ඉදිරි මැතිවරණය සඳහා තැපැල් ජන්දය භාවිත කිරිමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයින් සදහා ලබන අගෝස්තු 5 සහ 6 යන දිනයන් වෙන් කර ඇති බව මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. පාසල් ගුරුවරුන්ට සිය තැපැල් ජන්දය භාවිත කළ හැකි දිනය වන්නේ එළඹෙන අගෝස්තු 03වනදායි.


එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා නාමයෝජනා භාරගන්නා අවසාන දිනය අගෝස්තු 13වනදා වන බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය සිය නිවේදනයේ තව දුරටත් සඳහන් කරයි.