නවතම පුවත්

රුපි­යල් මිලි­යන 13,450ක ආදා­ය­මක් පසු­ගිය වස­රේදී උත්පා­ද­නය කර­ගැ­නී­මට සමත් වූ තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව මේ වස­රේදී රුපි­යල් මිලි­යන 15,000ක ආදා­යම් ඉල­ක්කය පහ­සු­වෙන් සපුරා ගනු ඇතැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සු­වේය.

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ රුපි­යල් මිලි­යන 14.70 සහ රුපි­යල් මිලි­යන 14.41 බැගින් වූ මූල්‍ය ප්‍රති­පා­දන මත අභි­න­ව­යෙන් ඉදි­කළ ගලේ­වෙල සහ මහ­වෙල නව තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිලි ජනතා අයි­ති­යට පත්කි­රීමේ අව­ස්ථා­වට එක් වෙමින් පෙරේදා (22) ඇමැ­ති­ව­රයා මේ බව කීවේය.

මීට අම­ත­රව රුපි­යල් මිලි­යන 5.1ක මූල්‍ය ප්‍රති­පා­දන මත ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද මඩ­ව­ල­උ­ල්පත තැපැල් කාර්යා­ලය ද අමා­ත්‍ය­ව­රයා අතින් ජනතා අයි­ති­යට පත් කෙරිණි. 2025 වසරේ සැප්තැ­ම්බර් මස 04 දින ගලේ­වෙල නව තැපැල් කාර්යා­ලයේ ඉදි­කි­රීම් ආරම්භ කරන ලදි. මාස 05ක් වැනි කෙටි කාල­යක් තුළ එහි ඉදි­කි­රිම් අව­සන් කිරී­මට පිය­වර ගෙන ඇත. එමෙන්ම 2025 වසරේ සැප්තැ­ම්බර් මස 07 දින ඉදි­කි­රීම් ආරම්භ කරන ලද මහ­වෙල තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ලේ ද ඉදි­කි­රීම් කට­යුතු මාස 05ක් වැනි කෙටි කාල­යක් තුළ අව­සන් කිරී­මට පිය­වර ගෙන ඇත.

වසර 100කට එහා ගිය අතී­ත­ය­කට හිමි­කම් කියන දෙවැනි ⁣ශ්‍රේණි­යට අයත් මහ­වෙල පැරණි තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ල වෙනු­වට මෙම නව තැපැල් කාර්යාල ගොඩ­නැ­ඟිල්ල ඉදි­කර ඇත. නව ගොඩ­නැ­ඟිල්ල ඉදි­කි­රී­මට ඉඩම පරි­ත්‍යාග කරන ලද ඇට්නස් ගුණ­සිංහ මහ­ත්මි­යට සමරු සිහි­ව­ට­න­යක් ප්‍රදා­නය කිරීම ද අමා­ත්‍ය­ව­රයා අතින් සිදු විය.

“ගලේ­‍ෙවල තැපැල් කාර්යා­ලය වසර 50ක් පමණ පැරණි ගොඩ­නැ­ඟි­ල්ලක පව­ත්වා­ගෙන ගියා. නව තැපැල් කාර්යාල ගොඩ­නැඟිල්ල විවෘත කිරී­මත් සමඟ ප්‍රදේ­ශයේ ජන­තා­වට මෙම­ඟින් සේවා ලබා­ගැ­නී­මට හැකි­යාව ලැබෙ­නවා. අද වන විට රට හැදෙ­නවා. රට හදන්න පුළු­වන්. මීට පෙර පැව­තියේ රට හදන්න බැරි බවට වන මත­යක්.

ජන­තා­වට ආක­ර්ෂ­ණීය සහ කඩි­නම් සේවා­වක් ලබා­දීම අර­මු­ණින් තැපෑලේ භෞතික සම්පත් සංව­ර්ධ­න­යට අවශ්‍ය මූල්‍ය ප්‍රති­පා­දන ද ලබා­දෙ­මින් සේවා ශක්ති­මත් කිරී­මට කට­යුතු කර­නවා.” යැයි ද ඇමැ­ති­ව­රයා මෙහිදී පැව­සු­වේය.

තැපැල් සේවාව නව්‍ය­ක­ර­ණ­යට සහ සංව­ර්ධ­න­යට පිය­වර ගනි­මින් මධ්‍යම තැපැල් හුව­මා­රුව සඳහා CCTV 209ක් මිලදී ගැනීම සඳහා මිලි­යන 27ක්, Desktop පරි­ග­ණක 225ක් සඳහා මිලි­යන 74ක් ද, ටැබ් පරි­ග­ණක 1500ක් සඳහා මිලි­යන 101 ද වෙන් කර ඇත.

මඩ­ක­ල­පුව, පොලො­න්න­රුව, මධ්‍යම තැපැල් හුව­මා­රුව, තැපැල් මූල­ස්ථා­නය ගොඩ­නැ­ඟි­ලි­වල රුපි­යල් මිලි­යන 24ක් වැය කොට නව සූර්ය බල­ශක්ති උත්පා­දන පද්ධති සකස් කිරී­මට කට­යුතු කර ඇත. පොලො­න්න­රුව තැපැල් සංකී­ර්ණයේ එම කට­යුතු අව­සන් කර තිබේ. රුපි­යල් මිලි­යන 31ක් විය­දම් කොට තැපැල් කාර්යාල සඳහා සවි­කි­රී­මට ඇඟිලි සල­කුණු යන්ත්‍ර 657ක් මිලදී ගැනී­මට ද තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කර ඇත. නව්‍ය­ක­ර­ණය වූ බහු­විධ සේවා සැප­යී­මෙන් විශි­ෂ්ට­තම සබ­ඳතා සහ­කරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ ඉදිරි දැක්ම සාක්ෂාත් කිරී­මට වත්මන් රජය සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ මඟ­පෙ­න්වීම සහ උප­දෙස් මත සැල­සු­ම්ස­හ­ග­තව කට­යුතු කරනු කරනු ලබයි. මහා සංඝ­ර­ත්නය, තැපැ­ල්පති රුවන් සත්කු­මාර, නියෝජ්‍ය තැපැ­ල්පති (සංව­ර්ධන) තුසිත හුලං­ග­මුව, නියෝජ්‍ය තැපැ­ල්පති (මධ්‍යම පළාත) එම්.එච්.එම්. අස්ලම් මහ­ත්වරු මෙම අව­ස්ථා­වට එක්වූහ. ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති යූ.ජී. ඉන්දික කරු­ණා­රත්න, මහ­වෙල යට­වත්ත ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති යූ.ජී. ගාමිණී ෆොන්සේකා, ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් ඊ.එම්. චන්ද්‍ර­කාන්ති ඒක­නා­යක, මාතලේ සහ­කාර තැපැල් අධි­කාරි ඇස්.එස්.බී. කපු­පි­ටිය, ගලේ­වෙල තැපැල් ස්ථානා­ධි­පති දම්මි ඉසංකා කුමාරි, මහ­වෙල තැපැල් ස්ථානා­ධි­පති ආර්.එම්. නිල්මිණි රණ­තුංග, මඩ­ව­ල­උ­ල්පත තැපැල් කාර්යා­ලයේ ප්‍රධාන තැපැල් ස්ථානා­ධි­ප­තිනි දර්ශනී දස­නා­යක මහත්ම මහ­ත්මීහු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

ලේක්හ­වුස් නිර්මාතෘ, දිවං­ගත ඩී. ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන්ගේ 140 වැනි ජන්ම දින ගුණ සැම­රුම නිමි­ත්තෙන් වාර්ෂි­කව සංවි­ධාන කරන සර්ව­රා­ත්‍රික පරි­ත්‍රාණ ධර්ම දේශ­නය ලේක්හ­වුස් මන්දි­ර­යේදී අද (23) රාත්‍රියේ පැවැත්වේ.

රාත්‍රි 9 සිට සර්ව­රා­ත්‍රික පරි­ත්‍රාණ ධර්ම දේශ­නාව ආරම්භ වන අතර, කොටුව ශ්‍රී සම්බු­ද්ධා­ලෝක විහා­ර­ස්ථා­නයේ මූලි­ක­ත්ව­යෙන් මෙය පැවැත්වේ. පසු­දින (24) මහා සංඝ­ර­ත්නය විෂ­ය­යෙහි දහ­වල් දාන­මය පින්ක­මක් ද ආය­ත­න­යේදී පැවැත්වේ.

කොළඹදී පැවති ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි සමුළුවේදී මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හඳුන්වා දුන් ජාතික රූපවාහිනියේ පුරෝගාමී මෙහෙවර අගයමින් සම්මානයක් පිරිනැමුණු අතර, ජාතික රූපවාහිනිය වෙනුවෙන් එම සම්මානය ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල විසින් හිමිකර ගත්තේය.

බහු විධ කෘත්‍රිම බුද්ධි පර්යේෂණ ඒකකය හෙවත් මාර්ක් ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ගැප්ස් කියූ ආයතනය සහ UNIGAP ආයතනය එක්ව එම සමුළුව සංවිධාන කර තිබුණි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඔබ්බට යන්න මෙවර සමුළුවේ තේමාව විය.

දේශීය විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ගේ සහ මහාචාර්යවරුන්ගේ පර්යේෂණ පත්‍රිකා සමුළුවේ දී සාකච්ඡාවට ගැණුනි. ඩිජිටල් ආර්ථික උපාය මාර්ග, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, කෘෂිකර්ම, ප්‍රවාහන හදිසි ආපදා කාලගුණ හා දේශගුණ විපර්යාස සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකා මේ සඳහා ඉදිරිපත් කර තිබුණි.

පර්යේෂණ සඳහා වූ ගිවිසුම් කිහිපයක් සඳහා ද සමුළුවේ දී අත්සන් තැබුණි.

එහිදී හොදම පර්යේෂණ පත්‍රිකා දෙකකට සහ ඇගයීම් පත්‍රිකාවකට සම්මාන හිමිවිය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ හොඳම කෘත්‍රිම බුද්ධි නවෝත්පාදක කෘත්‍රිම බුද්ධි ප‍ර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය හිමිවූයේ ඉංජිනේරු තවිදු සමරසේකර සහ ඉංජිනේරු තරින්ද නවරත්න යන දෙපළටය. න්‍යායික කෘත්‍රිම බුද්ධි ප‍ර්යේෂණ පත්‍රිකාවට හිමි ඇගයීම් සම්මානය මහාචාර්ය පරාක්‍රම ඒකනායක, මහාචාර්ය විජිත හේරත් යන මහත්වරුන් ඉදිරිපත් කළ පරියේෂණ පත්‍රිකා සඳහා පිරිනැමුණි.

විද්‍යුත්, රූපාවාහිනී සහ ප්‍රචාරණ සහ සජීවි මාධ්‍යකරණයේ තාක්ෂණික සීමා පුළුල් කර අනාගත නවෝත්පාදන සඳහා වූ මාර්ග සකස් කිරීමට පුරෝගාමී ඇගයීම් පත්‍රිකා සම්මානය මෙහිදී ජාතික රූපවාහිනියේ ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල වෙත පිරිනැමුණි. ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සමුළුවේදී විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයට පරිබාහිරව පිරිනැමුණු එකම ඇගයීම මෙයවේ.

මහාචාර්ය ජනක ඒකනායක මහතා සමුළුවේ පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාතික සමුළු කාර්යාලයට පිරිනැමූ අතර ජාතික කෘත්‍රිම බුද්ධි කමිටුවේ මහාචාර්ය රොහාන් රණවන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් යන මහත්වරුන්ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවර්ධනය උදෙසා පිහිටුවීමට යෝජිත මාධ්‍ය කොමිෂන් සභාවක් වෙනුවෙන් සකස් කළ මූලික සංකල්ප පත්‍රිකාවක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය.

ප්‍රවීණ ජනමාධ්‍ය වෘත්තිකයින්, පරිපාලකයින්, සන්නිවේදන හා මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්, නීතිවේදීන්ගෙ ඇතුළු සම්පත් දායකයින් දස දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් සකස් කළ මෙම සංකල්ප පත්‍රිකාව, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පිළිගන්වන ලද්දේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර විසිනි.

මෙම අවස්ථාවට සංකල්ප පත්‍රිකාව සම්පාදක කමිටුවේ සාමාජිකයින්, අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම මාධ්‍ය සංවිධාන නියෝජිතයින් කිහිපදෙනකුද සම්බන්ධවී සිටියහ.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙසේ සඳහන් කළාය.

“ජනමාධ්‍යයට යම් නියාමනයක් අවශ්‍ය බව කාලයක් තිස්සේ මහජනයා, සිවිල් සංවිධාන ඉල්ලමින් ඉන්නවා. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර කොමිෂන් සභාවක් ගැන විවිධ අවස්ථාවල විවධ අය පෙන්වා දුන්නා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත්‘ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභාවක්’ ස්ථාපිත කිරීමේ පොරොන්දුවක් දී තිබෙනවා. මීට පෙර මාධ්‍ය සංවිධාන පවා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරමින් යම් නියාමනයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳ යම් යම් සාකච්ඡා, ප්‍රකාශන සිදුකර තිබෙනවා. මා පවා මාධ්‍ය සංවිධානයක කටයුතු කළා. ඒ කාලෙදිත් මේ සම්බන්ධයෙන් විවිධ මැදිහත්වීම් කළා. දැන් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍ර යේ සියලු වෘත්තිකයින්, සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන්, පර්යේෂකයින්, වගේම පොදු ජනයා එක්ව මාධ්‍ය කර්මාන්තයේ උන්නතියට, අභිවර්ධනයට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගනිමු. ඒ සඳහා සහය දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා”

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ ජගත් ලියන ආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නි‍වේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී/ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී /බාහිර කථිකාචාර්ය අසෝක ඩයස්, The Sunday Morning පුවත්පතේ උපදේශක කතෘ / ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික මන්දනා ස්මයිල්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති නිළධාරී නීතිඥ නිවන්ති තිලකරත්න, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හිල්මි මොහොමඩ්, ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්තද සිල්වා, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මෙම සංකල්ප පත්‍රිකාව සකස් කළ සම්පාදක කමිටුව වේ.

මෙතෙක් කලක් රජයේ මාධ්‍ය හැඳුනුම්පත ලබාගත් 8,100ක් දෙනා සම්බන්ධයෙන් කරන ලද විධිමත් සමාලෝචනයකින් පසු මෙවර 4700 දෙනකුට පමණක් මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

වෘත්තීය මාධ්‍යවේදීන්ට හිමි විය යුතු වරප්‍රසාද සහ සුබසාධන පහසුකම් සැබෑ ලෙසම ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස වෙතම ලබාදීම තහවුරු කිරීම සඳහා මේ පියවර ගත් බව ද හෙතෙම පැවසීය.

ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් සහ දියුණු වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම යාවත්කාලීන කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය සංවිධාන කරන ලද කෙටිකාලීන මාධ්‍ය පුහුණු වැඩසටහනේ මූලික වැඩසටහන ඇසිදිසි මැඳුරේදී පෙරේදා (18) පැවැත්වූ අවස්ථාවේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් රජය මඟින් හඳුන්වා දෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන ලබන මාසයේදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද හෙතෙම පැවසීය. මෙහි විශේෂත්වය වන්නේ කිසිදු දේශපාලන හෝ ආයතනික භේදයකින් තොරව, රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතන නියෝජනය කරන, නියමිත සුදුසුකම් සපුරාලන සියලුම මාධ්‍යවේදීන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වීම බවත් ඔහු පැවසීය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණය මත බවත්, විශේෂයෙන්ම AI (කෘත්‍රිම බුද්ධිය) සහ NotebookLM වැනි නවීන තාක්ෂණික මෙවලම් භාවිතයට මාධ්‍යවේදීන් හුරු විය යුතු බවත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. ඉදිරි වසර පහ තුළ තාක්ෂණයට අනුගත නොවන අයට ක්ෂේත්‍රයේ රැඳීසිටීම දැඩි අභියෝගයක් වනු ඇති බවට ද හෙතෙම අනතුරු ඇඟවීය. මාධ්‍යවේදීන් නාගරික කේන්ද්‍රීය පුවත්වලට පමණක් සීමා නොවී, ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන වනඅලි ගැටලු සහ දරිද්‍රතාව වැනි සැබෑ සමාජීය ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ පුහුණුව සඳහා මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශයේ මාධ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

තැපැල් ආදේශකයන් 1000ක් ස්ථිර සේවාවට බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුවේ බාහිර ආදේශකයන් ලියාපදිංචි ආදේශකයන් බවට පත්කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. දැනට සේවයේ යෙදී සිටින වයස අවුරුදු 30 ඉක්මවූ ආදේශකයන් සම්බන්ධයෙන් සලකා බැලීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය සේවාවට බඳවා ගැනීමේදී නිර්ණායකයන් තිබෙන බවත් නමුත් මේ ආදේශකයන්ගෙන් ඇතැම් පිරිසක් වයස අවුරුදු 30 ඉක්මවා සිටියත්, වසර 8ක්, 10ක් තැපැල් කාර්යාල ආශ්‍රිතව සේවාව සැපයූ අය බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මෙම බඳවා ගැනීම සිදු කිරීමේදී වයස් සම්බන්ධ ගැටලුවක් පැමිණ ඇති බවත් මූලික බඳවා ගැනීම්වලින් පසුව ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

අද(17) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, වෘත්තීය ගරුත්වය සහ වෘත්තීමයභාවය ආරක්ෂා කර ගැනීම සහ අයිතිවාසිකම් කඩ වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටිම සඳහා නිසි ආයතනයක් පිහිටු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය ඒ  සඳහා වරලත් මාධ්‍ය ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද පැවසුවාය. එම වරලත් ආයතනය ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයිද ඇය පැවසුවාය.

මෙම ආයතනය පිහිටුවීමෙන් පසු නිසි ගරුත්වයෙන් යුතුව තම වෘත්තිය කටයුතු සිදුකරගෙන යාමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබෙන බවද පැවසුවාය.

මාධ්‍යවේදීන් වෙනුවෙන් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන මෙම වසරේදීත් ක්‍රියාත්මක කරන බවත් , මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය රක්ෂණාවරයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයිද ඇය සඳහන් කළාය.

විශේෂයෙන්ම  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා කිසිදු සමාජ ආරක්ෂණ වැඩසටහනක් නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය , ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවද පැවසුවාය.

තවද ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවල සේවකයින්ගේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවත්  මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල්වරයාගේ අත්සනින් ලිපියක්ද නිකුත් කර ඇතැයිද කීවාය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රය, කර්මාන්තයක් ලෙස සංවර්ධනය වී නොමැතිවීම ගැටලුවක් බවත් මෙම ක්ෂේත්‍රය කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරිය  

ජනමාධ්‍යවේදීන්ගේ සුබසිද්ධිය උදෙසා වත්මන් ආණ්ඩුව නිරන්තරයෙන්ම කටයුතු කරන බව ද අවධාරණය කළාය.  

රුපියල් කෝටි 59කට ආසන්න වටිනාකමකින් නව ලොරි රථ 10ක් සහ කෘව් කැබ් 20ක් ශ්‍රී ලංකා තැපැල් ප්‍රවාහන ජාලයට අද එක් කෙරිණි.

තැපැල් ප්‍රවාහන සේවාව තවත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී මෙම වැඩසටහන පැවැත්වුණි.

එමෙන් ම තැපැල්කරු මහතුන්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදාදීමේ නියමු ව්‍යාපෘතිය ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.

2025 අයවැය ප්‍රතිපාදන යටතේ ලබාදෙන මෙම නව වාහන COD, SLP Courier ඇතුළු සියලු තැපැල් භාණ්ඩ දිවයින පුරා වේගවත් හා විශ්වාසනීය ලෙස බෙදා හැරීමට යොදාගැනේ.

මෙය නවීන, කාර්යක්ෂම හා ජනතාවට සමීප තැපැල් සේවාවක් උදෙසා ගනු ලැබූ ශක්තිමත් පියවරක් ලෙස හැඳින්විය හැකි ය.

මෙරට ප්රමුඛ රාජ්ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්රී ලංකා සර්ට් (CERT) ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. නුතන ලෝකයේ සයිබර් ආරක්ෂණය යනු තවදුරටත් හුදු තාක්ෂණික කරුණක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථායිතාව සහ පොදුජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම, තොරතුරු යටිතල පහසුකම ක්රියාත්මක වන සියලු ආයතනවලට සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්යස්ථානය හරහා රජයේ වැදගත් තොරතුරු සඳහා ප්රවේශය ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මේ සඳහා අදාළ ප්රතිපත්තිමය තීරණය දැනටමත් ගෙන ඇති අතර, මෙම වසර අවසාන වන විට සෙසු රාජ්ය ආයතනද සයිබර් ආරක්ෂණ මධ්යස්ථානය සමඟ සම්බන්ධ කිරීම මෙහි දෙවන අදියර වශයෙන් ක්රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එහිදී ප්රමුඛ රාජ්ය ආයතන සඳහා මූලිකත්වය හිමි වන අතර එම ආයතන ජාතික විගණන කාර්යාලය මගින් විගණනයට ලක් කිරීමටද යෝජනා විය. මීට අමතරව, සියලුම රාජ්ය නිලධාරීන් ඩිජිටල් ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්යතාවද, ඒ සඳහා පුහුණු වැඩසටහන් නිසි අයුරින් ක්රියාත්මක කිරීමේ අවශ්යතාවද අවධාරණය කෙරිණි.
ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී සයිබර් ඔරොත්තු දීමේ හැකියාව රාජ්ය පාලනයේ සහ සේවා සැපයීමේ මූලික අංගයක් ලෙස සැලකිය යුතු බවත්, රාජ්ය වෙබ් අඩෙවි විවෘත කිරීම, රැන්සම්වෙයාර් ප්රහාර සහ තොරතුරු සොරකම් කිරීම වැනි සයිබර් තර්ජන හමුවේ අත්යවශ්ය සේවා බිඳ වැටීම වැළැක්වීමට සහ කළමනාකරණයට මෙම නව ක්රමවේදය මගින් අවස්ථාව සැලසෙන බවත් සඳහන් විය.
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්යස්ථානය මගින් රාජ්ය ආයතනවලට තත්කාලීන තර්ජන අධීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීම් සහ විධිමත් සම්බන්ධීකරණයකින් යුත් ප්රතිචාර දැක්වීමේ පහසුකම් සැලසෙන බැවින්, මෙය හුදෙක් අනුකූලතා අභ්යාසයක් නොව ආයතනික විශ්වාසනීයත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසද හඳුන්වා දෙන ලදී.
ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ වැඩබලන ලේකම් වර්ණ ශ්රී ධනපාල, ශ්රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ, ප්රධාන විධායක නිලධාරි ආචාර්ය කණිෂ්ක කරුණාසේන යන මහත්වරුද, ජනාධිපති කාර්යාලයේ සහ අග්රාමාත්ය කාර්යාලයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු සහ රජයේ වැදගත් තොරතුරු යටිතල පහසුකම් ක්රියාත්මක වන බවට හඳුනාගෙන ඇති රාජ්ය ආයතන 37ක ප්රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අප­හා­සා­ත්මක, අසත්‍ය ප්‍රකාශ කිරීම සහ එම ප්‍රකාශ ප්‍රචා­රය කිරීම සම්බ­න්ධ­යෙන් ජාතික නිද­හස් පෙර­මුණේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විමල් විර­වං­ශට සහ පෞද්ග­ලික රූප­වා­හිනි නාළි­කා­ව­කට එරෙ­හිව ජන­මාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා විසින් රුපි­යල් බිලි­ය­නය බැගින් වන්දි ඉල්ලා එන්ත­ර­වාසි යොමු කර තිබේ.

සිය නීති­ඥ­ව­රයා මඟින් ඇමැ­ති­ව­රයා මෙසේ එන්ත­ර­වාසි යොමු කර තිබෙන අතර, එහි සඳ­හන් ව ඇත්තේ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැ­ති­ව­රයා අසාධු ලේඛ­න­ගත ඖෂධ සමා­ග­මක අයි­ති­ක­රු­ව­කුගේ ණය කාඩ්ප­තක් භාවිත කර­මින් ඉන්දි­යාවේ දී මිලි­යන 1ක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහ­ජ­න­තා­වට හැඟ­වෙන සහ ඒත්තු යන ආකා­ර­යෙන් ප්‍රසි­ද්ධියේ ප්‍රකා­ශ­යක් සිදු කර ඇති බවයි.

2026-02-06 හෝ ඒ ආසන්න දිනක හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විමල් වීර­වංශ යන අය විසින් විදත්, මුද්‍රිත සහ අනෙ­කුත් අන්ත­ර්ජාල මාධ්‍ය කැඳවා පව­ත්වන ලද ප්‍රසිද්ධ රැස්වී­ම­කදී මේ බව පවසා ඇති බවත්, අදාළ පෞද්ග­ලික නාළි­කාව විසින් 2026.02.07 වැනි දින ප.ව.6.50ට විකා­ශය වූ ප්‍රවෘත්ති විකා­ශයේ Story of the Day නමින් විශේෂ ප්‍රවෘ­ත්ති­යක් ලෙස උක්ත ප්‍රකා­ශ­යට හැඳි­න්වී­මක් ද දී ප්‍රචා­රය කර ඇතැයි ද එහි දැක්වේ.

විමල් වීර­වංශ යන අය විසින් සිදු කළ මේ ප්‍රකා­ශය සම්පූ­ර්ණ­යෙන්ම අසත්‍ය සහ පද­න­ම්වි­ර­හිත ප්‍රකා­ශ­යක් වන අතර, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැ­ති­ව­රයා වශ­යෙන් වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ කීර්ති­නා­මය හා මහ­ජන විශ්වා­ස­යට ද්වේෂ­ස­හ­ගත ලෙස හානි කිරීමේ අර­මු­ණින් සිදු කරන ලද්දක් බව පැහැ­දි­ලිව පෙනී යන බව ද එහි දැක්වේ.

මෙය ප්‍රචා­රය කිරී­මට පෙර ඒ සම්බ­න්ධ­යෙන් විම­සී­මක් හෝ ඇමැ­ති­ව­ර­යා­ගෙන් කර නැතැයි එහි දැක්වෙන අතර, මේ වන විටත් අන්ත­ර්ජා­ලයේ සහ සමාජ මධ්‍ය අව­කාශ මේ ප්‍රකාශ උඩු­ගත කර ඇතැයි ද එහි සඳ­හන් කර ඇත.

ඒ අනුව ඉහත කී අප­හා­සා­ත්මක ප්‍රචා­ර­ණය හේතු­වෙන් සිය කීර්ති­නා­ම­යට සිදු කර ඇති හානිය වෙනු­වෙන් රුපි­යල් බිලි­ය­නය බැගින් ගෙවී­මට කට­යුතු කරන ලෙස විමල් වීර­වංශ යන අය සහ Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආය­තන වෙත සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සිය නීති­ඥ­ව­රයා මඟින් දැනුම් දී ඇත. නොඑසේ නම් ඉදිරි නීති­මය කට­යු­තු­ව­ලට එළැ­ඹෙන බව ද මෙහිදී දැනුම් දී තිබේ.

 
 
 
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter