නව ගුවන් හමුදාපති ධූරයේ වැඩ භාරගත් එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමු විය.


ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඒ බව රාජ්‍ය නායකයා වෙත සැල කිරීමේ සම්ප්‍රදාය ඉටු කරමින් නව ගුවන් හමුදාපතිවරයා මෙලෙස ජනාධිපතිතුමා හමු වූ බව සදහන්. ගගන බුලත්සිංහල මහතා ශ්‍රී ලංකාවේ 15 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.