මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ආරම්භ වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 100%ක් කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතු සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.
කෙසේ වුව ද, වසර ගණනාවක් පැරණි පරිගණක උපාංග හා යල්පැනගිය මෘදුකාංග භාවිත කරමින් වැඩසටහන් නිෂ්පාදනය කිරීමට සිදුවීම හේතුවෙන් ක්ෂේත්‍රයේ තරගකාරීව කටයුතු කරමින් ගුණාත්මක බවින් ඉහළ, ආකර්ෂණීය වැඩසටහන් විකාශය කිරීම ගැටලු සහගත වී තිබේ.
එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නංවාගැනීමට සහ විකාශන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි වන පරිදි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් සපයා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමුඛතා පදනම මත 2026 අය-වැය මඟින් වෙන්කර දීමට ඇමැති මණ්ඩලය විසින් තීරණය කර ඇත.