ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමාගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරයක් පිළිබඳව මේ දක්වා තමන්ට තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය උපුටා දක්වමින් බී.බී.සී සංදේශය අද අනාවරණය කළා.

තානාපති කාර්යාලයේ ප්‍රකාශක ජොෂුවා ශෙන් ඒ බව කියා ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පොරොන්දු වී ඇති බවට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය සමඟ කිසිදු විරසකයක් නොමැති බවත් මේ වන විට ජාත්‍යන්තර නායකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පෙළ ගැසීÂ සිටින බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.