මාල දිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙල ඉතා අභිමානවත් අයුරින් ඊයේ (26) පස්වරුවේ මාලේ අගනුවර ඪරුබරුගෙ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී.නිදහස් දින උත්සවයට සහභාගී වී සිටි සෙසු රාජ්‍ය නායකයන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.