මේ දේශයේ සිදුවෙමින් පවත්නා සමගි සන්ධානයේ හා නැවත ගොඩනැඟීමේ සියුම් ක්‍රියාවලියෙහිලා විවිධ ආගමික සම්ප්‍රදායන්හි අනුගාමිකයන්ට අත්‍යවශ්‍ය කාර්යයක් තිබෙන බව තහවුරු වී තිබේ. ඒ ක්‍රියාවලිය සාර්ථක වන්නට නම් සමාජයේ සියලු සාමාජිකයින් එක්ව කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් සියල්ලන්ටම හඬක් ඇතැයි අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කළේය. ශුද්ධෝත්තම පාප් වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (13දා) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පැවැති පිළිගැනීමේ උත්සවය අතර තුරදී පිළිතුරු කතාව කරමිනි.