සිංහල සිනමාවේ 68වැනි උපන් දිනය හෙට 21දාට යෙදී ඇති අතර ජාතික චිත්රපට සංස්ථාව ආරම්භ කර 43 වසරක් සපිරීම නිමිති කර ගෙන විශේෂ සැමරුම් උත්සවයක් හෙට ජාතික චිත්රපට සංස්ථාවේ දී පැවැත්වේ. ප්රථම කථානාද චිත්රපටය ලෙස 'කඩවුණු පොරොන්දුව' තිරගත කිරීමෙන් ඇරඹි සිංහල සිනමාව 'අපි මැරෙන්නෙ නෑ' චිත්රපටය දක්වා චිත්රපට 1188ක් තිරගත කර ඇත.
මේ විශේෂ සැමරුම නිමිත්තෙන් චිත්රපට සංස්ථා පරිශ්රයේ ඉදිකළ බුදු මැදුර හෙට උදේ 9.22ට විවෘත කිරීමට නියමිතය. මෙදින සවස 5.30ට ටයටස් තොටවත්ත අධ්යක්ෂණය කළ 'හාර ලක්ෂය' චිත්රපටය සංස්ථා සිනමා ශාලාවේ දී තිරගත කිරීමට ද නියමිතය.