ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වෙනි ජනාධිපතිවරයා තේරීමේ ජනාධිපතිවරණය අද (08) පැවැත්වේ. මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව 15,044,490 කි. එයින් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 545,500 කි.මැතිවරණ දිස්‌ත්‍රික්‌ක 22 පුරා ඡන්ද මධ්‍යස්‌ථාන 12,313 කදී ඡන්ද විමසීම සිදුකරන අතර ඒ සඳහා නිලධාරීහු එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ පමණ මැතිවරණ රාජකාරිවල නිරත වේ.