ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ මොහොතේ පත්තර මහගෙදර සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියි.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට සහභාගිව සිටී.
මෙහිදී ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා ඇතුළු පාලන අධිකාරිය සහ වෘත්තීය සමිති නියෝජිතයින් ද හමුවීමට නියමිත අතර ආයතනයේ අනාගත අභිවෘද්ධිය සඳහා අදාළ ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.