ශ්‍රී ලංකා‍ද්වීපයේ යහ පාලනයේ නව යුගයක උදාව සනිටුහන් වූ මොහොතේ එළැඹි 67 වැනි ජාතික නිදහස් දින සැමරුම අභිමානවත් මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවණීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී අද (4) උදේ වරුවේ පැවැත්වේ. මීට ශතවර්ෂ දෙකකට පෙර රටට අහිමි වූ නිදහස යටත්විජිත පාලකයන්ගෙන් දිනා ගැනීම උදෙසා අරගල කළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකයෝ, ජන නායකයෝ පෑ එඩි දැඩි ගුණ ස්මරණය කිරීම හා වත්මන් මතු පරපුරට ඒවා කාවැද්දවීම ජාතික නිදහස් දින මහෝත්සවයේදී මහත් අභිමානයෙන් සිදු කැරෙනු ඇත.