සංඛ්‍යාලේඛන කටයුතු සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් දකුණු ආසියානු කලාපීය රටවල්වල සංඛ්‍යාලේඛන එක් රැස් කරන නිල සංඛ්‍යාලේඛන ආයතනයන්හි සාර්ක්ස්ටැට් :(SAARCSTAT) - සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ 23- ආරම්භ විය.

සත්වැනි වරට පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක සැසිය ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කත්සිරි ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

 අද (24) දිනයේද මෙම සමුළුව පැවැත්වෙන අතර කලාපයේ දරුවන්ගේ අධ්‍යාපන විෂමතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම පිණිස මෙවර සමුළුව ,අධ්‍යාපන සංඛ්‍යාති, යන තේමාව මුල් කරගනිමින් පැවැත්වේ.

එය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන එක්රැස් කරන ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබයි. මෙම සමුළුවේ සත්කාරක රට වන ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා මෙම සමුළුවේ සභාපතීත්වයට නිල වශයෙන් පත් විය.