දැඩි ආර්ථික පසු­බෑ­ම­කට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාව සතු­ටු­දා­යක ආර­ම්භක ප්‍රකෘ­ති­මත් භාව­යක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ප්‍රකෘ­ති­මත් වීම පිළි­බඳ ජපා­නය දැඩි විශ්වා­ස­ය­කින් පසු වන බව ජපා­නයේ විදේශ ඇමැ­තිනි කමි­කවා යොකෝ මහ­ත්මිය පැවැ­සු­වාය. ඇය මේ බව ප්‍රකාශ කළේ

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා සහ ජපා­නයේ විදේශ ඇමැ­ති­නිය අතර අර­ලි­ය­ගහ මන්දි­රයේ පෙරේදා (4) පැවති හමු­වේදී අද­හස් දක්ව­මිනි.

අග­මැ­ති­ව­රයා මෙහිදී ජපාන රජය විසින් සම සභා­ප­ති­ත්වය දරන ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, පැරිස් සමා­ජය සහ ඉන්දි­යාව, ප්‍රංශය සහ අනෙ­කුත් ආධාර සප­යන රට­වල සහය ඇතිව සිදු කෙරෙන ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලියේ ප්‍රග­තිය සම්බ­න්ධ­යෙන් ජපාන විදේශ ඇමැ­ති­ව­රිය දැනු­වත් කළේය.

අඩු ආදා­ය­ම්ලාභී සහ අව­දා­න­මට ලක් විය හැකි කොට­ස්ව­ලට සහය වීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා­සි­ටු­වීම සඳහා ඇස්වැ­සුම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳ­වද අග­මැ­ති­ව­රයා මෙහිදී කරුණු පැහැ­දිලි කළේය.

මේ ව්‍යාපෘති අත් කර­ගෙන ඇති ප්‍රග­තිය අගය කළ ජපාන විදේශ ඇමැ­ති­නිය චීනය සහ පෞද්ග­ලික ණය දෙන්නන් සම­ඟද ශ්‍රී ලංකාව ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ කට­යුතු කඩි­නම් කරනු ඇතැයි ජපා­නය අපේක්ෂා කරන බවද පැවැ­සු­වාය.

යෝජිත අනු­රා­ධ­පුර මහා­වි­හාර විශ්ව­වි­ද්‍යා­ලය ඇතුළු බෞද්ධ ආග­මික මධ්‍ය­ස්ථාන සඳහා පිරි­න­මන ආධාර සම්බ­න්ධ­යෙන් ජපා­න­යට ස්තුතිය පළ කළ අග­මැ­ති­ව­රයා බෞද්ධ දින දර්ශ­නයේ වඩාත් පූජ­නීය කාලය වන වෙසක් මාස­යේදී ජපාන ඇමැ­ති­ව­රිය ශ්‍රී ලංකා­වට පැමි­ණීම විශේ­ෂ­ත්ව­යක් බව පැව­සීය.

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති මිසු­කොෂි හිදෙකි, රාජ්‍ය ඇමැ­ති­ව­රුන් වන තාරක බාල­සූ­රිය, සුරේන් රාඝ­වන්, පියල් නිශාන්ත, පාර්ලි­මේන්තු මන්ත්‍රී යදා­මිණි ගුණ­ව­ර්ධන, අග­මැති අති­රේක ලේකම් හර්ෂ විජේ­ව­ර්ධන, කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති මහා­චාර්ය එච්. ඩී. කරු­ණා­රත්න මහ­ත්ව­රුද මේ හමු­වට එක් වූහ.