නව කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත් කෙරුණු ගයන්ත කරුණාතිලක මහතා සිය ධුරයේ රාජකාරි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හෙට (16) භාර ගැනීමට නියමිතය. පුරා දශකයට අධික කාල සීමාවක් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ඒ මහතා පක්ෂයේ අර්බුදකාරී අවස්ථාවලදීද සමබරව කටයුතු කළ අයෙකි.කරුණාතිලක මහතා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එවකට රාජ්‍ය ආයතනයක රාජකාරි කළ ලාබාලම සභාපතිවරයා විය.