මාධ්‍යවේදීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන- EMPOWER

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා මාධ්‍යවේදීන් සිදු කරන මෙහෙය අතිමහත්ය. තම සමාජ වගකීම් ඉටුකිරීමටත් ජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට රටේ සමස්ත ප්‍රජාව පෙළඹවීමටත්, ආර්ථික, සමාජ, සංස්කෘතික සහ සංවර්ධන අභිලාෂ සාක්ෂාත් කරගැනීම සඳහා දායකත්වය ලබා දීමටත් ඔවුහු කටයුතු කරති. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනමාධ්‍යන්හි උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තාකරණයේ සෘණාත්මක සමාජීය බලපෑම අවම කිරීම සඳහා ගුණාත්මක වාර්තාකරණයක් සහතික කළ යුතු වන අතර ඒ සඳහා මාධ්‍යවේදීන්ගේ ධාරිතාවන් ඉහළ නැංවිය යුතුබව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් හඳුනා ගන්නා ලදී.

ඒ අනුව, ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතාගේ මඟපෙන්වීම ය‍ටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූල්‍ය දායකත්වය යටතේ “ EMPOWER” නමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක සම්පත් දායකත්වය යට‍තේ දීප ව්‍යාප්තව මාධ්‍යවේදීන් 373ක ප්‍රමාණයක් පුහුණු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත හැකියාව ලැබුණි. මෙම වැඩසටහන අපරාධ වාර්තාකරණය, පෞද්ගලික තොරතුරු වාර්තාකරණය හා වෛරී ප්‍රකාශ හා දුෂ් තොරතුරු, සාවද්‍ය තොරතුරු සහ දුෂ්ට අරමුණින් පතුරුවන සාවද්‍ය තොරතුරු යන ප්‍රධාන මාතෘකා 03ක් ඔස්සේ දින 1 ½ ක සංවාදාත්මක ස්වරූපය ගත් වැඩමුළුවක් ලෙස මෙම වැඩසටහන පවත්වන ලදී. මෙම වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශය සහ මාධ්‍ය අංශ එක්ව සංවිධානය කරන ලද අතර සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

පැවැත්වූ වැඩසටහන්

දිනය

පළාත

ස්ථානය

සහභාගී වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව

2023.12.02, 03

බස්නාහිර

Courtyard by Marriott, Colombo

37

2024.01.05, 06

උතුරු මැද

Heritage Hotel, Anuradhapura

43

2024.01.05, 06

වයඹ

Kandyan Reach, Kurunegala

35

2024.01.11, 12

දකුණ

Citrus Waskaduwa, Galle

32

2024.01.19, 20

සබරගමුව

Courtyard by Marriott, Colombo

41

2024.01.19, 20

මධ්‍යම

The Grand Kandyan, Kandy

50

2024.01.26, 27

ඌව

Bandarawela Hotel, Bandarawela

42

2024.02.01, 02

උතුර

North Gate Hotel, Jaffna

46

2024.02.08, 09

නැගෙනහිර

Anantama, Trincomalee

47

මුළු සංඛ්‍යාව

373

සම්පත් දායකත්වය ලබා දුන් විද්වත් කමිටුව

 

1

මොහාන් සමරනායක මහතා

-

ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක

2

ආචාර්ය රංග කලන්සූරිය මහතා

-

කලාපීය මාධ්‍ය උපදේශක (ආසියානු)

3

නාලක ගුණවර්ධන මහතා

-

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ විද්‍යා ලේඛක

4

නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා

-

සභාපති, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය

5

මහින්ද පතිරණ මහතා

-

සභාපති, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය

6

විජයානන්ද රූපසිංහ මහතා

-

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය

7

මහාචාර්ය මධුභාෂිණී ගලගෙදර මිය

-

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

8

නයනා සුරවීර මහත්මිය

-

කථිකාචාර්ය, ශ්‍රීපාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය

9

සිසිර පරණතන්ත්‍රි මහතා

-

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ලේක්හවුස් ආයතනය

10

නීතිඥ ජගත් ලියනආරච්චි මහතා

-

කොමසාරිස්, ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම  පිළිබඳ කොමිෂන් සභාව

11

මන්දනා ඉස්මයිල් මහත්මිය

-

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී

12

හර්ෂ බී අබේකෝන් මහතා

-

සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ (පර්යේෂණ), 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව