ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් තර කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනිද්දා(13) පාන්දර 5.30ට ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය. මෙම සංචාරය මුළු ලෝකයේම අවධානය යොමුවන සංචාරයක් බවත් මේ පිළිබඳ ඉන්දියාව සජීවි වාර්තාකරණයක නිරතවෙන බවත් එහෙයින් පුර්ණ ප්‍රචාරයක් ලබා දෙන ලෙසත් ලේකම්වරයා ඉල්ලීමක් කළේය.