සිනමාව, වේදිකාව, පුංචි තිරයේ මෙන්ම ලේඛකයකු වශයෙන් ද විශිෂ්ට ප‍්‍රතිභාවක් පෙන්නුම් කළ ප‍්‍රවීණ රංගධරයකු වූ ටෝනි රණසිංහ මහතා 2015.06.16 වන දින (ඊයේ) අභවප‍්‍රාප්ත විය. එතුමා 1962 වසරෙහි දී සුගතපාල ද සිල්වා මහතාගේ "අපේ කට්ටිය" නාට්‍යය හරහා රංගන ක්ෂේත‍්‍රටයට පිවිසි අතර, "රන්තෝඩු' නාට්‍යයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

1963 වසරේ දී තිරගත වූ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ "ගම්පෙරළිය" චිත‍්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹු ටෝනි රණසිංහ, චිත‍්‍රපට 100කට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය දී ඇත. සරසවි, ස්වර්ණ සංඛ, ඕ සී අයි සී, ජනාධිපති ආදී සම්මාන උළෙල රැසක දී හොඳම නළුවාට හිමි සම්මාන දිනා ගැනීමට සමත් විය.

එම මහතාගේ දේහය මේ වන විට - සිරිදම්ම මාවත, කොළඹ 10. දරන තම නිවසේ තැන්පත් කර ඇති අතරÂ මහජන ගෞරවය පිණිස 2015.06.19 වන දින මධ්‍යහ්න 12.00 සිට ප.ව 02.00 දක්වා ජාතික කලාභවනේ තැන්පත් කරීමට කටයුතු යොදා ඇත.