හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කරයි.
ඊයේ (29) දහවල් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයේ සිය ශෝක පණිවිඩය සටහන් කරමින් ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජි මැතිතුමා වෙත සිය බලවත් කණගාටුව ප්‍රකාශ කළේය.
මේ අතර ජනාධිපතිතුමා විසින් ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් නිකුත් කළ විශේෂ ශෝක පණිවිඩය ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජි මැතිතුමා වෙත භාර දීම සඳහා අමාත්‍ය ඩීග එම්. ස්වාමිනාදන් මහතා ඊයේ දහවල් ඉන්දියාව බලා පිටත්ව ගියේය.