මැතිවරණ කාලසීමාව තුලදී තමන් විසින් භාවිත කරන නිළ වාහන තුන සඳහා රජයට අය විය යුතු මුදල් රජය වෙත ගෙවීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව රජයට ගෙවිය යුතු මුදල් ජනමාධ්‍ය අමාත්‍යාවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට අද භාරදෙනු ලැබීය.

මෙහිදී අමාත්‍යාවරයා විසින් රුපියල් ලක්ෂ 03ක් වටිනා චෙක්පතක් ලේකම්වරයා වෙත ලබා දී ඇත.