ජනමාධ්‍යවේදියකු, ගත් කතුවරයෙකු සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන කරුණාරත්න පරණවිතාන මහතා ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරනු ලැබ තිබේ. පරණවිතාන මහතා මීට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ, ජාතික රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ධූර දැරූ අතර 2010 සිට 2014 දක්වා කැනඩාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස සේවය කර ඇත.