ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියන‍ගේ මහතා පත් කර තිබේ. සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සාර්ථක සේවා කාලයකින් පසු විදේශගත වීම සඳහා එම ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කළ සේවාව වෙනුවෙන් උත්සවයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඊට අමාත්‍යාංශ ලේකම්වරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියන‍ගේ මහතා වෙත පත්වීම් ලිපිය ලබාදීම ද මෙහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.