අභිනව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පොල්හේන්ගොඩ පිහිටි අමාත්‍යාංශයේ දී සුබ හෝරාවෙන් අද (16) උදේ සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා විසින් එතමාව පිළිගනු ලැබීය. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි නිළධාරීහු රැසක් සහභාගී වූහ.