ජනමාධ්‍ය ඇමැති ගයන්ත කැරුණාතිලක මහතා හා බංග්ලාදේශයේ ප්‍රවෘත්ති ඇමැති හසන් හක් ඉනු මහතා අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේදි ඊයේ (17) පැවැති හමුවේදි මෙම එකඟතාවට එළඹ ඇත.

ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය අතර ජනමාධ්‍ය සහයෝගීතාව ඇති කිරීමේ වැඩසටහනේදී පුහුණු පාඨමාලාවන් ඇතිකිරීමÂ මෙන්ම මාධ්‍යවේදින් හුවමාරු වැඩසටහන් ඇතිකිරීමටත් අපේක්ෂා කෙරේ.ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා බංග්ලාදේශ ප්‍රවෘත්ති ඇමැතිවරයා අතර පැවැති හමුවේදි, මෙරට ඇතිවී තිබෙන මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් හසන් හක් ඉනු මහතා සිය ප්‍රසාදය පළකැර ඇත.එමෙන්ම නව මාධ්‍ය සඳහා ලබාදී ඇති නිදහස පිළිබඳවද බංග්ලාදේශ ප්‍රවෘත්ති ඇමැතිවරයා සතුට පළකළ අතර ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල හා අදාළ වෙනත් ආයතන වලින් බංග්ලාදේශ සිසුන් හට ජනමාධ්‍ය ,සිනමාව ,ආදිය පිළිබඳව දැනුම ලබාගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

එමෙන්ම බංග්ලාදේශය තුළ ප්‍රජා ගුවන් විදුලි වැඩසටහන් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන බැවින් ශ්‍රි ලංකාව තුළ ප්‍රජා ගුවන් විදුලි සංකල්පය ප්‍රවර්ධණය කිරීඹට සහය ගබාදීමටද කැමැත්ත පළකළේය.