රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සියලු ජනතාවට සහන සලසමින් ශ්‍රී ලංකා රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජාත්‍යන්තරය තුළ ප්‍රසාදය පළ වී තිබෙන බවත් එය අප රටක් වශයෙන් ලද ජයග්‍රහණයක් බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

අපේ රටේ පසුගිය කාලය තුළදි බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට යෑමේ දී විශේෂයෙන් අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ වැරදි මත හා වැරදි අවබෝධ තිබුණ බවත් අපේ රටේ ඇතැම් පිරිස් විදේශ රටවල් සමඟ කටයුතු කළ ක්‍රමය සහ ඇති කරගත් ප්‍රශ්න සමඟ විවිධ රටවල් අප සමඟ අමනාපකම් ඇති කර ගත් බවත් ශාන්ත බණ්ඩාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, එම මිතුදම් සම්බන්ධව එතුමාගේ විශ්වාසය සහ එතුමාගේ පාලනය පිළිබඳවත් මේ රටේ ඇතිව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනාධිපතිතුමා විශේෂයෙන්ම පසුගිය කාලයේ 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය හරහා තමන්ගෙ බලය ඇත් හැරීම පිළිබඳවත් මීළඟට ඇති කිරීමට සූදානම්වන 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ ඇතිවන නව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය සම්බන්ධවත් අද ජාත්‍යන්තරය තුළත් කතාබහ ඇති වෙලා තිබෙන බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරමින් රට තුළ ඇති කළ වෙනස්කම් 20 වැනි සංශෝධනය මගින්ද ඉටුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා ඊයේ පස්වරුවේ (04) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත දුරකතන ඇමතුමක් දෙමින් සිය ප්‍රසාදය පළ කර තිබේ. නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බව එක්සත් ජාතීන්ගේÂÂ සංවිධානයේÂÂ මහලේකම් බෑන්කි මූන් මහතා එම සංවාදයේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.