2015 ජගත් පරිසර දින සැමරුම් මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී පැවැත්විණි. “ බිලියන 7 ක ජනකායක් - එක මිහිමඩලක් - අරපරිස්සම් වෙමු “ , තේමාව යටතේ පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් පාරසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව එක්ව මෙම උත්සවය සංවිධාන කර තිබු අතර ඒ නිමිත්තෙන් සංවිධාන කරන ලද ප්‍රදර්ශනයක්ද ආරම්භ කෙරිණි.