ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන නීතියේ ආධිපත්‍ය සුරකින නිදහස් ස්වෛරී රටක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජන කරන සියලුම මන්ත්‍රීවරුන්ට සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට එක්වන්නැයි අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් ඊයේ (11) ඉල්ලා සිටියේය. අද ජීවත්වන ජනතාව මෙන්ම හෙට උපදින දරුවන්ට දුගී බවින් තොර යහ පාලනයක් හෙබි සදාචාර සම්පන්න රටක් බිහි කිරීම වෙනුවෙන් රටේ මුළු මහත් ජනතාව වෙනුවෙන් මෙම ඉල්ලීම කරන බව ද ජනාධිපතිවරයා කීහ.