අගෝස්තු මස 17 වන දින දිවයින පුරා ඇති සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි. ඒ 2015 පාර්ලිමේන්තු මහා මැතිවරණය හේතුවෙන් ඇතිවිය හැකි උණුසුම් තත්ත්වයන් අවම කරගැනීමේ අරමුණින්. සුරාබදු කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ එ් අනුව එළඹෙන සදුදා දින තුළ පමණක් එම නීතිය ක‍්‍රියාත්මක බවයි.