ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 47 වන ව්‍යවස්ථාව යටතේ 7 වන පාර්ලිමේන්තුවේ අගමැති, කැබිණට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු තවදුරටත් සිය තනතුරුවල කටයුතු කළහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. මෙම සංශෝධනයට ප‍්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිය තනතුරුවල කටයුතු කිරීමට තිබුණේ අගමැති හා කැබිණටි අමාත්‍යවරයාට පමණක් බව එම මහතා පැවසීය.