මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද දිනයේ ආරම්භ වෙයි. අද දිනය තුළ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් පවසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

තේරීම්භාර නිලාධාරීවරුන්ගේ උපදෙස් පරිදි තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන වෙත එම කණ්ඩායම යොමු කෙරෙනු ඇති.

මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ බවÂÂ තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.