65 වන වරටත් සංවිධානය කරනු ලබන ඛෙල්ලන්විල වාර්ෂික ඇසළ මහා පුණ්‍යොත්සවය ජුලි මස 30 වනදා සිට අගෝස්තු 16 වනදා දක්වා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බව ඊයේ(2015.08.04) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඛෙල්ලන්විල රාජමහා විහාරාධිපති ඛෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ පවසා සිටියහ.
චාරිත්‍රානුකූලව පවත්වන ආශීර්වාදාත්මක පුණ්‍යොත්සවය වශයෙන් ඛෙල්ලන්විල ඇසළ මහා පුණ්යොaත්සවය සුවිශේෂී වේ. දින 16 ක් පුරා පැවැත්වෙන පුණ්‍යොත්සවය මාලාව ආරම්භ වූයේ අගෝස්තු 02 වෙනි දින ඇරඹුණු සති පිරිත් දේශනයෙනි. අගෝස්තු 05 වනදා ඇසළ පුණ්යොaත්සවයේ කප් සිටුවීමේ උත්සවය පැවැත්වේ. අගෝස්තු 08 වෙනිදායින් අවසන් වන සතිපිරිත් දේශනයෙන් අනතුරුව දේව දූත පෙරහැර හා කුඹල් පෙරහැර පැවැත්වීමට නියමිතය.
අගෝස්තු 09,10,11,12 යන සිව්දිනයන්හිදී පැවැත්වෙන මල් පෙරහැරින් අනතරුව අගෝස්තු 13, පාවාඩ පෙරහැරත්, 14 වනදා රන්සිවිලි පෙරහැරත්, පවත්වනු ලබයි. අලි ඇතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අවසන් මහා රන්දෝලී පෙරහැර අගෝස්තු 15 වනදා පැවැත්වීමෙන් අනතුරුව 16 වනදා පැවැත්වෙන දිය කැපීමේ උළෙලින් මෙම පුණේයා්ත්සවය අවසන් වේ.
ආරක්ෂිත හේතුන් මත මෙවර පෙරහැර ගමන් ගන්නා මාර්ගය තරමක් කෙටිවන බව මෙහිදී මහානායක හිමියන් විසින් පවසා සිටි අතර ඒ අනුව පෙරහැර වීදී සංචාරය ලබන්නේ දෙහිවල මහරගම ප්‍රධාන මාර්ගය, ඛෙල්ලන්විල ශ්‍රි සෝමරතන මාවත, සහ ඛෙල්ලන්විල විහාර මාවත ආවරණය වන පරිදිය.
ඛෙල්ලන්විල රාජමහාවිහාරාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය ඛෙල්ලන්විල ශ්‍රි සෝමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් 1950 වසරේදී ඇරඹි මෙම ඇසළ මහා පුණ්යොaත්සවය ශ්‍රි ලංකේය සංස්කෘතිය අභිමානය විදහාපාමින් පැවැත්වෙන ජාතික මහා පුණ්‍යොත්සවය.
මෙම පුණ්‍ය උත්සවය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට ඛෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා, සහ ඇසළ පෙරහැර කමිටුවේ ගරු සභාපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා, කමිටුවේ ගරු ලේකම් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර මහතා, කමිටුවේ භාණ්ඩාගාරික රූබන් වික්‍රමාරච්චි මහතා, සහ මාධ්‍ය සම්බන්ධීකාරක ආරිය රූබසිංහ මහතා යන මහත්වරුන්ද සහභාගී විය.