සංඛ්‍යාලේඛන කටයුතු සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් දකුණු ආසියානු කලාපයේ රටවල් වල සංඛ්‍යාලේඛන එක් රැස් කරන නිල සංඛ්‍යාලේඛන ආයතනයන්හි ප්‍රධානීන්ගේ සමුළුව (SAARCSTAT ) ජූලි මස 23 සහ 24 දෙදින තුළ කොළඹල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. කලාපයේ දරුවන්ගේ අධ්‍යාපන විෂමතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම පිණිස මෙවර සමුළුව "අධ්‍යාපන සංඛ්‍යාති" යන තේමාව මුල් කරගනිමින් පැවැත් වේ.

2005 වසරේ ඉන්දියාවේ කල්කටා නුවරදී මුල් වරට පවත්වන ලද මෙම සමුළුවේ මූලික අපේක්ෂාවන් අතර කලාපයේ රටවල් අතර කාලීන සහ සංසන්දනය කළ හැකි සංඛ්‍යාලේඛන තුළින් ප්‍රතිපත්ති සඳහා මුලපිරීම සහ සැළසුම් කිරීමල සංකල්ප, අර්ථ දැක්වීම් සහ වර්ගීකරණ හුවමාරුවල ජාත්‍යන්තර යහ ක්‍රමවේදයන්ට අනුකූලවීම, නිල සංඛ්‍යාති ප්‍රචලිතකිරීම සහ දියුණු කිරීම සහ මානව සම්පත් සංවර්ධනය කිරීම ප්‍රධාන වේ. පසුගිය වසරේ මෙම සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති අතර එහි දී 2015 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනමන ලදී.

ඒ අනුව මෙවර සාර්ක්ස්ටැට් සමුළුව හත් වන වරට පැවැත්වෙන අතර එය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ නිළ සංඛ්‍යාලේඛන එක්රැස් කරන ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබයිග මෙහිදී සත්කාරක රට වන ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා හත් වන සමුළුවේ සභාපතිත්වයට නිල වශයෙන් පත් වේ.

සමුළුවේ සමාරම්භක සැසියල ප්‍රතිපත්ති සැළසුම් සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 23 දින පෙරවරුවේ පැවැත් වේග මේ සඳහා දකුණු ආසියානු කලාපයට අයත් වන ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, භූතානය, මාලදිවයින සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල සංඛ්‍යාලේඛන ප්‍රධානීන් සහ නියෝජිතයින්ද, නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි සාර්ක් මහලේකම් කාර්යාලයේ නියෝජිතයින් දල විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාර්ක් අංශයේ නියෝජිතයන් සහ ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පරිහරණය කරන දේශීය සහ ජාත්‍යන්තර ආයතන රැසක නියෝජිතයින් ද සහභාගී වීමට නියමිතයි.