තමන් සම්බන්ධ ප්‍රවෘත්ති වටිනාකමක් නැති වාර්තා හා පින්තූර පළ කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය මාධ්‍යවල ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාට දැනුම් දී ඇත.මේ අතර ජනාධිපතිවරයා සම්බන්ධ සියලුම කටවුට් හා බැනර් ඉවත් කරන ලෙස ද දන්වා ඇත.