ජූලි 09 වන දා සිට අගෝස්තු 09 වන දා Â දක්වා කාලය මත්ද්‍රව්‍ය නිවාරණ මාසය බවට ජනාධිපති කාර්යාලය නිවිදනය කරයි. ” මතින් නිදහස් රටක් ” යන තේමාව යටතේ දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි සමාරම්භක උත්සවය මෙම මස 09 වන දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ ප‍්‍රධානත්වයෙන් ජාඇල නගරසභා ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.