එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිවුවැනි වතාවටත් ශ්‍රි ලංකාවේ අගමැතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ අද (21) පෙරවරුවේ දිවුරුම් දෙන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතා මුල් වරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ලැබුව 1993 වසරේ මැයි මස 07 දාය. ඒ ජනාධිපති ඩී.බී.විජේතුංග මහතා ඉදිරියේය. 1993 වසරේ අගමැති ධුරයට පත් වීමට පෙර වික්‍රමසිංහ මහතා කර්මාන්ත විද්‍යා සහ තාක්ෂණික, අධ්‍යාපන, තරුණ කටයතු යන කැබිනට් ඇමති ධුරයන්ද හෙබවීය‍. දෙවන වතාවට 2001 ව‍සරේ ‍දෙසැම්බර් මාසයේද තුන්වැනි වතාවට මේ වසරේ ජනවාරි 09 දාද වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිව්රුම් දෙනු ලැබීය.

වික්‍රමසිංහ මහතා මෙවර අගමැති ධුරයට පත් වූයේ මහ මැතිවරණයෙන් ජන්ද 5,098,927 ක් ලබා ආසන 106 කට හිමිකම් ලැබූ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙනි.