcasting Symposium) ට පෙරේදා (25) එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

මෙරට ජීව­ත්වන පුර­වැ­සි­යාගේ චින්ත­නය උසස් කිරීමේ කාර්ය සිදු­කළ හැකි ඉහ­ළම කණ්ඩා­යම විද්‍යුත් විකා­ශ­ක­යන් බව ඇමැති නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

මෙම විද්‍යුත් විකා­ශන සමු­ළුව සඳහා ක්ෂේත්‍රයේ වෘත්ති­ක­යන්, මාධ්‍ය විද්ව­තුන් ඇතුළු පිරි­සක් සහ­භාගි වූ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් අභි­යෝග, වග­කීම්, සාදා­චා­රා­ත්මක මාධ්‍ය කලාවේ ගුණා­ත්ම­ක­භා­වය සහ අනා­ගත අපේ­ක්ෂා­වන් ආදී කරුණු පිළි­බඳ මෙම සමු­ළුවේ දී පුළුල් කති­කා­ව­තක් සිදු විය.

විද්‍යුත් විකා­ශන සමු­ළුව සැසි 04 කින් සම­න්විත එක්දින වැඩ­මු­ළු­වක් වූ අතර ඉදිරි වසර 05 දී විකා­ශන කර්මා­න්තයේ අනා­ග­තය, පව­තින ගැටලු නිරා­ක­ර­ණය, ප්‍රකා­ශන අයි­තීන් පිළි­බ­ඳව ද මෙම සමු­ළුවේ දී වැඩි­දු­ර­ටත් සාකච්ඡා පැවැ­ත්විණි.

විද්‍යුත් විකා­ශ­ක­යන්ගේ සංග­මය මෙරට පුර­වැ­සියා සහ රටේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් මැදි­හ­ත්වන සහ ශ්‍රී ලංකාව පහු­ගිය කාලයේ විවිධ අර්බු­ද­ව­ලට මුහුණ දුන් අව­ස්ථා­ව­න්වල දී තම කාර්ය­භා­රය ඉතාම ඉහ­ළින් ඉටු කළ සංග­ම­යක් බවත්, මෙර­ටට අවශ්‍ය වන්නේ එවැනි සංගම් වන අතර ඒ වෙනු­වෙන් සිය ගෞර­වය ද පිරි­න­මන බවත් ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

මාධ්‍ය ලෝකයේ තර­ග­කා­රී­ත්වය පිළි­බඳ සහ එහි සමාජ වග­කීම් පිළි­බඳ ද ස්වේච්ඡා­වෙන් ක්‍රියා­ත්මක වෙමින් මෙවන් කති­කා­වක් සංවි­ධා­නය කළ කණ්ඩා­ය­ම­කට නාය­ක­ත්වය ලබා දීමට හැකි වීම මාධ්‍ය ඇමැ­ති­ව­රයා ලෙස තමන් ලැබූ භාග්‍ය­යක් බව ද හෙතෙම කීවේය.

දශක 5 කට අධික කාල­යක් මෙරට ජන­මාධ්‍ය ක්ෂේත්‍රය වෙනු­වෙන් අප­රි­මිත සේවා­වක් ඉටු­කළ සහ මෙම සමු­ළුව සඳහා විශේෂ ආරා­ධිත අමු­ත්තකු වශ­යෙන් සහ­භාගි වූ ශාන් වික්‍ර­ම­සිංහ මහ­තාට විද්‍යුත් විකා­ශ­ක­යන්ගේ සංග­මය මඟින් ගෞරව හර­සර ප්‍රණාම මෙහි දී පුද­කළ අතර ඒ වෙනු­වෙන් ප්‍රණාම තිළි­ණ­යක් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා විසින් ශාන් වික්‍ර­ම­සිංහ මහ­තාට මෙහිදී ප්‍රදා­නය කරන ලදි.

ඉන්දු­නී­සි­යාවේ ඉස්ලා­මීය විශ්ව­වි­ද්‍යා­ලයේ සන්නි­වේ­දන දෙපා­ර්ත­මේ­න්තුවේ මාධ්‍ය සහ පුව­ත්පත් කලාව පිළි­බද මහා­චාර්ය මස්ඩුකී මහතා (Professor Masduki) විසින් මෙහිදී ප්‍රධාන දේශ­නය පව­ත්වන ලදි.

මේ අව­ස්ථා­වට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු අමා­ත්‍යංශ නිල­ධා­රීන්, නාලිකා ප්‍රධා­නීන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්ව­තුන්, මාධ්‍ය වෘත්ති­යන් ඇතුළු විශාල පිරි­සක් සහ­භාගි වූහ.

මෙරට ජීවත්වන පුරවැසියාගේ චින්තනය උසස් කිරීමකින් තොරව අප බලාපොරොත්තු වන රට ගොඩනැගීමට නොහැකි බවත්, එය දේශපාලඥයාගේ කාර්යයක් පමණක් නොවන බවත්, මෙරට ජීවත්වන පුරවැසියාගේ චින්තනය උසස් කිරීමේ කාර්ය සිදුකළ හැකි ඉහළම කණ්ඩායම විද්‍යුත් විකාශකයින් බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ඊයේ (25)  සිනමන්  ග්‍රෑන්ඩ් හෝටලයේ දී  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය එක්ව සංවිධානය කළ විද්‍යුත් විකාශන සමුළුව 2025 (Broadcasting Symposium) සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

මෙම විද්‍යුත් විකාශන සමුළුව සඳහා ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, මාධ්‍ය විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග, වගකීම්, සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ අනාගත අපේක්ෂාවන් ආදී කරුණු පිළිබඳ මෙම සමුළුවේ දී පුළුල් කතිකාවතක් සිදුවිය.

විද්‍යුත් විකාශන සමුළුව සැසි 04 කින් සමන්විත එක්දින වැඩමුළුවක් වූ අතර ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටළු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබදව ද මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්විණි.

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මෙරට පුරවැසියා සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන්  මැදිහත්වන සහ ශ්‍රී ලංකාව පහුගිය කාලයේ විවිධ අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවන්වල දී  තම කාර්යභාරය ඉතාම ඉහළින් ඉටු කළ සංගමයක් බවත්, මෙරට ට අවශ්‍ය වන්නේ එවැනි සංගම් බවත්. ඒ වෙනුවෙන් සිය ගෞරවය ද පිරිනමන බව ද අමාත්‍යවරයා මෙහි දී  පැවසී ය.

මාධ්‍ය ලෝකයේ තරගකාරීත්වය පිළිබඳව සහ එහි සමාජ වගකීම් පිළිබඳ ද ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වෙමින් මෙවන් කතිකාවක් සංවිධානය කළ කණ්ඩායමකට නායකත්වය ලබා දීමට හැකි වීම මාධ්‍ය ඇමතිවරයා ලෙස තමන් ලැබූ භාග්‍යක් බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

දශක 5 කට අධික කාලයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටුකළ සහ මෙම සමුළුව සඳහා විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි වූ ශාන් වික්‍රමසිංහ මහතාට විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මගින් ගෞරව හරසර ප්‍රණාම මෙහි දී පුදකළ අතර ඒ වෙනුවෙන් ප්‍රණාම තිළිණයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ශාන් වික්‍රමසිංහ මහතාට මෙහි දී ප්‍රදානය කර ලදී.

ඉන්දුනීසියාවේ ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සහ පුවත්පත් කලාව පිළිබද මහාචාර්ය මස්ඩුකී මහතා( Professor Masduki) විසින් මෙහි දී ප්‍රධාන දේශනය පවත්වන ලදී.

‘ජාතික මාධ්‍ය ප්‍රති­ප­ත්ති­යක් සකස් කිරීම ආරම්භ කළේ 2023 වස­රේ­දීයි. දැන් එය අව­සන් අදි­ය­රට ඇවිත්. මාස 03ක් තුළ එය හදා අව­සන් කර­නවා’යැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පෙරේදා (21) ප්‍රකාශ කළේය.

අමා­ත්‍ය­ව­රයා මේ බැව් ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව හා කළු­තර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යීය මාධ්‍ය ඒක­කය එක්ව කළු­තර දිස්ත්‍රි­ක්කයේ මාධ්‍ය­වේ­දීන් වෙනු­වෙන් සංවි­ධා­නය කරන ලද ‘ඇසි දිසි මෙහෙ­වර’ මාධ්‍ය­වේදී අභි­ප්‍රේ­රණ වැඩ­මු­ළුවේ ප්‍රධාන ආරා­ධි­තයා වශ­යෙන් සහ­භාගි වෙමිනි.

එහිදී තව­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා මෙසේ ද කීය.

“මට ජන­මාධ්‍ය ගැන උන­න්දු­වක් ඇති­වූයේ කළු­තර දිස්ත්‍රි­ක්කයේ මාධ්‍ය­වේ­දීන් කරන මෙහෙය දැක්ක නිසා. ඒව­ගේම වැය කරන පිරි­වැ­යට සරි­ලන ගෙවී­මක් නොලැබ ඔවුන් කැප­කි­රී­මෙන් කරන සමාජ සේවය දුටු නිසා. මගේම කියා සහෝ­ද­ර­යෙක් නැති මට කළු­තර දිස්ත්‍රි­ක්කයේ මාධ්‍ය­වේ­දීන් මගේම සහෝ­ද­ර­යන් වුණා. ජන­මා­ධ්‍ය­වේ­දීන් සඳහා වර­ලත් ආය­ත­න­යක් ආරම්භ කිරී­මට අව­ශ්‍යයි. ආර­ම්භ­යේදී අප ඊට තල්ලු­වක් ලබා දෙනවා. ප්‍රාදේ­ශීය වශ­යෙන් මාධ්‍ය­වේ­දීන් සඳහා ශිෂ්‍යත්ව මෙන්ම දේශීය හා විදේ­ශීය පුහු­ණුව ද ලබා­දී­මට බලා­පො­රොත්තු වෙනවා.”

මෙහිදී කතා කළ ජනා­ධි­පති මාධ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ කීය.

“ආර්ථික පැත්තෙන් සේවා තෘප්ති­යක් නොවු­ණත් සමාජ මෙහෙ­ව­රක් ඉටු කර­න­වාය කියන හැඟී­මෙන් මාධ්‍ය­වේ­දීන් වග­කී­මෙන් කට­යුතු කළ යුතු වෙනවා. ඒ කාර්යය කරන්න වෙන කවු­රු­වත් නැහැ. අද සමා­ජය කඩා වැටිලා. අප ආචාර ධර්ම­ව­ලට එක­ඟවූ තර­මට සමා­ජ­යෙන් ගෞර­වය ලැබෙ­නවා. අපේ වාර්තා කිරීම තුළින් යම් සමාජ කැල­ඹී­මක් ඇති­වේද යන්න අපේ හෘද සාක්ෂි­යෙන් විමසා බැලිය යුතු වෙනවා.”

ලේක්හ­වුස් ආය­ත­නයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා අද­හස් දක්ව­මින් මෙසේ කීය.

“දීර්ඝ කාල­ය­කට පසුව රාජ්‍ය මාධ්‍ය­යට යම් නිද­හ­සක් ලැබී තිබෙ­නවා. ප්‍රවෘ­ත්ති­යක් දාන්නත් නොදා­න්නත් කප්පම් දුන් කාලය අව­සන් කළ යුතුයි. ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දියා සතු බලය හා වග­කීම වට­හා­ගත යුතුයි. ඒ බලය කේවල් කිරී­මට හැකි­යාව තිබෙ­නවා. ඒ අනුව මාධ්‍යයේ යම් ගුණා­ත්මක හැර­වු­ම­කට අව­ස්ථාව ලැබී තිබෙ­නවා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මුර බල්ලාගේ පටිය දැන් බෙල්ලෙන් ගලවා තිබෙ­නවා. අද තරුණ පර­පුර මේ වෘත්ති­යට ඇතුළු වන්නේ නැහැ. ඔවුන් තාක්ෂ­ණය අතින් ඉදි­රි­යෙන්. මේ දෙක එකතු නොක­ළොත් ඉදි­රි­යට යන්න බැහැ.”

මෙම වැඩ­මු­ළුව අමතා කළු­තර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණ­ව­ර්ධන, ශ්‍රී ලංකා පුව­ත්පත් මණ්ඩ­ලයේ සභා­පති ප්‍රියාන් ආර්. විජේ­බ­ණ්ඩාර සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් හර්ෂ බණ්ඩාර යන මහ­ත්ව­රුද අද­හස් දැක්වූහ.

ජනා­ධි­පති අර­මු­දලේ සියලු සේවා ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල මට්ට­මින් සැප­යීම නිල වශ­යෙන් ආරම්භ කිරීම පෙරේදා (21) කිලි­නොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී සිදු­විය.

ජනා­ධි­පති අර­මු­දලේ සියලු සේවා කට­යුතු බිම් මට්ටම දක්වා විම­ධ්‍ය­ගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩ­මුළු මාලාවේ උතුරු පළාත් වැඩ­මු­ළුව ද මීට සම­ගා­මීව දිනය පුරා කිලි­නොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී පැවැ­ත්විණි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රමුඛ ජනා­ධි­පති අර­මු­දලේ පාලක මණ්ඩ­ලය මඟින් ගන්නා ලද තීර­ණ­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස ජන­තා­වට මෙම පහ­සු­කම හිමි වන අතර වැඩි පිරි­ස­කට ප්‍රති­ලාභ දීම මෙන්ම කාර්ය­ක්ෂම සේවා­වක් සැප­යීම මෙයින් අපේක්ෂා කෙරේ. එමෙන්ම, ජනා­ධි­පති අර­මු­දල අව­භා­විත වීමට ඇති ඉඩ­ක­ඩද මෙම­ඟින් සීමා වේ.

රජයේ ඩිජි­ට­ල්ක­රණ සැල­සු­මෙහි අංග­යක් ලෙස ජනා­ධි­පති අර­මු­දලේ සියලු සේවා මාර්ග­ගත ක්‍රම­යෙන් සැප­යීමේ පරි­ග­ණක වැඩ­ස­ට­හන එළි­දැ­ක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

ජනා­ධි­පති අර­මු­ද­ලින් මහ­ජ­න­තා­වට වෛද්‍යා­ධාර දීමේ සේවා­වෙහි අය­දු­ම්පත් භාර ගැනීම දිව­යිනේ සියලු ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල මඟින් සිදු කිරීම පසු­ගිය පෙබ­ර­වාරි 07 වැනිදා සිට ඇර­ඹිණි. මෙම වැඩ­ස­ට­හන ඉතා සාර්ථක ලෙස ක්‍රියා­ත්මක වන බැවින් ජනා­ධි­පති අර­මු­දලේ සෙසු සේවා ද විම­ධ්‍ය­ගත කිරී­මට කට­යුතු කර තිබේ.

ඒ අනුව දිළි­ඳු­කම පිටු­දැ­කීමේ සහ­නා­ධාර, අධ්‍යා­ප­නික ශිෂ්‍යත්ව ප්‍රදා­නය, අධ්‍යා­ප­න­යෙහි දක්ෂතා දක්වන දරු­වන් ඇග­යීම, විශේෂ අව­ශ්‍යතා සහිත පුද්ග­ල­යන්ට දෙන සහ­නා­ධාර, වන­අ­ලි­න්ගෙන් පීඩා­වට පත් දරු­වන් වෙනු­වෙන් දෙන සහන දීම­නාව, ජාතික වශ­යෙන් හෝ රට වෙනු­වෙන් සේවය කළ අය ඇග­යීම, හදිසි අන­තුරු සහ ආපදා අවස්ථා සඳහා දෙන සහ­නා­ධාර ඇතුළු ජනා­ධි­පති අර­මු­ද­ලෙන් ක්‍රියා­ත්මක කරන සියලු සේවා සඳහා මාර්ග­ගත ප්‍රවේ­ශය මහ­ජ­න­තා­වට ලැබේ. එනම්, වසර 47ක කාල­යක් කොළ­ඹට සීමා වී පැවති ජනා­ධි­පති අර­මු­දලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යක් මඟින් අය­දුම් කිරී­මට ප්‍රති­ලාභ අවැසි ජන­තා­වට අව­ස්ථාව උදා වී ඇත.

ජනා­ධි­පති අර­මු­දලේ කාර්ය­භා­රය පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් සහ ජනා­ධි­පති අර­මු­දලේ ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහි පැමිණ සිටි පිරිස දැනු­ම්වත් කරන ලදි.

 

මෙරට ජනතාවට විධිමත් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් මෙම වර්ෂය තුළ දී ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඉදිරි වසර දෙකහමාර තුළ දිවයිනම ආවරණය වන පරිදි නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඒකක ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද උපදේශන රැස්වීමට සහ එක්දින වැඩමුළුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේ දී මෙම උපදේශන රුස්වීම සහ එක්දින වැඩමුළුව පැවැත්විණි.

දිවයින පුරා නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයන් හි සියලු ඉදිකිරීම් නිම කර මෙරට ජනතාවට විධිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බවත්, සෞඛ්‍ය සේවාවේ ප්‍රධානතම ව්‍යාපෘතිය බවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය පත් කරන බවත් හෙතෙම කීවේය.

මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය සේවාවේ නිරත සියලු දෙනා එක්ව කටයුතු කළහොත් එමඟින් සෞඛ්‍ය සේවාව සඳහා වාර්ෂිකව අය වැයෙන් වෙන් කරන මුදල් සියලු අංශයන් සඳහා ප්‍රමාණවත් වන බව ද ඇමැතිවරයා පැවසුවේය. මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 200කට වඩා අඩු මුදලකින් ඖෂධ සහ ශල්‍ය අංශයන්හි පවතින ගැටලු විසඳීමට ද හැකියාව ලැබෙනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ද පැවසීය.

ජනගහනය පන්දහසත් හත් දහසත් අතර පිරිසක් කේන්ද්‍ර වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීම තුළින් එම ජනතාවගේ සෞඛ්‍ය රැක බලා ගන්නා මධ්‍යස්ථාන පත් බවට මෙම මධ්‍යස්ථාන පත් කිරීමට හැකිවන බවත්, ග්‍රාම නිලධාරී කොට්ඨාස පහක් ආවරණය වන පරිදි සහ කිලෝමීටර් තුනක් ඇතුළත විනාඩි විස්සකින් ප්‍රදේශයේ ජනතාවට ළඟාවිය හැකි පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ද පැවසීය.

ජනගහනය සෑම 5000කට සියලු පරිපාලන කටයුතු දියත් කරන ඒකක ස්ථාපිත කිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා එයට සෞඛ්‍ය, අධ්‍යාපනය, පොලීසිය, කෘෂි කර්මාන්ත පරිපාලන ඒකක ආදිය ඇතුළත් ජනතා අවශ්‍යතාවන් ඉටුකරන සෑම අංශයකින්ම සමන්විත වන ඒකකයක් ලෙස ස්ථාපිත කිරීම නව රජයේ බලාපොරොත්තුව බව ද එයට ආරම්භය ගැනීමට සෞඛ්‍ය සේවාව හොඳම සේවාවක් බව ද පවසා සිටියේය.

මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමේ දී අවශ්‍ය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉදිරියේ දී සිදුකරන නව බඳවා ගැනීම්වලින් සහ දැනට පුහුණුව ලබන කාර්ය මණ්ඩලවලින් ලබා දීමට කටයුතු කරන බවද, ඊට අවශ්‍ය වන භෞතික සම්පත් ද නොඅඩුව ලබා දීමට ද සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු දෙනා උපරිම කැපවීමෙන් තම සේවාවන් ඉටුකරන බවත් එයින් ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට හැකිවී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබීය.

නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් පළමු අදියර යටතේ දිවයින පුරා ස්ථාපිත කිරීමට දැනට සැලසුම් කර ඇති අතර ඒ මඟින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, පෝෂණ තත්ත්වයන් වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය හා උපදේශන ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් හා හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීම සැලසුම් කර ඇත. මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු කුඩා සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිතය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මූලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයන්ට සහ එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතු වන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳ සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ යන මහත්වරුන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රජා සහ සැලසුම් අංශයන්හි විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහුආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුවේ (Bengal Initiative for Multi-Sectorial Technical and Economic Cooperation) (BIMSTEC) මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා (H.E. Ambassador Indra Mani Pandey) අතර හමුවක් ඊයේ (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම හමුවේදී විවිධ බිම්ස්ටෙක් මුලපිරීම් යටතේ කලාපීය සහයෝගිතාව මෙන්ම සෞඛ්‍ය, තාක්ෂණික සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගිතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරිණි.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ, විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශයන් හි ප්‍රගමනය උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ මහලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළ අතර, බටහිර සහ දේශීය වෛද්‍ය අංශ දෙකම ඉහළ නැංවීමට BIMSTEC සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගිතාවයේ ශක්තිමත්භාවය මෙන්ම ඊට අදාළ විභව ක්ෂේත්‍රයන් පිළිබඳව ද ඒ මහතා මෙහිදී කරුණු දක්වන ලදි.

කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා කැපවූ උත්සාහයන් මෙන්ම බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර ආර්ථික හා සාමාජයීය සංවර්ධනය ඉදිරියට ගෙන යෑම සඳහා ගන්නා තීන්දු තීරණ පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, BIMSTEC මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාව මෙහිදී පළ කරන ලදි. බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහුආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව තුළ කලාපීය සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම ද අවධාරණය කරන ලදි.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහුආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුවට බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය යන රටවල් 07 ඇතුළත් වේ.

 
 
 
 

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ඇති කිරීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ආරම්භ කෙරුණු “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.

අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ ආයතන විසින් ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල යන නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි. මෙවැනි වැඩපිළිවෙළක් මෙරට ක්‍රියාත්මක වන්නේ පළමු වරට වීමද විශේෂත්වයකි.

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් අථත්‍ය නගරයක් (Virtual City) නිර්මාණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙය වසරක් තුළ නිම කිරීමට අපේක්ෂා කෙරේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙන් දළදා මාළිගා පරිශ්‍රයද ආවරණය කෙරෙන අතර, ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන50කි.

දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙරට සියලු ජන වර්ගවල සංස්කෘතික වටිනාකම් විදහා දැක්වෙන තෙදින සංස්කෘතික ප්‍රසංගයක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ගාලු මුවදොර ඇතුළු ස්ථාන16කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සංචාරක කලාප ආශ්‍රිතව ප්‍රමිතගත හා නවීන පහසුකම් සහිත වැසිකිළි 500ක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙන අතර මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 525කි.

දෙවසරක් තුළ මෙරට ප්‍රධාන වෙරළ කලාප දෙකකට අන්තර්ජාතික පිළිගැනීමක් ඇති නිල් කොඩි (Blue Flag) සහතිකය ලබා ගැනීමට තිරසාර වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ. උණවටුන හා හිරිකටුව වෙරළ තීර ඒ සඳහා යෝජනා කර ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ වෙරළ රැකබල ගන්නන් 450කට අධික සංඛ්‍යාවක් පත් කිරීමට නියමිතය.ඒ අතරින් 250කට මේ වන විටත් පත්වීම් ලිපි ලබා දී ඇත.

රුපියල් මිලියන 300ක වියදමින් අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියක්ද දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර නගරාශ්‍රිතව ගලා යන ඇළ දොළවල ජලය පිරිසිදුව තබා ගැනීම හා නඩත්තුව එමගින් අපේක්ෂා කෙරේ. කොළඹ නගරයේ සාමාන්‍ය ඇළ මාර්ග පද්ධතිය නඩත්තුව තිරසර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක වියදමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මහවැලි ගඟේ ජල දූෂණය අවම කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘතිය මහවැලි ගඟේ ඉහළ ඉස්මත්ත ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ.

එසේම, රුපියල් මිලියන 500ක වියදමින් පළාත් පාලන ආයතන සඳහා කොම්පෝස්ට් බහාලුම් (Compost Dumpbin) ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකය. ප්‍රථම අදියරේදී රුපියල් මිලියන 150ක බහාලුම් ලබා දීම සිදු කෙරෙන අතර එයද මෙම වසරේදී ක්‍රියාත්මක කෙරේ.

රුපියල් මිලියන 120ක වියදමින් මාර්ග ආරක්ෂාව සඳහා වූ වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක වන අතර දෛනිකව සිදු වන රිය අනතුරු ප්‍රමාණය අවම කර ගැනීම එහි අරමුණයි. මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු අපචාර වැළැක්වීම සඳහා ආදර්ශ ගම්මාන කිහිපයක් දිවයින පුරා ස්ථාපනය කිරීමටද අවධානය යොමු කර ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනින් අපේක්ෂිත අරමුණු අමාත්‍යාංශ හා ආයතනික මට්ටමින් සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, අමාත්‍යාංශ නියෝජනය කරමින් ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි.

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවසීය.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වැනිදා වීදී සංචාරය කෙරේ.

කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේවරයා පැවසීය.

ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී දියවඩන නිලමේ සහ සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් සඳහන් කළේ, හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටලුවක් බවයි.

මීට වසර කිහිපයකට පෙර 200ක්ව සිටි මෙරට හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව මේ වනවිට 90ක් දක්වා පහත වැටී ඇති බවද අනාවරණය කෙරුණි.

ගෝලීය ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­කය (GFSI) වැනි දර්ශ­ක­ව­ලින් මෙරට ආහාර සුර­ක්ෂි­ත­තා­වෙහි සමස්ත තත්ත්වය නිවැ­ර­දිව නොවන සහ පව­තින දත්ත මත පිහිටා නිසි ප්‍රති­ප­ත්ති­මය තීන්දු ගැනීම දුෂ්කර වී ඇති නිසා මෙර­ටට අනන්‍ය වූ ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­ක­යක් ඉදිරි මාස තුනේදී නිර්මා­ණය කිරී­මට රජයේ අව­ධා­නය යොමුව ඇත.

ඉදිරි වසර පහක කාලයේ මෙරට ආහාර සුර­ක්ෂි­ත­තා­වට අදාළ ප්‍රමු­ඛතා සහ ඉලක්ක හඳුනා ගනි­මින් නිවැ­රදි ප්‍රති­ප­ත්ති­මය තීන්දු තීර­ණ­ව­ලට එළැ­ඹීම වෙනු­වෙන් මේ නව ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­කය නිර්මා­ණය කෙරේ.

එහි ආර­ම්භක පිය­ව­රක් ලෙස ‘ශ්‍රී ලංකා­වට සුදුසු ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­ක­යක් හඳුනා ගැනීම හා උපා­ය­මාර්ග සැලැ­ස්මක් සම්පා­ද­නය කිරීම’ පිළි­බඳ වැඩ­මු­ළු­වක් කොළඹ සිටි සෙන්ට­ර්හිදී ඊයේ (17) පැවැ­ත්විණි.

ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO) සහ ලෝක ආහාර වැඩ­ස­ට­හන (WFP) සමඟ සහ­යෝ­ගි­තා­වෙන් ආහාර සුර­ක්ෂි­තතා විද්වත් කමි­ටුව විසින් මේ වැඩ­මු­ළුව සංවි­ධාන කර තිබිණි.

එම වැඩ­මු­ළුවේ ආර­ම්භක දේශ­නය කර­මින් ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් කපිල ගුණ­රත්න මහතා පැවැ­සුවේ මෙර­ටට අනන්‍ය වූ නිවැ­රදි දර්ශ­ක­යක් නිර්මා­ණය වීම රටේ ආර්ථික ස්ථාව­ර­ත්වය සහ ආහාර සුර­ක්ෂි­ත­තාව සඳහා අත්‍ය­වශ්‍ය පිය­ව­රක් බවයි.

ආහාර සුර­ක්ෂි­ත­තා­වෙහි මූලික සංර­චක වන සුල­භ­තාව, ප්‍රවේ­ශය, භාවි­තය සහ ස්ථාව­රය යන අංශ ඔස්සේ ආහාර සුර­ක්ෂි­ත­තා­වෙහි දිශා­න­තිය පිළි­බඳ අව­බෝ­ධ­යක් ගැනී­මට මේ වැඩ­මු­ළු­වේදී අව­ධා­නය යොමු කෙරුණු අතර, එම­ඟින් ජාතික ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­ක­යක් ගොඩ­නැං­වී­මට අවශ්‍ය මාර්ගෝ­ප­දේශ සකස් කිරීම මේ වැඩ­මු­ළුවේ අර­මු­ණයි.

මේ අව­ස්ථා­වට ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය බුද්ධි මාරඹේ, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ජීවිකා වීර­හේවා, ආහාර සුර­ක්ෂි­තතා විද්වත් කමිටු සාමා­ජි­ක­යන්, රාජ්‍ය ආය­තන, විශ්ව­වි­ද්‍යාල, ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය, ලෝක ආහාර වැඩ­ස­ට­හ­නෙහි සහ පෞද්ග­ලික අංශ­යෙහි නියෝ­ජි­ත­යන් ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.

සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්,  Clean Sri Lanka  වැඩසටහන රටේ සියලුදෙනාගේ  lifestyle එක විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  මහත්මිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දීරයේ දී, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් සමඟ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී  නිලධාරීන් තම අත්දැකීම් නිදසුන් ද සහිතව අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

‘‘අපි මේ කරන්න හදන්නේ අදින් වසර පනහකට පමණ පෙර කළ යුතුව තිබු දේවල්. ඒ නිසා මෙය තවත් එක් ව්‍යාපෘතියක්  ලෙස කඩිමුඩියේ කරන්න අවශ්‍ය නෑ.  අපට තව කල් තිබෙනවා.

Clean Sri Lanka කියන්නෙ නිකම්ම නිකං Clean කිරීමක් නෙවෙයි. Clean Sri Lanka කියන්නේ අප හිතන පතන විදිහ, ආකල්ප, චර්යාවන් එක්කම අපි ජීවත්වෙන පරිසරයත් Clean ව පවත්වාගෙන යාමයි.

Clean Sri Lanka අපි හැමෝගෙම lifestyle එක විය යුතුයි. ඒකට  අපේ අනාගත පරපුර, විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාව හුරු කර ගැනීමට අවශ්‍ය නිසයි අපි Clean Sri Lanka වැඩසටහන පාසලට හදුන්වා දනේනෙ.

මේ වන විටත් පාසල් දරුවන්, දෙමව්පියන් සහ ත්‍රිවිධ හමුදාව වගේම Clean Sri Lanka වැඩසටහනට ස්වේච්ඡාවෙන්ම සහාය දෙන තවත් පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ කරගෙන විශාල වැඩසටහන් ප්‍රමාණයක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා.

පාසල් මුල් කරගෙන ක්‍රියාත්මක කරන මේ වැඩසටහන් අනිත් අයත් දැනුවත් වන අන්දමින් ජනතාව අතරට ගෙන යාමට ජනමාධ්‍ය‍යේ සහාය අවශ්‍යයි.

අනිත් වැදගත්ම කාරණය වන්නේ, අවශ්‍ය හැම වෙලාවෙම අපි පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන Clean Sri Lanka වැඩසටහනට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අවශ්‍යතා ගැන අදාළ පාර්ශ්වයන්ගේ උපදෙස්  සහ මගපෙන්වීම ලබා ගැනීමයි.

විශේෂයෙන්ම මේ වැඩසටහන යටතේ පාසල්වල ඇති කරමින් යන වැසිකිළි කැසිකිළි පහසුකම්වල දී ආබාධිත ප්‍රජාවන්ගේ පහසුව සහ අවශ්‍යතා පිළිබඳ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම මෙම වැඩසටහන යටතේ ඉදිකෙරෙන වැසිකිළි කැසිකිළි ඇතුළු හැමදේකම එකම ආකෘතියක් පවත්වාගත යුතුයි. එක එක තැන්වල එක එක විදිහේ වෙන්න බෑ.

Clean Sri Lanka පාසල්වල ක්‍රියාත්මක කිරීමේදී, ඇතැම් විට ඊට අවශ්‍ය මුදල සපයා ගැනීමේ අපහසුතා මතුවෙනවා.  ඒ සඳහා කඩිනමින්ම විසඳුම් ලබා දීමට අපිට පුලුවන්කම තිබෙනවා.

Clean Sri Lanka පාසල්වලින් ඔබ්බට කාර්මික විද්‍යාල, ගුරු විද්‍යාල සහ විශ්වවිද්‍යාල තුළටත් ගෙන යා යුතුයි.  මෙය තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගත් තාවකාලික වැඩසටහනක් නොවෙයි. සමස්ත රටම ඉලක්ක කරගත් දැවැන්ත ජාතික වැඩසටහනක ආරම්භක අවධිය.

අපි මේ ලබන අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් වැරදි අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යමු” යැයි අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන්  පිරිසක් එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter