අගෝස්තු 17 දින පැවැත්වෙන මහ මැතිවරණය නීරික්ෂණය කිරීමට විදේශීය නිරීක්ෂකයන්ගේ සහාය ලබාගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව යුරෝපා සංගමයට අයත් මැතිවරණ නිරීක්ෂකයන් 70ක් පමණ මැතිවරණ නිරීක්ෂණය සඳහා සහභාගී වනු ඇති බවත් ලබන සඳුදා දින එහි ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) මැතිවරණ කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය වෙත ලිපියක් යොමු කොට ඇති බවත් නිරීක්ෂණ කටයුතු සඳහා හයත් දහයත් අතර සංඛ්‍යාවක් පැමිණෙන බව මැතිවරණ කොමසරිස්වරයා පැවසීය.
එමෙන් ම සාර්ක් රටවලින් නිරීක්ෂකයන් 30ක් සහභාගීවීමට නියමිත අතර එය සෘජුවම මැතිවරණ දෙපාර්තමේන්තුව මැදිහත්වී සිදුකෙරෙන බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.