දිව­යින පුරා පිහිටි පාස­ල්වල සිසුන් ඉලක්ක කර පාසල් මාධ්‍ය සාක්ෂ­ර­තාව ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා ස්වාධීන රූප­වා­හිනී මාධ්‍ය ජාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් තබා ඇත.

ශ්‍රී ලාංකික පාසල් දරු­වන්ගේ සන්නි­වේ­දන සහ මාධ්‍ය අධ්‍ය­යන විෂය සංව­ර්ධ­නය සහ ඊට අදාළ වෘත්තී­ය­මය වටි­නා­කම ලබා­දීම/ දියුණු පාසල් මාධ්‍ය සාක්ෂ­ර­තා­වක් ගොඩ­නැ­ඟීම මෙහි අර­මු­ණයි. මෙම ව්‍යාපෘ­තිය මුළු දිව­යි­නම ආව­ර­ණය වන ලෙස සමස්ත පාසල් පද්ධ­ති­යම ආව­ර­ණය කර­මින් ක්‍රියා­ත්මක වීමට නිය­මි­තය.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය, ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය, ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව සහ ස්වාධීන රූප­වා­හිනී මාධ්‍ය ජාලය මෙම දැවැන්ත ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කරනු ලබයි.

මානව හිත­වාදී, ගුණා­ත්මක මාධ්‍ය සංස්කෘ­ති­යක් උදෙසා, පාසල් ජන­මාධ්‍ය සමාජ ප්‍රව­ර්ධන ජාතික වැඩ­ස­ට­හන යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ගේ මාධ්‍ය සාක්ෂ­ර­තාව වර්ධ­නය කිරීම සඳහා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය, රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව සහ ITN මාධ්‍ය ජාලය එක්ව සංවි­ධා­නය කරන මෙම වැඩ­ස­ට­හන යටතේ දිව­යින පුරා විසිරී සිටින පාසල් මාධ්‍ය සමා­ජ­වල සාමා­ජික සිසුන්ට සිය නිර්මාණ ඉදි­රි­පත් කිරීමේ අව­ස්ථා­වක් ද උදා­වනු ඇත‍. එම නිර්මාණ වෙනු­වෙන් පව­ත්වන ජාතික රාජ්‍ය සම්මාන උලෙ­ළක් Contents Colombo 2025 – Kids Version නමින් ලබන වසර අව­සා­න­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

මෙම අව­ස්ථාව සඳහා ජන­මාධ්‍ය අමාත්‍ය විජිත හේරත්, එම අමා­ත්‍යාං­ශයේ ලේකම්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල්, ස්වාධීන රූප­වා­හිනී මාධ්‍ය ජාලයේ සභා­පති ප්‍රියන්ත වෙද­මුල්ල ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.