ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති මිනෝරු කියුචි මහතා පෙරේදා (7) ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එම අමාත්‍යාංශයේ දී හමු වී සාකච්ඡා කළ අයුරු.මෙහිදී යහ පාලනය පිළිබඳව ජපන් රජයේ පැසසුම හිමිවිය. තවද වර්තමාන මාධ්‍ය නිදහස පිළිබඳව ද ජපන් රජයේ සතුට පළවිය. දෙරට අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් විවිධ යෝජනා සාකච්ඡා විය.මෙහි දී ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සිහිවටන තිළිණයක් ද ඔවුන්ට පිරිනැමීය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.